Saturday, November 12, 2011

නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )


[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද මගේ ස්තූතියි.]

"මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන් උපුටා ගන්නා ලදි...

නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )
"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන..."



මේ උදා වූ හිරුගොත් වංශයේ උපන් තුන් ලොවක් සනහා වදාළ අප මහා ගෞතම මුනිරජුන් සම්මා සම්බුද්ධත්වයට පත් වී ගෙවී යන 2600 වසරයි.2600 වන ඒ උතුම් වස්සාන සමය ද නොබෝ දා ගෙවී අවසන් විය.බිනර පුන් පොහෝ දිනයෙන් අවසන් වූ වස් තුන් මස පුරාවට ලක්වාසී මෙන් ම ලෝවාසී බොදු ජනයා අනේකවිධ පින් සිතුවිලි සිත් සතන් තුළ ජනිත කරගනිමින් ජීවිත සන්තානය උදෙසා මහානීය වූ පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගන්නට විය.ලක්දිව පුරා විසිරී පැතිර පවතින්නා වූ වෙහෙර විහාරස්ථාන ඇසුරු කරගනිමින් පළමු කඨින චීවරය හේවිසි හඬ මධ්‍යයේ, අලි ඇතුන් පිරිවැරූ මහා පෙරහරින්, සැදැහැතියන්ගේ සාදු හඬ මධ්‍යයේ වැඩමවා තුන් ලොව පුද සත්කාර ලබන්නට සුදුසු වූවන් අතරින් අග්‍ර වූ තුන් ලොවක් දිනූ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම පූජා කරන්නට විය. 

අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් උපදවන කඨින චීවර පූජාව පිළිබඳ තොරතුරු සඳහන් කළේ ලියන්නට යන ලිපියට නිමිත්තක් ලෙසයි.වසර 5කට පෙර සිදු වූ සිදුවීමක් නැවත ආවර්ජනය කරන්නට මෙම බිනර පුන් පොහෝ දිනය උපකාර විය.කඨින චීවර පූජාව සිදුවන සෑම වසරක ම ඔක්තෝම්බර් මාසය උදාවන විට නිසැකයෙන් ම මා හට එක කරුණක් සිහිපත් වේ.එය සිදු වී වසර කීපයක් ගත වුවත් අදටත් ඒ සිදුවීම මා මනැසේ සිතුවමක් සේ ඇදී යයි.බොහෝ මිනිසුන්ගේ ජීවිතවල සිදුවන සිදුවීම් ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත ඉරණම ම වෙනස් කරන්නට සමත් වේ.මෙහි සටහන් වන්නේ ද එවැනිම තවත් සත්‍ය සිදුවීමකි.මෙහි සටහන් වූ කථාව අප සැමදෙනාගේ ම ජීවිත යහපත් කරවන්නට ඉමහත් රුකුළක් වනු ඇත. 

මෙම කථාවේ කථානායකයා බදුල්ල ප්‍රදේශයේ බොහෝ දෙනා දන්නා හඳුනන කෙනෙකි.ඔහු දරුවන්ට කාරුණික පියෙක්, බිරිඳට දයාබර සැමියෙක් වුවා සේ ම ඥාතීන්ට විසල් නුග රුකක් විය.නමුත් තරුණ වියේ දී ඇසුරු කරන්නට වුණ පාපී මිත්‍රයන් නිසා ඔහු තදින් ම මත්පැනට ඇබ්බැහි වූවෙකි.දිවියේ මැදි වියේ පසු වුවත් බලවත් ව බීමට ඇබ්බැහි වූ ඔහුට කොතෙකුත් මත්පැන් බීමේ ආදීනව පැවසුව ද ඉන් මිදීම අපහසු කරුණකි.

අප සැමදෙන ඔහුට කරුණු කාරණා පවසමින් ආදීනව පසක් කර දෙන්නට උත්සුක වූයේ ඔහු අපගේ ළඟ ම ඥාතියෙක් වූ නිසාවෙනි.

"ඔය බීම දැන්වත් නවත්තන්න.බීවොතින් යන්න වෙන්නේ අපායේ තමයි.බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවනේ.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළොත් නිරයට යන්න වෙනවා කියලා...."   

එවිට ඔහුගේ මුවින් පිටවන්නේ මත්පැනට ඇබ්බැහි වූ බොහෝ අය ලබා දෙන පිළිතුර ම ය.

"ඔය පොඩ්ඩක් බිව්වා කියලා අපායේ යන්නේ නෑ.බුදුහාමුදුරුවෝ කිව්වේ මද පමණින් බොන්න කියලා.අප උඹලට කලිනුයි පන්සල් ගියේ.අපත් ඔය ධර්මය දන්නවා.මං බිව්වා කියලා යුතුකම් පැහැර හරින් නෑනේ.අනික කාටවත් කරදරයක් කරන්නෙත් නෑනෙ."

එසේ කියා නිරයට විහිළු ද කරයි. 

"හා...බලා හිටපල්ලකෝ අපි අපායට ගිහින් යමපල්ලොන්ටත් ගහල එන්නේ.අපිට කොහෙත් එකයි."

එවිට කටපියාන පැත්තකට වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වන්නේ නැත.භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම පැවසූවේ සත්‍යක් ම ය.මේ ධර්මය සවනතට ඇසුනේ නැත්නම් මිනිසුන් විනාශ වෙනවා ම යි.

කාලය වේගයෙන් ගෙවී යන්නට විය.ඒ 2006 වර්ෂය යි.ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වූ ඔහුට එම වසරේ කඨින පින්කම භාර වුණි.කෙතරම් වැරදි කළත් සසරේ කළ පිනට බෞද්ධ පවුලක උපන් ඔහුට මේ අවස්ථාව ඔටුනු පැළදුවා හා සමාන විය.දිවා රෑ ඔහුගේ සිතේ රැඳී තිබුනේ කඨින පින්කම යි.නිතර ම කථාව ද පළමු කඨින චීවරය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ගැනයි.කඨින චීවරය හිසේ තියා ගෙන හේවිසි හඬ මධ්‍යයේ මහා පෙරහරින් පන්සලට යන අන්දමත් එය භාග්‍යවත් අරහත් මුනිඳුන් උදෙසා පූජා කරන අන්දම ඔහුට මැවී පෙනෙන්නට විය.අගෝස්තු මාසය උදා විය.කඨින පිනකමට තව ඉතිරි ව ඇත්තේ සති කීපයක් පමණි.

හදිසියේ ම එක් රාත්‍රියක එක් රාත්‍රියක ඔහු බලවත් ව අසනීප විය.පපුව අල්ලමින් කෙඳිරි ගාන්නට විය.නිවැසියන් ඒ රාත්‍රියේ ම ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි.වෛද්‍ය වාර්තා ද ඊ. සි. ජි වාර්තා ද අනුව රෝගය තරමක් බරපතළ බව සොයා ගත්තේය.වෛද්‍ය මතය වූයේ දින කීපයක් රෝහලේ රැඳී සිටිය යුතු බව ය.තනියට ඔහුගේ සොහොයුරෙකු ද ළඟ නවත්වා අපි නිවසට ගියෙමු.

රාත්‍රී 2ට පමණ ඔහු හදිසියේ අවදි වූයේ ළඟහුන් තම සොහොයුරාගේ අත ද අල්ලා ගනිමිනි.ඇඟ සීතල වෙන බව පවසනවාත් සමඟ ම ඇස් උඩ ගියේය.පපුවෙන් අමුතු ශබ්දයක් ද ආයේ ය.හුස්ම ගැනීම ද නතර විය.මුසල අනතුරක සේයා දුටු සොයුරා වෛද්‍යවරුන් කැඳවන්නට විය.වෛද්‍යවරුන් විනාඩි 10ක් පමණ උත්සහ කළ ද ඔහුගෙන් පිළිතුරක් නැත.වෛද්‍යවරුන් උත්සහය අත හැරියේ 'දැන් වැඩක් නෑ' කියමිනි.ඥාති සොයුරාට දැන් මුළු ලොව ම අමතක ය.තම සොයුරා මිය ගිය පුවත නිවසට දැන්විය යුතුය.දැන් ඔහු කළයුත්තේ කුමක් ද කියා සිතා ගත නො හැකිව දෙලොවක් අතර තනි වී ඇත.  

ඒත් අසාමාන්‍ය වාසනාවක් රෝගියා සොයා පැමිණෙමින් තිබුණේ ය.රාත්‍රී සේවයට වාර්ථා කළ නවක වෛද්‍යවරියක් හදිසියේ ම රෝගියා ළඟට දිව ආවා ය."ඉක්මනට ඔය මනුස්සයා ව අනිත් පැත්ත පෙරළන්න." හදිසියේ පැමිණි වෛද්‍යවරිය එක්වර ම රෝගියා ව මුනින් අතට පෙරළුවේ ය.එතෙක් නිසොල්මනේ සිටි රෝගියා එක්වර ම හුස්මක් පිට කරන්නට විය.නැවතත් ඔහුට වගා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය.දින කීපයක් පියවි සිහියක් නොමැතිව විටින් විට සිහිමූර්ඡා වෙමින් සිටි ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණේ ය.

නිවසට පැමිණි ඔහු දැන් අත්භූත අමුතු කථාවක් පවසන්නට විය.කාටවත් නො තේරෙන මේ කථාව ඇසීමට මම නො ඉවසිලිමත් වීමි.

අසනීපයේ වේදනාව අමතක කරමින් ඔහු කථාව ඇරඹීය.

"මගේ ඇඟ එකපාරට ම සීතල වුණා.එතකොට ම හුස්ම ගන්න අමාරු වුණා.එකපාරට ම ඔක්කොම අඳුරු වුණා.පාවෙලා වගේ අඳුරු තැනකට මාව ඇදිලා ගියා.එක පාරට ම කවුදෝ යක්කු දෙන්නෙක් වගේ මහා භයානක දෙන්නෙක් ඇවිත මාව අල්ල ගත්තා.ඒ අය ළඟ ආයුධත් තිබුණා.ඒවා නිතරම වෙනස් වෙනවා.මම කෑ ගහලා දඟලන්න පටන් ගත්තා.එතකොට මගේ අත් තදින් ගැට ගහලා අඳුරු තැනකට මාව ඇදගෙන ගියා.මම ඒ බැමි ලිහා ගන්න,ලිහා ගන්න ආයෙත් ඒ අය මාව බඳිනවා.ඒ බැඳපු විදියට තාමත් මගේ අත් දෙක රිදෙනවා."

ඔහු තම අත් පෙන්වමින් එසේ පැවසුවේ අප කවුරුත් තැති ගන්වමිනි.

"ඊට පස්සේ මාව ඇදගෙන එක තැනකට එක්කන් ගියා.මම කොච්චර කෑ ගැහුවත් කාටවත් ඒක ඇහෙන් නෑ.එතැන තව ගොඩක් අය හිටියා.මම එතැන ඉඳන් හයියෙන් කෑ ගැහුවා.මම මිනිසුන්ට කරපු උදව් සිහි කර කර කෑ ගැහුවා.ඒත් කවුරුත් ඒවා අහන් නෑ.අන්තිමට මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.එතකොට දැක්කා ඔටුන්නක් දා ගත්ත මහ ලොකු කෙනෙක් ව.එයා හරි භයානක පාටයි.එතැන මම වගේ ම අසරණව කෑමොර දෙන ගොඩක් අය හිටියා."

මේ කියන්නේ අපාය ගැන විස්තරයක්වත් ද? ඒ ඔටුනු දරන්නේ යම රජුන්වත් ද? මගේ සිත දැන් සූත්‍ර පිටකයේ, මැදුම් සඟියේ දේවදූත සූත්‍රය වෙත ඇදී යයි.බුදු සමිඳුන්ගේ ගම්භීර දේශනාවක් වන එහි නිරයේ විස්තර ඇතුළත් වේ.අතිශය භයානක දුකින් පිරුණු නිරයේ විස්තර උන්වහන්සේ නුවණින් දැක වදාළේ මහා කරුණාවෙන් ම ය.එම උතුම් සූත්‍ර දේශනාවේ දී නිරි සතා නිරයට ගිය විට යමපල්ලන් යම රජු වෙතට ඔහුව ඇදගෙන යන බවත් යම රජුන් මුණ ගැසෙන බවත් ඔහුගෙන් ප්‍රශ්න අසන බවත් සඳහන් ය.එසේ නම් මොහු දැක ඇත්තේ යම රජුන් ද?
මා සිත දැන් කුහුලින් වෙලී යයි.ඔහු නැවතත් කථාව ඇරඹීය.

"ඊට පස්සේ මම හයියෙන් කෑ ගහන්න වුණා.මට යන්න දෙන්න කිව්වා.ඒත කවුරුත් ඒක අහන් නෑ.හැම තැනින් ම එන්නේ විලාප හඬ."  

අහෝ! මිනිස් ලොව සිටිය දී කුසලයේ නො යෙදීමේ විපාක කෙතරම් බියකරු ද? ඒවා විපාක දෙන විට විඳින්නට වන්නේ තනිව ම ය.එවිට ළඟ සිටි ඥාතීන් යහළුවන් කිසිවෙක් නැත.දැන් ඔහුට ද එසේ ම ය.උදව්වට කිසිවෙක් නැත.ළඟින් සිටි පාපී මිත්‍රයන් ද නැත.කුමක් කරන්න ද? දැන් ඔහු පමා වැඩි ය.

ඒත් ඔහුට එකවර ම යමක් මතක් වූයේ ය.ඒ ඔහු ආසාවෙන් ම සිටි දෙයයි.ඒ ඔහු නිතර නිතර සිහින මැවූ පන්සලේ කඨින පින්කම යි.ඔහු මහා හයියෙන් හඬනගා කෑ ගැසුවේ ය.

"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන.මට යන්න දීපල්ලා.....මට කඨින පින්කමට යන්න ඕන....."

එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.

"උඹ භය වෙන්න එපා....උඹව යව යි...."

ඔටුනු පලන් පුද්ගලයා තමන් වගේ ම පැමිණි පිරිසගෙන් යමක් අහනවා දැන් ඔහුට පෙනෙයි.ක්‍රමයෙන් ඔහුගේ වාරය ද එළඹුණේ ය.ඉදිරියට රැගෙන ගිය ඔහු දැන් ඔටුනු පලන් පුද්ගලයා ඉදිරිපිට ය.

"මට යන්න දෙන්න.මට කඨින පින්කමට යන්න ඕන.අනේ! මට යන්න දෙන්න...."

ඔටුනු පැලඳූ පුද්ගලයා ඔහු අමතන්න ට විය.

"මම උඹට යන්න දෙනවා.උඹට එන්න තව කල් තියෙනවා.උඹ කඨින පින්කමට පලයන්...."

දැන් නම් මා හට යමක් පැහැදිළි ය.මොහු මේ කියන්නේ ඒකාන්තයෙන් ම නිරයේ විස්තරය යි.ඔටුනු පලන් පුද්ගලයා යම රජු විය යුතු ම ය.

එතැන් පටන් ඔහු ජීවිතයේ දකින අතිශය භයානක ම දසුන දකියි.යමපල්ලන් දැන් ඔහු ඇදගෙන යන්නේ නිරය මැදින් ය.

ඔහුට දැන් ඉදිරියෙන් පෙනෙන්නේ විසල් පොලිමකි.ගැහැණුන් ද පිරිමින් ද දුකින් පිරුණු මුහුණින් එහි එහි රැඳී සිටියි.යමපල්ලන් දෙදෙනෙක් ඔවුන් ව කොටස්වලට වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.සොරකම් කළ අය වෙන වෙන ම වෙන් කරයි.වැරදි කාම සේවනය කළ අය වෙන වෙන ම වෙන් කරයි.බොරු කියූ අය වෙන වෙන ම වෙන් කරයි.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළ අය වෙන වෙන ම වෙන් කරයි.

මනු ලොව මිනිසුන් දුස්සීල වී කරනා හපන්කම් සියල්ල මෙහි සටහන් වන අයුරු ඔහුට දැනෙයි.එහි කිසිවක් සැඟවිය නො හැක.සියල්ල ම එහි සටහන් ය.

එක් එක් කාණඩයට වෙන් කළ අය වෙන වෙන ම දඬුවම් සඳහා ගෙන යන බව ඔහුට මතක ය.යමපල්ලන් තවත් ඉදිරියට ඔහු රැගෙන යයි.මහා පුදුමයකි.කුඩා කල ඔහු බණට ඇසූ විසල් කටු ගස් දැන් ඔහු ඉදිරියේ ය.භයානක කටු ඇති විසල් කටු ඉඹුල් 4ක් හෝ 5ක් එහි තිබුණු බව ඔහුට මතක ය.එතැන ද මහා පෝලිමකි.ඒ පෝලිම තමන් මිනිස් ලොව සිටිය දී කර ගත්තා වූ අකුසල් කර්ම විඳවන්න ඇති පෝලිමයි.යමපල්ලන්ගේ ඇමතීමෙන් තමන් කැමති වුණත් අකමැති වුණත් කටු ඉඹුලේ නැගිය යුතු ම ය.

දැන් මගේ මුළු ඇඟ ම සීතල වී යයි.චිත්‍රපටියක රූප රාමු මෙන් මේ සිදුවීම් එකින් එක මා මනැසේ ඇඳී යයි.අප සංසාරේ කීවරක් මේ කටු ඉඹුලේ නගින්නට ඇද්ද? අපේ ළඟින් සිටි අපට කරුණාව දක්වපු අපේ අම්මලා,තාත්තලා ,ඥාතීන් කීදෙනෙක් දැන් කටු ඉඹුලේ නගිනවා ඇද්ද? අහෝ! මනුලොව සිටිය දී සැප සොයා මිනිසුන් කරනා වැරදිවල විපාක ඒකාන්තයෙන් ම භයානක ය.

අපේ කථානායකයා දැන් තව තවත් ඉදිරියට යයි.හැම තැන ම වේළී ඇඹරී ගිය දුකින් පිරුණු මුහුණු ය.නිමක් නැති විලාප හඬ ඉවසිය නො හැක.තවත් ඉදිරියට ගිය ඔහු තවත් අසාමාන්‍ය දෙයක් දකියි.

"මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.යනකොට දැක්කා බුබුළු දාන රතු පාට ගඟක් වගේ එකක්.ඒක හරි විසාල යි."

මෙතෙක් කථාව අසා සිටි මට ද මේ සිදුවීම් පිළිබඳ ව සැකයක් නො තිබුණා නො වෙයි.මා ද සොයමින් සිටියේ මෙය නිරයේ සිදුවීමක් බවට ප්‍රත්‍යක්ෂ කළ හැකි සාක්ෂියකි.බුබුළු දාන ගඟක්....එක් වරම මට මතක් වූයේ දේවදූත සූත්‍රයේ සඳහන් ලෝකුඹු නිරයයි.එහි මෙසේ සඳහන් වේ.

"ඔහු ව කකුල් උඩ අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා.එතන දී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු දේහයක් ඇතුවයි.ඉතින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරි සතා පැහි පැහී එක වතාවක් උඩට එනවා.ආයෙමත් යටට යනවා...." 

එසේ නම්, දැන් මොහු පවසන්නේ මේ ලෝකුඹු නිරය විය යුතු ය.ජීවත් ව සිටි කල ඔහු දේවදූත සූත්‍රය කියවා නැති බව ඒකාන්ත ය.බුබුළු දමන නිරයක් ගැන ද ඔහු අසා නැති බව ඒකාන්ත ය.එසේ නම් දැන් මොහු කියන්නේ තම ඇසින් දැක්කා වූ නිරය ම යි.බුබුළු දමන ගඟක් ලෙස ලෝකුඹු නිරය දකින ඔහුගේ කථව පිළි නො ගන්නට දැන් මා හට කිසි අවකාශයක් නැත.

තව තවත් ඉදිරියට යන ඔහුට සැම තැනක ම පෙනෙන්නේ විරූපී වී ගිය මුහුණු ය.සතර අතින් ඇහෙන්නේ හද කම්පා කරන විලාප හඬයි.එක් වර ම යමපල්ලන් ඔහු බැඳි වරපට ලිහිල් කළෝ ය.'දැන් උඹ පලයන්....' කියා ඔහු ව ඉදිරියට තල්ලු කළේ ය.ඔහුට මතක එපමණකි.

දැන් මගේ ඇඟම සීතල වී ඇත.කිසිදාක නො දැනුනු අපමණ සෙනෙහසක් බුදු සමිඳුන් ගැන ඇති විය.මීට වසර 2600ට පෙර උන්වහන්සේ පැවසුවේ ඒකාන්තයෙන් ම සත්‍යක් ම යි.උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද,අනන්ත අප්‍රමාණ අභියෝග හමුවේ සිරි සඳහම් දෙසා වදාළේ ද මිනිසුන්ට අත් වන මෙම් දුක්ඛිත ඉරණම නිසා ම ය. 

මජ්ඣිම නිකායේ තුන් වන පොත් වහන්සේට අයත් දේවදූත සූත්‍රය පුරාවට ම ඇත්තේ සම්බුදු නුවණින් දුටු මෙම භයානක අනතුර ය.මිනිස් ලොව සිටිය දී අප කොතරම් පම්පෝරි ගැසුව ද,අවසානයේ දී අප සිතින් කයින් වචනයෙන් කළ කී ක්‍රියාවන් වලට විපාක විඳීමට සිදුවන්නේ අප හට ම ය.නමුත් බොහෝ දෙනා උතුම් බුද්ධ දේශනා පවා නො පිළිගන්නේ උපතින් ම අන්ධ වූ කෙනෙක් මෙලොව ඉරත් සඳත් ඇති බව නො පිළිගන්නා සේ ය.හිරු සඳු ලොව නැති බවට විශ්වාස කළ,උපතින් අන්ධයෙකුට ඇස් ලැබුණු විට ඔහු හිරුත් සඳුත් දකියි.දැන් ඔහුට එය ප්‍රත්‍යක්ෂ අවබෝධයකි.තවත් අන්ධයෙකුට ඔහුව මුලා කළ නො හැක.

සායනික මරණ ලෙස ලොව හඳුන්වන මෙවැනි මරණාසන්න අත්දැකීම් වලට ලක් වූ අය බොහෝ ඇත.බොහෝ බටහිර ජාතිකයන් ද මෙවැනි ම නිරයේ අත්දැකීම් වලට මුහුණ දෙයි.නමුත් අවාසනාවකට නිරයෙන් නිදහස් වන්නට උපකාර වන ධර්මයක් ඔවුන්ට නැත.ඒ අසරණයන් තව දුරටත් මිත්‍යා දෘෂ්ටියට ම නැඹුරු වේ.

අප බුදු සමිඳුන් ජීවමානව වැඩ සිටි කාලයේ ද මෙවැනි ම වූ අසාමාන්‍ය සිදුවීම් සිදු වූ බව විමාන වත්ථු,ප්‍රේත වත්ථු කියවීමෙන් තහවුරු වේ.එකල ද මිනිසුන් මරණාසන්න මොහොතේ එවැනි අත්දැකීම් වලට මුහුණ දුන් බව පැහැදිළි ය.වරක් ජේතවනාරාමයේ දී වයසට ගිය මිනිසෙකු අරබයා බුදුන් වහන්සේ වදාළ ගාථාවකින් ද එය පැහැදිළි වේ.

බුදු සමිඳුන්ට චීවරයක් පූජා කිරීමේ පින මතක් කර නිරයෙන් ගැලවුණු මගේ ඥාතියා දැන් දැහැමි දිවි පෙවෙතක් ගත කරන්නෙකු බවට පරිවර්තනය වී සිටියි.උදේ සවස බුද්ධ වන්දනාව ද දැන් ඔහුගේ දිවියේ ම කොටසකි.පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා දන් පැන් පුදන්න ද ඔහුට ඇත්තේ බලවත් වුවමනාවකි.කිසිවෙකුටත් සිතා ගැනීමට නො හැකි ලෙසින් ඔහු වෙනස් වී ඇත.එපමණක් ද නොව ඔහු බොහෝ දෙනෙකුට දහම් මග විවර කිරීමට ද,කුසලයේ පිහිටවන්නට ද උපකාර කරන්නෙකු වී ඇත.ඔහුගේ අත්දැකීම ඇසූ බොහෝ දෙනාගේ ජීවිත පුදුමාකාර ලෙස වෙනස්  විය.

ඔහුගේ අත්භූත කථාව අවසන ඔහු තවත් අපූරු යමක් අපට කීවේ ය.මෙම කථාව අසමින් සිටි පිරිසෙන්,එය විශ්වාස නො කළ පිරිස පවා නිහඬ කළ එම වචන කීපය අප සියල්ලන් ම මොහොතක් නිහඬ කළේ ය.ඔහුගේ එම වදන් පෙළින් ම මෙම සටහන අවසන් කරමි.

"මට මතකයි මම එතකොට ඒ විරූපී වෙලා වේදනාවෙන් කෑ ගහන අය අතරේ මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් හිටියා....ඒ අය දැනට ටික කාලයකට ඉස්සර මැරිච්ච අය.අපි විනෝද වුනා වගේ ම හැම චණ්ඩි කමක් ම කළේ එකට යි.එයාලා මැරෙන්න කළින් කොච්චර චණ්ඩි වුණත්,එහේදී බේරාගන්න කවුරුවත් ම නැහැ.දරාගන්න බැරි වේදනාවකින් කෑ මොර දෙනවා.මගේ හිතට ගොඩක් ම අමාරු, මගෙත් එක්ක එකට ම හිටපු එයාලා දුක් විඳිනවා දැක්ක ම යි..."

(උපුටා ගැනීම D.K. Kasun Sameera Dissanayak සහෝදරයාගේ ලිපි එකතුවෙනි... )

Thursday, October 6, 2011

ඔන්න කේෂාන් පොඩි 2D game එකක් හැදුව....


             මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download කරගෙනම බලන්නකො. තව ගොඩක් දේවල් Add කරන්න ඔනේ.. ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකො.

              මුල්ම නිර්මාණය නිසා ගොඩක් දේවල් අඩුයි. මේකට Sound ටිකක් දාන්නතමයි දැන් හදන්නෙ. ඒ වගේම දිනන්න වෙලාවකුත් දාන්න හිතන් හින්නව. ඒ ටික ඊලග Version එකේදි???

Wednesday, September 21, 2011

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 'Mechabot' පළමු තැනට.....



ටික දවසකින් Blog එක පැත්තෙ එන්නත් බැරිවුනා මේ Exam වැඩ නිසා. ඒත් කල් දාන්නෙ නැතුව කියන්නම ඕන කියල හිතුන නිසා මේ දේ ගැන පොඩියට හරි ලියල යන්න හිතුන... මගේ Blog එක බලන කවුරුත් දන්නව ඈතිනෙ මේ කේෂාන් කියන්නෙ ලංකාවෙ කැම්පස් එකක ඉගන ගන්න කොල්ලෙක් කියල. ඒත් මගේ කැම්පස් එක ටිකක් වෙනස්. ඒවගේම ටිකක් අළුත්.. ගොඩක් දෙනා අපේ කැම්පස් එක ගැන දන්නෙත් නෑ. ​අපෙන් ඇහුවාම මොන කැම්පස් එකේද ඉගන ගන්නෙ කියල අපි බොහොම සතුටින් කට පුරා කියනව ඌව වෙල්ලස්සෙ කියල. ඒත් එක අහන ගොඩක් දෙනා පුදුම වෙලා අපි දිහා බලන් ඉන්නව. මොකද එයාල එහෙම දෙයක් අහලත් නෑ.. හැබැයි දැන් දැන් මුළු ලංකාවම අපේ කැම්පස් එක ගැන ටික ටික දැනගන්නව. ගැන අපිට ගොඩක් සතුටුයි. ඉතින් අපි ලබාගන්න පොඩි යක්ග්‍රහනයක් උනත් අපිට ගෙඩක් වටිනව. මොකද අපි තාම අළුත්. හැබැයි මේ ලගදි අපේ කැම්පස් එකේ අපේම අය යක්ග්‍රහනයක් ලභාගත්ත. හැබැයි ඒක පොඩි එකක් නෙමේ, ගොඩක් වටින ඒවගේම විශාල යක්ග්‍රහනයක් . අන්න නිසා මම අද ගැන ටිකක් ලියන්න හිතුව.


SLITT එක මේ ලගදි Robotics compilation එකක් තිබ්බ. ඒකට අපේ කැම්පස් එකේ Science & Technology Degree එකේ මැකට්‍රොනික්ස් කරන අපේ Batch එකේ අය නිර්මාණයක් ඉදිරිපත් කරල තිබුන. ලංකාවෙ ගොඩක් විශ්වවිද්‍යාල වලින් මේ තරගයට ගොඩක් නිර්මාණ ඉදිරිපත් කරල තිබුන. ඒත් සියළු දෙනා අතරින් අපේ අයගෙ නිර්මාණය පලමු තැන අරගෙන. ඉතින් අපිට සතුටු නැද්ද?????


 

මේක අපිට ගොඩක් වටිනව. මොකද අපේ කැම්පස් එකේ තියෙන්නෙ සීමීත භෞතික හා මානව සම්පත් ප්‍රමාණයක්. නමුත් අපේ කොල්ලො කෙල්ලන්ටත් වැඩක් කරන්න පුළුවන් කියල පෙන්නන් ඒක භාදාවක් වුනේ නෑ... අය තමන්ට තියන දෙයින් පුළුවන් උපරිම දෙය කරල පෙන්නුව. මොකද අපි දැකල තියනව එයාල වැඩ කරල ලැබ් එක... එක මොරටුව එහෙමත් නැත්නම් කොලඔ තියන ලැබ් එකකින් දහයෙන් එකක් වත් නැතුව ඈති.

මේ නිර්මණය කරන්න වෙහෙසිලා වැඩ කරපු භානු, ලක්මාල් ඇතුළු මැකට්‍රොනික්ස් කොල්ලො කෙල්ලෝ සියළු දෙනාටම මම සුභ පතනව. ඈත්තටම උඔල අපිට ආඩම්බරයක්. තව තවත් නිර්මාණ කරල අපේ කැම්පස් එක මුළු ලංකාවෙ විතරක් නෙමේ මුළු ලොකෙම ඡනප්‍රි තැනක් කරන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.


(ඔය උඩ තියන Photo එකේ ඉන්නෙ ඒ  යක්ග්‍රහනයේ නියමුවන් තමයි)



Monday, September 5, 2011

කේෂාන්ගේ සැබෑවු සිහිනයක්.........

 
         මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව. නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්නවෙලාවකුත් ලැබුනු. මේ ඒවගේ ගොඩක් කාලයක් හිතේ තිබිල ඊයෙ පෙරේද ක්‍රියාත්මක කරපු දෙයක්. කේෂාන්ට ඉස්සර ඉදන්ම තිබුනු අමාරුවක් තමයි ඔය බයිසිකල් පදින එක. හැබැයි ඔය කිවුවට රේස් නම් පදින්න ගිහිල්ලනෑ.. පදින්නෙත් නෑ.. මොකද අන්තිමට ඉවර කරන කෙනාට තෑගි දෙන තරගයක් තාම මට හම්බ වුනේ නෑ.. හම්බවුනා නම් අනිව යනව. ඉස්සරම ගේ වටේ බයිසිකල් පැද්ද. ඊලගට පාරේ ටික ටික පැද්ද. A/L කරන කාලෙ වෙනකන්ම හැමදාම වගේ බයිසිකලේ කොහොම හරි ටිකක් පදිනව.අන්තිමට ඔය හදාගෙන යන මාතර - කොලඔ High-Way එකෙත් බයිසිකල් පැද්ද. හැබැයි දැන්නම් ඒකෙ පදින්න දෙන්නෙත් නෑ.. ආරක්ෂක හේතුන් මත කියල. ඉතින් පුරුදු පරිදි පාරේ තමයි බයිසිකල් පදින්නෙ.


     ගොඩක් කාලෙකට ඉස්සර අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක් බයිසිකල් එකක් ගෙනාව. ඒක රටින් ගෙනාපු එකක් කියල තමයි එයානම් කිවුවෙ. අන්න ඒකෙ හයිකරල තිබුන මීටරයක්.. ඒකෙන් බයිසිකල් එක යන වේගෙ පෙන්නනව. ඔය මෝටර්බයික් වල තියෙනව වගේ එකක්. එදා මට ඒකට ගොඩක් ආස හිතුන. ඒත් කිසිම කඩේකින් මට විදිය මීටර් එකක් හොයාගන්න බැරි වුනා. ඒක නිසා ටික ටික අදහස මගේ හිතින් දුරස් වෙලා ගියා. මාසෙකට විතර කලින් මම eBay එකේ ටිකක් කැරකි කැරකි ඉන්නකොට මෙන්න බොලේ තියනව Bicycle Speedometer කියල පොඩි අයිටම් එකක්. මම පොඩ්ඩක් Details කියවල බැලුව. නියමයි මම කාලෙ හොයපු විදියම එකක්. හැබැයි මේක ඩිඡිටල්.. නියමයිනේ... "පහණක් පැතූ මා සද හමු වෙලා..... " නෑ නෑ ඒක මෙතනට අදාල නෑ....  

    පොඩ්ඩක් Seller Contact කරල එහෙම විස්සර ටිකක් හොයල බැලුව. වරදක් නෑ.. දාල තිබුනු ගානට වටිනව. ගන්න කලින් ඉතින් පොඩ්ඩක් අනිත් Site වලත් මේ අයිටම් එක තියනවද බැලුව. මීට වඩා අඩුවට තිබුනොත් නේද???? හොයාගෙන යනකොට BuyInCoins වල තියනව මේ අයිටම් එකම eBay Price එකටත් වඩා අඩුවෙන්. හැබැයි BuyInCoins වලින් මම මීට කලින් ගෙන්නල තිබුනෙ අයිටම් 7-8ක් විතරයි. ඉතින් වැඩේ ටිකක් රිස්ක්. ඕන දෙයක් කිය ඒකෙන් අයිටම් එක ගෙන්නුව. සති දෙකකින් විතර ගෙදරින් Call කරපු වෙලාවක තාත්ත කිවුව ඔන්න අදත් පාර්සල් එකක් ආව. මොකක්ද මන්ද ඔරලෝසුවක් වගේ එකක් කියල. මට සින්දුවක් කියන්න තරම් happy. ඒත් බෝඩිමේ අය ඉන්න නිසා කිවුවෙ නෑ..ඒක බලන්නත් එකක් තමයි ගිය සතියෙ මම ගෙදර ආවේ. ඈවිත් බැලුවාම මෙන්න තියනව අයිටම් එක.


 
     පහුවදාම බයිසිකලේ අරගෙන පිහිදල එහෙම කරල අයිටම් එක හයිකරන්න ගත්ත. හයිකරන විදිය ගැන පොඩි manual එකකකුත් තිබුන නිසා වැඩේ ගොඩක් ලේසි වුනා. විනාඩි කීපයකින් වැඩේ ඉවරයි.


  • Sensor එක ඉස්සරහ රෝදෙ පොක් එකට හයි කරා.
  • Magnet එක ස්පෝක් එකට හයි කරා.
  • Display Mount කරන කෑල්ල හැන්ඩල් එකට හයි කරා.
  • Display Unit එකට බැටිරිය දැම්ම.


   බැටිරිය දැම්මට පස්සෙ ඒකෙ පොඩි පොඩි Settings ටිකක් තියනව හදන්න. වෙලාව වගේම ටයර් එකේ පරිදියත් Enter කරන්න ඔන. එක එක ටයර් Size වලට අදාලව පරිධිය තියන වගුවකුත් මේකත් එකක් හම්බ වුනා... දැන් වැඩේ හරි දැන් ඉතින් තියෙන්නෙ Test Run එකක් යන්න. රෝද දෙකටම හුලන් එහෙමත් ගහගෙන වැඩේට බැස්ස. ඊට කලින් මේකෙ තියෙන Features ගැන ටිකක් කියන්න ඔනනේ.



  • වේගය Km/h හා m/h යන දෙකෙන් එකකින් පෙන්නනව
  • දැනට ධාවනය කරපු දුර - Distance 
  • ධාවනය කරපු උපරිම වේගය - Max Speed 
  • සාමාන්‍ය වේගය - Average Speed 
  • ධාවන කාලය - Stop Watch 
  • දැන්ට පවතින වේගය වේගයට වඩා අඩුද වැඩිද කියලත් පෙන්නනව. 
  • වේලාව - Time 
  • උෂ්ණත්වය

       ඔන්න ඔය ටික තමයි තියෙන්නෙ. බයිසිකල් එක තල්ලු කරගෙනම පාරට ගියා. Distance කියන එක 0.200km කියල පෙන්නනව. මම ආපහු ගෙදර පැත්තට හැරිල බැලු.අපේ ගෙදර ඉදන් පාරට මීටර් 200ක් විතර තියනව නේද? මම මටම කියාගත්ත. පාරට ඈවිත් බයිසිකල් එකට නැගල ති දාගෙන පදින්න ගත්ත. වෙනද පාර දිහා බලාගෙන පැද්දට අද පදින්නෙ මීටරේ දිහාම බලාගෙන.


      හති දාගෙන පුළුවන් තරම් හයියෙන් පැද්ද.... පුළුවන් තරම් හෙමින් පැද්ද..... පැයක් විතර පැදල පැදල ආපහු ගෙදරට ආව. හිත ගොඩක් සතුටින් පිරිල. අවුරුදු ගානක් අතීතයට ගියාවගේ... Meter එකේ තියන Button ඔක්කොම ඔබ ඔබ බැලු. මුළු දුර 8.590km. උපරිම වේගය 32.1km/h. (බයිසිකලේ තෙල්/ගීස් එහෙම දාල මේ Record එක අනිව කඩනව...) සාමාන්‍ය වේගය 10.1km/h. නරකම නෑ නේද? ඔන්න ඔහොමයි කේෂාන්ගෙ අවුරුදු ගානකට කලින් තිබුන බලාපොරොත්තුවක් ඉටු උනේ. අදත් හවස පදින්න ඔනේ...


    ආ තවත් වැදගත් දෙයක්... බයිසිකල් පදින් අයට මේක හොද අයිටම් එකක්. ගානත් සාධාරණයි.. eBay එකේ හරි BuyInCoins එකෙන් හරි ගන්න. අයිටම් එකේ Quality එකත් හොදයි. නිවරදිතාවයත් හොදයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදල තියනව. වගේමයි මේක ලංකාවට ගැලපෙන විදියට හදල තියෙන්නෙ... කියන්නෙ Meter එක ලේසියෙන්ම Mount කරපු තැනෙන් ගලවන්න හයි කරන්න පුළුවන්. නිසා බයිසිකලේ නවත්තල යනකොට මේක ගලවගෙන සාක්කුවෙ දාගෙන ගිහින් ආපහු ඈවිත් හයි කරන්න පුළුවන්. (එතකොට හොරාට ගලවන් යන්න බෑ නේ..... හූ හූ.... - හොරාට හූ කිවුවෙ හොදේ!!!). විදියට ගැලෙවුවාම Display එකේ තියන ඔක්කොම විස්තර නැති වෙලා වෙලාව විතරක් පෙන්නනව. ඔරලෝසුවක් විදියට යොදගෙන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි විස්තරේ.
 


Thursday, September 1, 2011

Study Leave බෝඩිම සහ අපි......

විභාග වැඩ කටයුතු භාගයක් ඉවරයි. ඒ කියන්නෙ Subject 5ක් ඉවරයි. තව 5ක් තියනව. ලැබුනු පොඩි විවේකයේදී ගෙදර ආව. ආපහු exam පටන් ගන්න ටිකක් කල් තියනව. Exam නිසාම තමයි Blog එකක් වත් ලියන්න බැරිවුනේ. ගොඩක් අය අහනව ඇයි blog එක ලියන එක නැවැත්තුවෙ?? දැන් ලියන්නෙ නෑ නේද??? ලියන්න දේවල්නම් ටික ටික තියනව. ඒත් හරියට නිදහස් වෙලාවක් නෑ නේ. අදත් ලියන්න ආවේ වෙනත් දෙයක්. ඒත් Lap එකේ තිබුනු Photos වගයක් දැකල ලියන්න හිටපු දේ ටිකකට කල්දාල මේක ගැන ලියන්න හිතුන. Campus ආවයින් පස්සෙ ලැබුනු අළුත් අත්දැකීම් වලින් එකක් තමයි මේ Study Leave කියන එක.මොකද ඉස්කෝලේ යනකොට එහෙම එකක් තිබුනෙ නෑනේ. මාස ගානක කරපු වැඩ... කරන්න තිබුන වැඩ... ඒක පාර සතියකින් දෙකකින් කරන මහා පුදුම හිතෙන කාල සීමාවක් තමයි මේ Study Leave එක කියන්නෙ. මේ පාරත් Study Leave එකේ අපේ බෝඩිමේ කට්ටිය set වෙලා පාඩම් කරන්න ගත්ත. (ඈත්තම කිවුවොත් මට නම් එහෙම පාඩන් කරන්න ලැබුනෙ දවස් දෙක තුනයි..) ඔන්න ඔය ලස්සව කාලය ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.

මේ ටික දැක්ක ගමන් මොකද හිතෙන්නෙ.... මේ අපේ කාමරේ. හැබැයි කියන්නත් දුකයි ඔතන මට අදාල එකම එක කොලයක්වත් නෑ. ඔය ඔක්කොම මගේ රූමගෙ. දැන් ඉතින් අහන්න එපා මිනිහට හරියනවට වඩා වරදිනවද කියල. හැබැයි මේ Study Leave එකේ නම් එයා ගොඩක් දේවල් වරද්දගෙන (ඒ කියන්නෙ ලොරි ගොඩක් හප්පගෙන) ඈදගෙනම නාපු අවස්ථා වැඩියි. මගේ රූම උදේට නැගිටින්නෙ 3හ මාරට විතර. (නෑ කියන්න එපා බං... මම වගකීමෙන් කියන්නෙ...). මම එයා පාඩන් කරන සද්දෙට (එයා පාඩන් කරනකොට කෑ ගහල පාඩන් කරන්නෙ නෑ.. ඒත් කොල වීසී කරනකොට සද්දෙ ඈහෙනව..) ඈහැරෙනව. මම 3.30ට 4.30ට 5.30ට සද්ද ඈහිල නැගිටල බලන හැමදාම මිනිහ වැඩ. දැන් ඉතින් හිතන්න එපා යකෝ මූ Medical Faculty යන්න ඔන කොල්ලෙක්නෙ කියල. එහෙම නොවෙන්න හේතු දෙකක් තියනව. එකක් එයා Maths කරේ. අනිත් එක එයා 3.30 ඉදන් එලිවෙනකන් දිගටම පාඩන් කරන්නෙ නෑ. මම ඒක දැනගත්තෙ අහම්බෙන්. මොකද මට දවසක් ඇහැරුනා 4​ට විතර. එතකොට බලනකොට මෙන්න මේක නිදි... මමත් ආපහු නිදාගත්ත. 5ට විතර ඈහැරුනා ඒත් මූ නිදි. මමත් මට මොකෝ කියල නිදාගත්ත. උදේ නැගිටල බලනකොට මේසේ උඩ සෑහෙන්න වැඩ කරපු කොල ගොඩක් තියනව. මට මාර අවුල. හැබැයි මට පස්සෙ වැඩේ තේරුනා. මගේ රෑම පාඩන් කරල තියෙන්නෙ තට්ටු මාරු විදියට. 3.30ට නැගිටිනව. පාඩන් කරනව. 3.50ට විතර ආපහු නිදාගන්නව. 4.10ට විතර නැගිටිනව පාඩන් කරනව 4.50ට විතර නිදාගෙන ආපහු 5.10ට විතර නැගිටිනව. අපේ බෝඩිමේ අයනම් කියන්නෙ මිනිහට නින්ද යනකොටම Paper එක හීනෙන් පේනව ඒක නිසා නැගිටල ඈවිත් පාඩම් කරනව කියල. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ.. මොකද එදා ඉදන් අද වෙනකන් එයා Paper එකට මොකක් හරි එනවයි කිවුවොත් ඒ දේ අනිව එන්නෙ නෑ.

තවත් දෙයක් මතක් වුණා. මගේ රූම හරිම දක්ෂයි භාෂාවලට. ඔනම වචනයක් කියපු ගමන් ඒකෙ තේරුම කියනව. හරියට නික්න් ඈවිදින ශබ්දකෝෂයක් වගේ. වචනෙ සිංහලද English දෙමලද France කියන එක එයාද අදාල නෑ. ඔන දේයක් විනාඩියෙන් කියනව. ඉතින් දවසක් මම පාඩන් කර කර ඉන්න ගමන් ඈහුව මචෝ දෙමලෙන් ඇරිසිමා කියන්නෙ මොනවදට කියල. මිනිහ එක පාරටම නිකන් නෝන්ඩියට වගේ හිනාවෙලා, මගේ දිහා බලාගෙන මෙන්න මෙහෙම කිවුව. මචං දෙමලෙන් ඇරිසි කියන්නෙ හාල් වලට. මා කියන්නෙ පිටි වලට. ඒතකොට ඇරිසිමා කියන්නෙ 'පාන් පිටි' වලට කියල.(හරි හරි ඉතින් හිනා යන්නෙ නැත්නම් ඉතින් කිතිකවාගෙන හරි ටිකක් හිනාවෙන්න. නැත්නම් ඉතින් මට නෝන්ඩිය..)මගේ රූම ගැන ලියන්නනම් තව ගොඩක් දේවල් තියනව. මොකද පාඩන් කරන්න ගත්තම එයා කියන ගොඩක් දේවල් ඩෝං ගාල හැපෙනව. ඒව පොඩිම පොඩි Dimoබට්ටගෙ ඉදන් ලොකුම ලොකු කන්ටේනර් දක්වා විදිහෙනව. කථා ටිකත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. (තොග Business, ඡෑම් පාන් ඈතුථ බොහෝදේ ලගදීම....)


මේ ඉන්නෙ මගේ පරණ රූම. දැන් අල්ලපු ගෙදර රූම. එයාගෙ තියනව නියම ධනාත්මක චින්තනයක්. ඒවගේම Planning නම් උපරිමයි. විභාගෙට මාස ගානක් තියල හදනව නියම Plan එකක්. ඒක Admin එකේ Exam Department එකේ Schedule එකටත් වඩා පට්ටයි. හැබැයි Plan ක්රියාත්මක කිරීම ගැනනම් කියල වැඩක් නෑ. විභාගෙට කලින් දවසෙත් Shopping ගිහින් ඈවිත් පහුවදා තමයි පාඩන් කරන්න ගන්නෙ. ඔය රුපෙ බලල කියන්න පුළුවන්ද ඔය පාඩන් කරන්නෙ කවද තියන exam එකකටද කියල..... කෙලින්ම කියනව නම් තව පැය 1යි විනාඩි 30කින් විතර තියන exam එකට තමයි ඔය පාඩන් කරන්නෙ. තාම එක පාරක්වත් කියවපු නැති PhotoCopy කීයක් ඔතන තියනවද කියද දන්නෙ එයා විතරයි. වහැබැයි අන්තිමට කොහොම හරි exam නියමෙටම ගොඩ දාගන්නව. හැම දාම අපේ Room එක ඈවිත් එයාගෙ දවසේ Plan එක කියනව. "මචෝ මම දැන් 8 News බලනව... 8.30 ඉදන් 10 වෙනකන් Note එක බලනව. 10-12 ගනන් ටික ඔක්කොම හදනව.. හොදයි නේද??" එහෙම කියල ගිහින් news බලල නිදාගන්නව.

ඔය තියෙන්නෙ බෝඩිමේ ඉදන් පාඩන් කරල ලැබෙන පොඩි පොඩි විවේක වලදි කට්ටිය කරපු දේවල් තමයි. (කට්ටිය කිවුවාම මාත් ඈතුලත්...). ගස් නගින්න මුළු කැම්පස් එකෙන්ම දක්ෂය ඉන්නෙ අපේ පෝඩිමේ. ඉතින් අහිංසක ලේන්නු අපිට බැන බැන යනව මගේ මේ කන් දෙකටම ඈහිල තියනව. වගේමයි මගේ රුම කොට්ටම්බ තැලීමේ අති දක්ෂයෙක්. ඔය පින්තූරෙ ඉන්නෙ කවුද කියල හිතාගන්න බැරිනම් ඈගිල්ලෙ තියන මුද්දෙන් හොයාගන්නකො. වගේම තමයි ඉඩක් ලැබුන ගමන් අල්ලපු ගෙදර පූස් පැටවු දෙන්නත් එක්කත් ටිකක් සෙල්ලම් කරනව.

හැබැයි මොනදේ වුනත් ඒක ගොඩක් ලස්සන මතකයන්පොකුරක්. මොකද අපි කට්ටයම එකතු වෙලා පාඩන් කරන අන්තිම Study Leave එක මේක වෙන්න පුළුවන්. ඉස්කෝලෙදි පාඩන් කරපු විදියයි මෙහෙදි පාඩන් කරන විදියයි බැලුවාම අහසයි පොලවයි වගේ. හැමෝම එකතුවෙලා මහන්සියෙන් පාඩන් කරනව. විහිළු කරනව. කෑම කනව. වගේමයි තමයි දෙයක් හොයාගත්තාම තේරුම් ගත්තාම ඒක අනිත් අයටත් කියල දෙනව. (මගේ රූමගේ TIGMA SR තාමත් මතකයි. හැබැයි හැමදාම වගේ ඒක exam එකට ආවෙත් නෑ...) ලස්සන කාලය ආපහු එන්නෙ නෑ කියලත් මම දන්නව. ඒත් ඒක හැමදාටම මතකයේ තියේවි. තව අවුරුදු ගානකින් වුනත් අපිට මේ ලිපියම කියවල හිතින් ලස්සන අතීතයට යන්න පුළුවන් වේවි!!



ටිකක් ඡනප්‍රිය ඒව