Saturday, July 16, 2011

විශ්ව විද්‍යාල ජීවිතය තුල පලමු වතාවට මම Subject එකක් Repeat වුනා....



අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව. මොකද මේ.... මොකක් හරි අවුලක්ද? බොහොම අමාරුවෙන් hand signal දාල එකෙක්ව නවත්ත ගත්ත.

"කොහෙද බං මේ දුවන්නෙ..." මම ඈහුව

කිය කිය ඉන්න වෙලාවක් නෑ බං. Result දාලලු.. බලන්න යනව.

අපේ අය වචන 5ක් කිවුවොත් 4 විතර ලු තියනව. ඒක නිසා කරන්න කලින් දෙපාරක් හිතන්න ඔනෙ. කට්ටියට යන්න දීල ටිකක් වෙලා යනකොට ඔන්න එනව කපල් එකක් ඈඩ්මින් එක පැත්තෙ ඉදන්. දෙන්නගෙම මූනත් ටිකක් අවුල් වෙලා.

"මොකද? ......... repeat වෙලාද?" මම ඈහුව.

"ඒක බලන්න තමයි කේෂාන් අපිත් ගියේ. ඒත් තාම අපේ Result දාල නෑ. අනිත් Faculty දෙකේම දාල.. Science Faculty එකේ දාල නෑ.."

Management Faculty එකේයි Export Faculty එකෙයි Result දාල. ඒත් අපේ Faculty එකේ තාම දාල නෑ.. මම ටිං ගාල ගත්ත ඈයට (ඈය කියන්නෙ මගේ හොදම යාලුවෙක්) call එකක්. අරගෙන කිවුව මචං Export එකේ result දාල කියල. ඈයත් අපේ Department එකේම වුනාට Export එක ගැනත් ටිකක් හොයනව. ඒකයි එහෙම කිවුවෙ.. ඔන්න ඉතින් බලා පොරොත්තු බිදුනු සිතෙන් lecture එක පටන්ගන්නකන් කැරකි කැරකි ඉන්නකොට අපේ පැන්ඩ කෝල් කරල කියනව සර් call කරල කිවුවලු අද Lecture එක නෑ කියල. හපොයි gentaත් ගහගෙන ආවෙ... මොනව කරන්නද මල අතේ තියාගෙන විසිර ගියා.

ඔය ගිය බදාද වෙච්ච දෙයක්. ඒක අතීත කථාව. දැන් එමු වර්තමානෙට. දවස් කීපයක නිවාඩුවක්සෙට් වුන නිසා ගෙදර ආව.

මගේ වාසනාවටද අවාසනාවටද දන්නෙ නෑ මම ගෙදර ආපු ගමන්ම අපේ result දාල. අද උදේ අක්රම් (අක්රම් කියන්නෙත් මගේ හොදම යාළුවෙක්.. campus එකේ මාත් එකක් හිටපු මුල්ම රූම.) call කරල කියනව

"කේෂාන් Result දාල මම ෙඕ ටිකත් බලා ගත්ත"

"ඉතින් අගේ කරන්නෙ නැතුව කියපන්කො" මට තියෙන හදිස්සිය ඒකට නෑ නේ..

"හරි හරි අපිට පාටියක් දීපන් හොදේ??"

අපේ එවුන්ට මොනදේ වුනත් මුලින්ම පාටියක් ඔනේ.. කොටින්ම හෙම්බිරිස්සාවක් හැදිල හොද වුනත් party එකක් ඔනේ.

"අනේ වදයක් නොවී කියපන්කො බං" මට හදිස්සි නිසාම මම කිවුව.

"හරි හරි එහෙනම් ලියාගනින්කො "

.................

කියන්න සතුටුයි අපි ගිය Semester එකේ Subject 10ක් කරා (O/L වලටත් එච්චර කරේ නැද්ද මන්ද). එයින් 9කම Result අක්රම් කියාගෙන කියාගෙන ගියා.. මමත් ලියාගෙන ලියාගෙන ගියා...

"හරි මචං එතකොට ....... වලට" මම ඈහුව

"හම්.. ඒකනම් Repeat බං. D එකක් තියෙන්නෙ" අක්රම් ටිකක් හිමීට කිවුව.

හපොයි මොකද කරන්නෙ... මම බයේ හිටියෙ ......... Repeat වෙයි කියල තමයි. හිතුව විදියටම එහෙම වෙලා. මොකද කරන්නෙ.. මොනව කරන්නද හිතට ගොඩක් දුකයි. මොකද Campus ජීවිතයේ පලමු වතාවට විෂයක් Repeat වුනේ..

මේ විෂය අපිට කිසිසේත්ම අදාල නැති විෂයක්. මොකක්දෝ වැරුද්දක් (කාගෙදෝ වැරුද්දක්) නිසා අපිට මේ විෂය කරන්න වෙලා තියනව. වගේ විෂයක් වුනත් Repeat වුනාම ඊලග පාර ලියන්න ඔනේ. කියන්නෙ තව මාසෙකින් විතර එන exam එකේදි ඒක ලියන්න වෙනව. මොනව කරන්න? ආපහු note හොයාගෙන පාඩන් කරන්න වෙනව. ඒකටත් කාලයක් වෙන් කරන්න වෙනව. ඒකට වෙන් කරන්න වෙන්නෙ අපේ අනෙක් අත්යවශ විශයන් වෙනුවෙන් වැයකරන්න තියන කාලයෙන්ම කොටසක් තමයි..

මේ වගේ විශයන් අතුලත් කිරීමෙන් මම හිතන විදියට වෙන්නෙ ලමයි මානසිකව ඈදවැටෙන එක විතරයි. එක්කම මම තව දෙයක් ඉගන ගත්ත. මිනිහෙක් හිනා වෙලා හැමෝම එකක් හොදින් හිටියට එයාගෙ ඈතුලෙ ඉන්න කෙනා ගොඩක් නපුරු කෙනේක වෙන්න පුළුවන්. කෙනෙක් පිටින් ටිකක් නපුරක් පෙන්නුවට ඈතුලතින් බොහොම හොද වෙන්න පුළුවන්. මම මේ දෙන්නවම හොදින් අදුර ගත්ත. මේ විශය Repeat වීම නිසා.

මම දන්නව මගේ අවසාන ඉලක්කයට යන්න මෙ දේ පොඩි හෝ භාදාවක් වෙන්න පුළුවන්. ඒත් මට දැන් කරන්න දෙයක් නෑ. දේ වෙලා ඉවරයි. Subject එක කිසිසේත්ම අදාල නැති එකක් කියලත් මම දන්නව. ඒත් අපේ අන්තිම ඉලක්කයට දේවල් ඔක්කොම බලපාන විදියට තමයි මේ ආත්මාර්ථකාමීන් විශ්ව විද්යාලයේ විෂයන් හදල තියෙන්නෙ. කමක් නෑ එක පාරක් වෙච්ච වැරැද්ද ආපු නොවෙන්න වග බලාගන්නම්..

මම මේක ලියන්න ආවෙ මගේ හිතේ දුක ටිකක් හරි අඩු කරගන්න හිතාගෙන. එත් දැන් මගේ ඈස්දෙකේ ආපහු කදුළු. මම නවතින්නම්. බුදු සරණයි.

ටිකක් ඡනප්‍රිය ඒව