උදේ ඉදන් මහන්සිවෙලා...
පැය ගානක් කුස්සියට වෙලා...
බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්..
කාලක්වත් කන්නෙ නැතුව..
මේසෙ උඩින් තියල යන්නෙ...
අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ..
වෙනද වගේ ලගට වෙලා...
එක එක විකාර කියව කියව...
ඔයාව තරහ ගස්සන මම..
අද ඔයා එක්ක කථා කරන්නෙවත් නැතුව
කාමරේටම වෙලා ඉන්නෙ...
ඔයත් එකක් තරහ වෙලා නෙමේ... මගේ පුංචි නංගියේ...
වෙනද උදේ පාන්දර..
හිනාවෙලා Good Morning කියපු මම...
Chat එකේ විහිළුවක් කරල හිනා වුන මම..
අද උඔල දැක්කාම...
යන්තමට හිනාවෙලා.. බිම බලාගෙන යන්නෙ..
උඔල කාත් එක්කවත් තරහ වෙලා නෙම්.. මගේ යාළුවනේ...
මගේ පුංචි හිතට දරාගන්න බැරිතරම්...
හීන දැකපු වරදට.. බලාපොරොත්තු පොදිබැන්ද වරදට..
අද මම මගේ ඡීවිතය ඇතුලෙම තනිවෙලා..
ඒ බලාපොරොත්තු.. ඒ හීන..
මගේ ඇස්දෙකෙන් කඳුළු වෙලා
ගලාගෙන ගිහින් නැවතුන දවසක..
ඒ පරණ පුරුදු පොඩි පුතා...
ඒ පරණ පුරුදු බන්ටි අයිය..
ඒ පරණ පුරුදු කේෂාන්..
ආපහු ඒවි.....