Friday, May 24, 2013

කඳුල ඔබ ...



මාත් එක්ක...  
මගේ ලගටම වෙලා...
අවුරුදු ගානක්.. 
මගේ ඡීවිතය බෙදා ගත්ත...
ඒ කඳුලු....

මටත් නොදැනීම..
මගෙන් ඈතට ගියාම...
මට දැනුනෙ....
මම හරිම වාසනාවන්තයි කියල...

නමුත්...
ඒ කඳුලු මගේ ඡීවිතයේම කොටසක් බව
මට ආපහු දැනෙන්න පටන් ගත්තෙ,

මගේ ඇස් දෙක... 
මටත් නොදැනීම... 
ආපහු කඳුලෙන් පිරුණාමයි....


Saturday, May 18, 2013

මට මතක නෑ කවුද කිවුවෙ කියල


කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
එකපාරක් කරොත්...
එහෙම කරේ ඌට
පිස්සු නිසා....

හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
දෙපාරක් තුන් පාරක් කරනවනම්....
එහෙම කරන්නෙ
ආදරේ නිසා..

මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල.

Thursday, May 16, 2013

මුහුදේ මාළුවන් බොහෝ ඇත


ඔව්
එය නිවරදිය.... 
බොහෝ දෙනා පවසන පරිදි.....
මුහුදේ මාළුවන් බොහෝ ඇත.

විවිධ වර්ණයෙන්..... 
විවිධ හැඩයෙන්.....

නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද
කෙදිනක හෝ දැනුනාද
ඒ මාළුවා ගැන...

ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව.

ඔහුගේ මුළු ඡීවිතයම...
ඔහුගේ මුළු බලාපොරොත්තුවම...
ඔහුගේ මුළු ලෝකයම...
 
 ඒ එකම එක මුහුද බව. 

Sunday, May 12, 2013

හඳ, අපි සහ ආදරය....





පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...
ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා....
ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා.
ඒ නිසාම තමයි අපි හඳ ඉල්ලල අඩන්න පුරුදු වුනේ.

ඒත් අපි ටික ටික ලොකු වෙනකොට අපිට තේරුනා
හඳ කියන්නෙ අපිට කවදාවත්ම ලබා ගන්න බැරි දෙයක් කියල.

ටිකෙන් ටික හඳ ඉල්ලල අඩන එක අපි අමතක කරල දැම්ම...
ඒ හඳට තිබුනු ආදරේ අඩු වුන නිසා නෙමෙයි... 
හඳ අපිට ලබා ගන්න බැරි බව තේරුන නිසා...

ඒත් දැන් ආපහු අපි හඳ දිහා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නව...
කවදාවත් තමන්ට ලැබෙන්නෙ නැති බව දැන දැනත්.... 
අපි ගොඩක් ආදරෙන් ඒ දිහා බලා ගෙන ඉන්නව.... 


ටිකක් ඡනප්‍රිය ඒව