Saturday, September 21, 2013

අමුතු එකතුව


මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට් එකක් දාන්න හිතුන.

බොහෝ දෙනා පවසන්නෙ ආදරය වේදනාකාරී බවයි. නමුත් සැබැවින්ම එය වේදනාකාරීද. තනිකම, කෙනෙකුගේ වෙන්වීම හෝ ප්‍රතික්ෂේප වීම වඩාත් වේදනාකාරී නොවන්නෙද? බොහෝ විට අප මේ සියල්ල ආදරය සමග පටලවා ගැනීමට උත්සහ කරනු ඇත. නමුත් සැබවින්ම කෙනෙකුගේ සියළුම දුක් මකා දමා නැවතත් ඡීවිතය සතුටෙන් පුරවාලන්නට හැකියාව ඇති මෙලොව පවතින එකම දෙය ආදරයයි. මදක් සිතන්න මෙලොව තුල අපට බිඳක් හෝ රිදවීමට උත්සහ නොකරන එකම දෙය "ආදරයයි" - උපුටා ගැනීමකි.

සිහින සැම විටම abstract වන්නෙහිය. එම සිහින වල implementation බොහෝවිට සිහින දකින්නා නොව වෙනත් පාර්ශවයක් විසින් සිදු කල යුතුය. නමුත් එම පාර්ශවය විසින් සිහිනය implement කිරීම හෝ නොකිරීම ගැන කිසිවෙකුටත් සහතික විය නොහැක. කෙසේ වෙතත් implement නොකල සිහිනයක් තුල ඡීවත් වීමට උත්සහ දැරීම සැබවින්ම සිහිනයකි.

දුම්රියක ඉදිරියට ගමන් කරන අපහට අවට පරිසරයේ පවතින සියළුම දේ අපව පසුකර පිටුපසට ගමන් කරන්නාක් වැනි හැඟීමක් ඇති වන්නෙ සාපේක්ෂ චලිතය නිසා බව මා අසා ඇත්තෙමි. තවද මේ චලිත පැහැදිලි කිරීමට "සමුද්දේශ රාමුව" සංකල්පයද යොදගෙත යුතුයැයි ඇතමුන් පවසනු ඇත. අප අවට පුද්ගලයන්නෙ වෙනස් වීම අපට නිවරදිව ග්‍රහනය නොවන්නෙ අප සියළුදෙනා අප අපට වෙන්වූ සමුද්දේශ රාමු තුල ඡීවත් වන නිසායැයි විටක හැඟේ. අප මොහොතකට ඒ සමුද්දේශ රාමු වලින් පිටතට පැමිණ එකම සමුද්දේශ රාමුවක සිට මේ සියල්ල කල්පනා කර බලන විට සියළුම වෙනස් වීම බොහෝ දුරට තර්කානුකූල බව වැටහෙනු ඇත. එපමණක්ද නොව සියළුම වෙනස් වීම් එකට ගත් කල එයින් නිර්මාණය වන චිත්‍රය සම්පූර්ණ වන්නෙ ඡිග්සෝ ප්‍රහෙළිකාවකට කොටස් එකට සම්බන්ද වන ලෙසිනි.

සරුංගලයක් අහසේ රැඳෙමින් ආඩම්බර වන්නෙ අන් සියළුම දෙනාට වඩා එය ඉහලින් ඇති නිසාම පමණක් නොව, එයට එතරම් උසක් ගමන් කිරීමට උදවු කර පුද්ගලයා තව දුරටත් ඒ සරුංගලය ගැන ආදරයෙන් එය රඳාවා තබා ගන්නා බැවිනි. එහෙත් කිසියම් මොහොතක ඒ පුද්ගලයා සරුංගලයේ නූල අතහැරියහොත් සරුංගලයට දැනෙන වේදනාව ඒ පුද්ගලයාටත් දැනෙනු ඇතැයි සිතිය නොහැක. එවන් මොහොතක සරුංගලය පාවී ඇතට යන්නෙ සුලඟ නිසාම පමණක් නොව, තමන්ට ආඩම්බර වීමට මාවතක් සැකසූ පුද්ගලයාම තමන්ට වේදනාවක් ගෙන දුන් නිසා නැවතත් ඔහුගේ දෑස මානයට පතිත වීමට ඇති අකමැත්ත නිසාද විය හැකිය. පැහැදිලිවම එය සාධාරණීකරනය කර හැකි වන්නෙ සරුංගලය තනිවම ඉහල අහසට ගමන් නොකර බැවිනි.  

Sunday, September 1, 2013

ඇහෙන, අහන්න වෙන, අහන සහ හොයාගෙන අහන ගීත

   


මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක ​දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන කෙනෙක් නම් නෙමේ. ඒ වුනාට ගීත අහන්න අකමැති කෙනෙකුත් නෙමේ. හිත නිදහස් වෙලාවට වගේම හිතට දුකක් තනි කමක් දැනුනාමත් ගීතයක් දෙකක් අහනව. මුලින්ම කියන්නම්කො මේ දාල තියන මතෘකාව ගැන. මට හිතෙන විදියට තමයි ඔය මම ගීත කොටස් 4කට බෙදුවෙ.

  • අපට ඇහෙන ගීත - අපි පාරෙ යනකොට කඩේක එහෙමත් නැත්නම් අලුතෙන් රේඩියෝ එකක් ගෙනාපු ගෙදරක සද්දෙට දාගෙන අහන ගීත තමයි මේ ගොඩට වැටෙන්නෙ. ඒ ගීත අපිට ඇහෙනව. අපි කැමති නම් නැවතිල අහගෙන ඉන්න පුළුවන්. අකමැතිනම් එතනින් ඈතට යන්නත් පුළුවන්.
  • අපට අහන්න වෙන ගීත - අපි බස් එකක එහෙමත් නැත්නම් ත්‍රී වීල් එකක යනකොට අහන්න වෙන ගීතත් තියනවනෙ. ඒ ගීත වලට අපි කැමති වුනත් අකමැති වුනත් අපිට අහගෙන ඉන්න වෙනව. ඒක තමයි මේ ගීත වල තියෙන විශේෂත්වය.
  • අපි අහන ගීත - ඒ කියන්නෙ අපි ගෙදරට වෙලා ඉන්නකොට රේඩියෝ එකේ... එහෙමත් නැත්නම් ටීවී එකේ යන ගීත. ඒ ගීත අපි අහනව. (කැමති ගීතයක් නම් විතරයි) ඒ වගේම Computer එක දාගෙන කම්මලි කම යන්නත් එකක් අහන ගීත අයිති වෙන්නෙ මේ ගොඩටම තමයි.
  • අපි හොයාගෙන අහන ගීත - මෙන්න මේ කොටසට තමයි අපි වැඩියෙන්ම ආදරය කරන ගීත අයිති වෙන්නෙ. කලින් කියපු එක විදියකට හරි කනට වැටුනු ගීතයක්.. සිතට දැනුනු ගීතක් අපි කොහොම හරි ආපහු හොයාගෙන රස විදිනව. මේ කොටසට අයිති වෙන ගීතයක් අපි එක දිගට 10 වතාවක් වුනත් අහනව. (ගිය සතියෙ දවසක කේෂාන් උදේ 9ට විතර අහන්න ගත්ත ගීතක් දවල් කෑමට යනකන් ඇහුව. දැන් ඉතින් ඒ ගීතය මොකක්ද කියලනම් අහන්න එපා...) 

ඊලඟ දේ තමයි, අපි හැමෝම ගීත අහනව. ඒව රස විඳිනව. ඒත් ගොඩක් වෙලාවට අපි ඉන්නෙ සතුටෙන්නම් අපි ඒ ගීතය රස විඳිනව. ඒ ගීතයේ සංගීතය විඳිනව. ඒත් අපි ඉන්නෙ දුකෙන් නම් අපි ඒ ගීතයෙ පද වල සැබෑ තේරුම තේරුම් ගන්න උත්සහ කරනව. ඒ වෙලාවට ඒ ගීතයෙ එකම එක පදයක් හරි අපේ ඡීවිතයට ගලපගන්න උත්සහ කරනව. ගොඩක් දුරට ඒ ගලපගන්න දරන උත්සහය සාර්ථක වෙනව. අන්න එහෙම වුනාම අපි ඒ ගීතය තුල ඡීවත් වෙනව. ඒ ගීතයට ආදරය කරනව. ඒ ගීත තුල කියන්නට උත්සහ දරන කථාව තුල අපිටත් පොඩි හරි ඉඩක් තියෙන බව අපිට වැටහෙනව. 

(ඒ විදිය ලස්සන ගීත කිහිපයක් ගැන ඉදිරියට ලියන්න තමයි කේෂාන්ගෙ බලාපොරොත්තුව. - ඒ ගීත වල සමහර පද පේලී මම මගේ මූණුපොතේ සඳහන් කරාම මගේ හොඳම යාලුවන්ගෙන් මට මරණීය තර්ඡන ආව ඒව අයින් කරන්න කියල. :D ඒ නිසා මම තීරණය කරා ඒ සඳහා ​සුදුසුම ස්ථානය මගේ blog එක කියල.)

මේ ඉතින් කේෂාන්ට තේරෙන තරම තමයි. ​මේක කියවන අයට මීට වඩා වෙනස් අදහස් තියෙන්නත් පුළුවන්.  ඉතින් ඒ අදහස් පහළින් අකුරු කරන්න ඔබ සැමටම ආරාධනා කරනව.

Tuesday, August 20, 2013

මට සමාවෙන්න....



උදේ ඉදන් මහන්සිවෙලා...
පැය ගානක් කුස්සියට වෙලා...
බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්..
කාලක්වත් කන්නෙ නැතුව..
මේසෙ උඩින් තියල යන්නෙ...
අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ..

වෙනද වගේ ලගට වෙලා...
එක එක විකාර කියව කියව...
ඔයාව තරහ ගස්සන මම..
අද ඔයා එක්ක කථා කරන්නෙවත් නැතුව
කාමරේටම වෙලා ඉන්නෙ...  
ඔයත් එකක් තරහ වෙලා නෙමේ... මගේ පුංචි නංගියේ...

වෙනද උදේ පාන්දර.. 
හිනාවෙලා Good Morning කියපු මම...
Chat එකේ විහිළුවක් කරල හිනා වුන මම..
අද උඔල දැක්කාම... 
යන්තමට හිනාවෙලා.. බිම බලාගෙන යන්නෙ..
උඔල කාත් එක්කවත් තරහ වෙලා නෙම්.. මගේ යාළුවනේ...

මගේ පුංචි හිතට දරාගන්න බැරිතරම්...
හීන දැකපු වරදට.. බලාපොරොත්තු පොදිබැන්ද වරදට..
අද මම මගේ ඡීවිතය ඇතුලෙම තනිවෙලා..

ඒ බලාපොරොත්තු.. ඒ හීන..
මගේ ඇස්දෙකෙන් කඳුළු වෙලා
 ගලාගෙන ගිහින් නැවතුන දවසක..

ඒ පරණ පුරුදු පොඩි පුතා... 
ඒ පරණ  පුරුදු බන්ටි අයිය.. 
ඒ පරණ  පුරුදු කේෂාන්..
ආපහු ඒවි.....


Saturday, August 17, 2013

ආදරවන්තියකගේ ආදරය



ඇයගේ ආදරය

ආදරයකි.. එයට ආදරය කරන්න
කැපිකිරීමකි.. එයට ගෞරව කරන්න
පරිත්‍යාගයකි... එය රැක ගන්න
සිහිනයකි... එය සැබෑකරන්න

(හොඳම මිතුරියක වෙනුවෙන් සටහන් තබමි.)

Thursday, August 15, 2013

පාරාඡිත ආදරවන්තයෙක්




ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය
නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය
කෙසේ නමුත් 
ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි

ඔබම තෝරාගත් ඒ මාර්ගයේ...
ඔබම තෝරාගත් ඔහු සමග..
ඒ සතුටු අවසානය කරා..
ඔබ පියනගන්න..

නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ 
ඔබ ආපසු හැරී බැලුවොත්...
ඔබට පෙනේවි ඔබ ගමන ආරම්භ කර තැනටම වී 
තවමත් ඔබ දෙස බලා සිටින
පාරාඡිත ආදරවන්තයෙක්..

(ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි.)



Friday, August 9, 2013

ලස්සන පුංචි කුමාරි




එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි දරුව​කු විලසින් මා ඇය දෙස බලාගෙන සිටියෙමි. ඇය අසලින්ම සිටියේ ඇයගේ හොඳම මිතුරියකි.

"කොහෙද බං උඔ කටත් ඇරගෙන බලන් ඉන්නෙ.... " මගේ මිතුරෙකුගේ හඬින් මම පියවි සිහියට පැමිණියෙමි.

"නෑ බං.. ​එහෙම දෙයක් නෑ.. මම මේ නිකන් කල්පනා කර කර හිටියෙ. " මිතුරාගෙන් ගැලවීමට බොරුවක් ගොතා ගැනීමට වෙහෙසුනද, එයට පෙර මගේ දෑස් යොමුවී ඇත්තෙ කුමකටදැයි මිතුරාට අවබෝධ විය.

" අනේ බං නිකන් පච කියන්​නෙ නැතුව ඉඳපන්. උඔ බලන් ඉන්නෙ අර ලස්සන කෙල්ල දිහා නේද?? "

" හම්... ඔව් බං.. එයා හරිම ලස්සනයි නේද?"

" සිරාවටම එයා ලස්සනයි බං... හැබැයි එයා එක්ක ඉන්න යාළුව නිසාමද මන්ද එයාගෙ ලස්සන වැඩියෙන් පේන්නෙ.... බලපන්කො කොණ්ඩෙ ලස්සන. "

" හම්... එයාට තියෙන්නෙ ලස්සනම ලස්සන කොණ්ඩයක්... මම ඇත්තටම ඒ කොණ්ඩෙට ගොඩක් ආසයි. "


මටත් නොදැනීම මගේ මුවින් පිටවුනු ඒ වචන නිසා මිතුරා එක් වරම මාදෙසට හැරුනි. ඔහුගේ මුහුනේ තිබුනු සිනහව සතුට නිසා මැවුනක්ද, නැතහොත් හුදු සමච්චලයක් පමණක්දැයි සිතා ගැනීමට මට නොහැකි විය.


"බලන්නකො එයා හිනා වෙනකොට කොච්චර ලස්සනද... එයා හිනා වෙන්නෙ හදවතින්ම. එකයි ඒ හිනාව එච්චරටම ලස්සන."

" හපොයි... හොඳට හිටපු උඔට මේ මොකද වුනේ???"
" කෝ බං එකී හිනා වෙන්නෙ නෑනෙ, එයාගෙ යාළුවනම් හිනා වෙනව ව​ගේ පේනව."

---------------------------------------------------------------------------------

" උඔ අදත් සිහින ලෝකෙ වගේ නේද??"
" නෑ බං... මම මේ නිකමට වගේ බලාගෙන හිටිය... "

" ඔව් ඔව් මට පේනව... උඔ බලාගෙන ඉන්නෙ කියල... හැබැයි වැඩිය ඈතක නෙමේ කියලත් මට පේනව.. "

සැබැවින්ම මම බලා සිටියේ ඇය දෙසය. අදත් ඇය මිතුරිය සමග පෙර දිනයක පරිදිම එකම තැනට වි සිටී. ඒ මිතුරිය ඇයගේ හොඳම යෙහෙළිය වීමටද ඉඩ ඇත.

දින සති මාස ගනන් ගෙවිගොස් මගේ සිත තුල වු ඒ සියුම් බලාපොරොත්තුව ආදරයක් බවට පත්වී ඇත. ඒ ආදරය ඇයට පැවසිය යුතුව ඇත. නමුත් ඇය ඒ ආදරය පිලිනොගත හොත්, එය මා කෙසේ දරා ගන්නද?? නමුත් එය පැවසිය යුතුමය. අවසානයේ මා තීරණයකට පැමිණියෙමි.

---------------------------------------------------------------------------

" අනේ බං අදත් උඔ බලා ගත්ත ගමන්මයි....."
" මම බලන් ඉන්නෙ මගේ ලස්සන පුංචි කුමාරි දිහා බං.... බලපන්කො කොච්චර ලස්සන කොච්චර හුරතල් කෙල්ලෙකද කියල"

" ඉතින් බං බලාගෙන ඉන්නෙ ගිහින් කථාකරපන්කො... එක අතකට කොහොම කථා කරන්නද?? අදත් අර පිස්සු කෙල්ල එයා ලගම ඉන්නවනේ. බය නැතුව ඉඳපන්කො උඔට කථාබහ කරන්න කොහොම හරි විදියක් අපි හදා ගමු."

-------------------------------------------------------------------------------

එම දිනය උදාවන බව මම දැන සිටියෙමි. නමුත් ඒ දිනය මෙතරම් ඉක්මනින් උදාවේයැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.

" මචං මචං අන්න අර පුංචි කුමාරිගෙ යාළුව මේ සතියෙ බඳිනවලු. මටත් එන්න කිවුව. උඔටත් කිවුවද?? "
" හම්... ඔවු බං. මටත් එන්න කිවුව"

" ඉතින් බං මූණ කලු කරන් ඉන්නෙ මොකටද? උඔට පුළුවන්නෙ දවසම අර පුංචි කුමාරිත් එක්ක කථා කර කර ඉන්න.. එයත් අනිවාර්යෙන්ම ඒවිනේ මගුල්ගෙදර.."

" ඔවු අපි කවුරු ගියත් නොගියත් එයාට නම් එන්නම වෙනව. මට ඒක විස්වාසයි."


------------------------------------------------------------------------------


(Blog එකේ විකාර ලිය ලිය හිටිය කේෂාන්ටත් හිතුන පොඩි කථාවක් ලියන්න. කේෂාන් ඡීවිත කාලෙට ලියපු පළවෙනි කථාව. මේක අවසාන කථාව නොවේවි කියල හිතනව. පළමු උත්සහය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. දන්න දන්න අය ඒව ටික ටික කියල දෙනවනම් ගොඩක් වටිනව. හැමෝටම බුදු සරණයි!!






Tuesday, August 6, 2013

ආදරයද Quantum Physics වැනිය

                              
                  ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත. ආසන්න වශයෙන් සදාකාලිකය. පැහැදිලි කිරීමට විවිධ අර්ථකථන ඇත. එහෙත් logic වලින්ද ස්වායත්තය. - Charitha Senarathne
1. බාහිරයෙන් පෙනෙන ඇයට නොව ඇය තුල ඡීවත් වන සැබෑ චරිතයට ආදරය කරන්න..

2. ඇයත් සමග ඡීවිතය බෙදා ගැනීමට ඔබ සූදානම් පමනක් (එවන් ආදරයක් ආසන්න වශයෙන් නොව පුර්ණ වශයෙන් සදාකාලිකය.) ... ඇයට ඒ බව පවසන්න.

3. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත යන්න කිසිසේත්ම වලංගු නොවන්නෙ, ඇයගේ පිළිතුර මත ඇති වීම හෝ නැති වීම සිදුවිය හැකිය. නමුත් කිසිම විටක ඇයගේ පිළිතුර විචේචනය නොකරනන්. මන්ද ඒ ඇයගේ තීරණයයි.

4. ​"එහෙත් logic වලින්ද ස්වායත්ත" ,තරමක් දුරට නිවරදි නමුත් සෑම විටම නිවරදි නොවන්නේ වඩාත්ම ගැලපෙන්නෙ කුමන තාර්කික වර්ගයටදැයි හඳුනා ගත නොහැකි නිසාය.

Sunday, July 28, 2013

මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...



ඔබ එය නොදැන සිටි අතීතයේත්
එය දැනගත් වර්තමානයේත්
දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත්

මම ඔබට ආදරය
කළෙමි... කරමි... කරන්නෙමි...

Thursday, July 25, 2013

සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට


ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න.....
දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න..
නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න...
ලස්සනට ඇදුම් ඇදල දෙන්න එකක් පල්ලි යන්න.....

දෙන්නම කැමති Cartoon එකක් එකට ඉදගෙන බලන්න....
දෙන්න එකක් එකතු වෙලා බොරුවට හරි රන්ඩු වෙන්න....
දෙන්න එක්ක එකතු වෙලා කෑම උයන්න ඉගෙන ගන්න....
දෙන්න එකක් අත් දෙක අල්ලගෙන ඇවිදගෙන යන්න....

මගේ සිහින ලෝකය... 
සැබෑ ලෝකයට ගෙනෙන්නට දෑරූ උත්සහය.. 

(සිත තුල ඇදුනු සිහින ලෝකයක් පමණි. කරුණාකර සැබෑ ලෝකය හා සැසදීමට උත්සහ නොකරන්න.)


Monday, July 15, 2013

මම බලා සිටින්නම්...



ඔබ යන්න...
ඔබගේ ආදරය
ඔබගේ සතුට
ඔබගේ ජීවිතය
සොයාගෙන...

මම බලා සිටින්නම්...
මගේ ආදරය
මගේ සතුට
මගේ ජීවිතය 
මගෙන් ඈතට ඇදීයන අයුරු...

(නැත ඔබ කෙරේ කිසිම අයුරකින් ​වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරවී මියදෙන ආදරයක් පමණි)

Tuesday, June 4, 2013

අලුත් මනමාලි හා පරණ දෑවැද්ද - දෙවන කොටස

               දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො. එදා මගේ රූමගේ ඕන කමකට ඒක හොයා ගත්තට මේ පාරනම් මටම ඕන වෙලා හොයා ගත්ත දෙයක් ගැන තමයි ලියන්න හදන්නෙ...

               කේෂාන් පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි TV Games ගහපු එක. (කේෂාන් විතරක් නෙමේ මේ Blog එක කියවන ගොඩක් අයත් එහෙම තමයි කියල මම දන්නව. ) තලපතා ගැහුව වගේ TV එක ඉස්සරහ බිම පෙරලීගෙන පැය ගනන් TV Games ගහපු හැටි තාමත් මතකයි. සමහර දවස් වල නවත්තන්නෙ අම්ම ඇවිත් TV එක වහල දැම්මාම තමයි.

               ලගදි දවසක කේෂාන් උඩ බලාගෙන කල්පනා කරන කර ඉන්නකොට නිකමට වගේ පොඩී ආසාවක් ආව අපහු ඒ Games එකක් දෙකක් සෙල්ලම් කරන්න. ​Google දෙයියගෙන් පොඩ්ඩක් අහල බැලුව මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් කියල. ඔන්න එතකොට තමයි VirtuaNES කියල දෙයක් ගැන හොයා ගන්න පුළුවන් වුනේ. (කෝ මේකෙ L අකුර කියල මගෙන් නම් අහන්න එපා. මොකද මම ඕක හොයා ගන්න කොටත් L අකුර තිබුනෙ නෑ.)

                මොකක්ද මේ VirtuaNES කියන්නෙ..  මෙන්න මෙහෙම තමයි එයාල නම් කියන්නෙ... VirtuaNES is Famicom/NES emulator for Win32 Programmed by Norix. තේරෙන විදියට කියනවනම් මේක NES Files, Windows වල run කරන්න පුළුවන් software එකක්.

                NES කියන්නෙ Nintendo Entertainment System කියන එකේ කෙටි යෙදුමක්නෙ. අපි TV එක ලග පැය ගනන් වාඩි වෙලා සෙල්ලන් කරපු Games ගොඩක මුල් අයිති කාරයො එයාල තමයි. අපි හැමෝම දන්න මාරියෝ සහෝදරයොත් මෙයාලගෙම නිර්මාණයක් තමයි.

                  VirtuaNES හරිම සරල Software එකක්. එක සාමාන්‍ය විදියට run කරල අපිට ඕන කරන NES File එක Open කර ගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ අවුරුදු ගානකට කලින් ගහපු ඒ Games ආපහු දිව හපාගෙන ගහන්න තමයි. (දිව හපාගන්න ඕනෙම නෑ... ඒක Optional)
 
මේ තියෙන්නෙ කේෂාන්ගෙ ආසම TV Game එක VirtuaNES එකේ වැඩ කරන විදිය. 

                ඔන්න ඉතින් කේෂාන් දිව හපාගෙන Contra ගහනව. ටික වෙලාවකින් කවුදෝ මන්ද හරිම දුකෙන් අඩනව වගේ ඇහුන. බලනකොට Lap එකේ Key Board එක. මේ විදියට Games ගහන්න ගියොත් Contra ඉවර වෙන්න කලින් මගේ Lap එකේ Keyboard එක ඉවර වෙනව කියල මට තේරුනා..  ඒකට විසදුමක් විදියට external key board එකක් හයි කරගෙන ටිකක් වෙලා සෙල්ලන් කරා.ඒත් අර TV එක ලග නිදාගෙන Joystick එකන් Game ගහපු feeling එක එන්නෙ නෑ වගේ දැනුන.

              දැන් ඉතින් ඒකට විසදුමක් හොයන්න ඕනෙනෙ.... . මීට අවුරුද්දකට විතර කලින් ebay කඩෙන් ගත්ත Joystick එකකත් හොයා ගෙන ඒක VirtuaNES වලට පූට්ටු කරන්න try එකක් දුන්න. වැඩේ සාර්ථකයි. වීන හදපු Joystick එක VirtuaNES එකක් එල කිරි වගේ වැඩ. දැන් කේෂාන් සතියක විතර ඉදන් කරන්නෙ මේකෙන් Games ගහන එක තමයි.

මෙන්න මේ Interface එක use කරල අපිට ඕන විදියට Joystick එකේ keys map කර ගන්න පුළුවන්.

 මේ තියෙනනෙ කේෂාන්ගෙ සිත් ගත් Games දහය (ඒක නිකන් අර TV එකේ යන සින්දු program එකක නමක් වගේ නේද? )













             ඇත්තටම කේෂාන්නම් මේ Games වලට තාමත් ආදරෙයි. ඒව සෙල්ලම් කරන්න තාමත් ආසයි. සමහර අය හිනා වෙන්න පුළුවන් හපෝ උඔ ගහන්නෙ ඔය games ද කියල. ඒත්... Call of Duty, Far Cry, Sniper Ghost Warrior වලට වඩා Contra වලට කේෂාන් තාමත් ආසයි. NFS Shift, NASCAR වලට වඩා F1-Race වලට කේෂාන් තාමත් ආසයි. 

(කේෂාන් කොච්චර TV Games වලට කැමතිද කියනව නම්... TV Game ගහන්නම කියල Handheld Game Console එකක් ගත්ත. ඒකත් ආවාම එක ගැනත් තව පොස්ට් එකක් දාන්නම්. )


Friday, May 24, 2013

කඳුල ඔබ ...



මාත් එක්ක...  
මගේ ලගටම වෙලා...
අවුරුදු ගානක්.. 
මගේ ඡීවිතය බෙදා ගත්ත...
ඒ කඳුලු....

මටත් නොදැනීම..
මගෙන් ඈතට ගියාම...
මට දැනුනෙ....
මම හරිම වාසනාවන්තයි කියල...

නමුත්...
ඒ කඳුලු මගේ ඡීවිතයේම කොටසක් බව
මට ආපහු දැනෙන්න පටන් ගත්තෙ,

මගේ ඇස් දෙක... 
මටත් නොදැනීම... 
ආපහු කඳුලෙන් පිරුණාමයි....


Saturday, May 18, 2013

මට මතක නෑ කවුද කිවුවෙ කියල


කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
එකපාරක් කරොත්...
එහෙම කරේ ඌට
පිස්සු නිසා....

හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
දෙපාරක් තුන් පාරක් කරනවනම්....
එහෙම කරන්නෙ
ආදරේ නිසා..

මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල.

Thursday, May 16, 2013

මුහුදේ මාළුවන් බොහෝ ඇත


ඔව්
එය නිවරදිය.... 
බොහෝ දෙනා පවසන පරිදි.....
මුහුදේ මාළුවන් බොහෝ ඇත.

විවිධ වර්ණයෙන්..... 
විවිධ හැඩයෙන්.....

නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද
කෙදිනක හෝ දැනුනාද
ඒ මාළුවා ගැන...

ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව.

ඔහුගේ මුළු ඡීවිතයම...
ඔහුගේ මුළු බලාපොරොත්තුවම...
ඔහුගේ මුළු ලෝකයම...
 
 ඒ එකම එක මුහුද බව. 

Sunday, May 12, 2013

හඳ, අපි සහ ආදරය....





පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...
ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා....
ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා.
ඒ නිසාම තමයි අපි හඳ ඉල්ලල අඩන්න පුරුදු වුනේ.

ඒත් අපි ටික ටික ලොකු වෙනකොට අපිට තේරුනා
හඳ කියන්නෙ අපිට කවදාවත්ම ලබා ගන්න බැරි දෙයක් කියල.

ටිකෙන් ටික හඳ ඉල්ලල අඩන එක අපි අමතක කරල දැම්ම...
ඒ හඳට තිබුනු ආදරේ අඩු වුන නිසා නෙමෙයි... 
හඳ අපිට ලබා ගන්න බැරි බව තේරුන නිසා...

ඒත් දැන් ආපහු අපි හඳ දිහා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නව...
කවදාවත් තමන්ට ලැබෙන්නෙ නැති බව දැන දැනත්.... 
අපි ගොඩක් ආදරෙන් ඒ දිහා බලා ගෙන ඉන්නව.... 


ටිකක් ඡනප්‍රිය ඒව