Wednesday, October 27, 2010

කේෂාන්ගේ නිවාඩුව ගෙවුන හැටි



පහුගිය සෙමෙස්ටර් එක ඉවර වෙලා මාසෙක නිවාඩුවක් හම්බ වුණානේ. ඉතින් ඒකේ කේෂාන් මොකද කරේ. එකම එක දෙයයි. පොඩි සර්කිට් එකක් හැදුව. මට හිතුන ඒක ගැන පොඩ්ඩක් විස්තර කියන්න.නිවාඩුවට ගෙදර ගියාම ගොඩාක් යාලුවො කථා කලා. හැමෝම ඇහුවේ මොනවද කරන්නෙ කියල. මමත් බොහොම සරල උත්තරයකි දුන්න. මම මේ සර්කිට් එකක් හදනව කියල. ඉතින් හැමෝම ඒක ගැන ඇහුව. දැන්නම් ඒකෙ පලවෙනි අදියර ඉවරයි. දෙවනි අදියර තාම ඉවර නෑ.
සරලවම කියනවනම් ඒක Seven Segment Dsplay 6ක් තියන පොඩි Display එකක්. ඒක් LPT පෝට් එක හරහා කම්පුටර් එකට connect කරනව. ඊට පස්සේ මම ලියපු පොඩි program එකකින් පුලුවන් ඒකෙ තමන් කැමති අංක 6ක් පෙන්වන්න. දැනට ම ලියපු program එකෙන් පුලුවන් වෙලාව සහ දිනය පෙන්නන්න විතරයි.ඒක තවත් වැඩි දියුනු කරන්න ඹයාලට පුලුවන්. ඒ කොහොමද???? ඒක දැන ගන්නම ඔන නම් මේක දිගටම කියවන්න වෙනව.
ඇයි මට මෙහෙම (මොඩ) වැඩක් කරන්න හිතුනෙ????? ඉවර වුණු සෙමෙස්ටර් එකේ අපි ඉගන Micro Computer Architecture & Logic Design කියල විෂයක්. ඉතින් මට හිතුන ඒ ඉගනගත්ත දෙයක් මම දන්න දේවට එකතු කරල මොකක් හරි බහුබූත වැඩක් කරන්න. ඒකෙ අන්තිම ප්‍රතිපලය තමයි මේක.මම දන්න දේවල් ටිකකුයි උගන්නපු ටිකකුයි යාලුවො ගෙන් ඉගන ගත්ත ටිකකුයි දාල තමයි වැඩේ කලේ. ආ Program ලියන Java Sample code එක හොයල දුන්නෙ මාලන් (කැලණිතිස්ස) එයාටත් ගොඩක් සිතූතියි.
අන්තිමට කොහොම හරි වැඩේ කලා. ටිකක් මහන්සි වුණා වෙලාව වගේම මුදලුත් වියදම් උනා. මහන්සි වුන තරම දන්නෙ මමයි අපේ ගෙදර අයයි, මට හැමදාම වගේ කථාකර කර දුක සැප අහපු අයයි තමයි. වැඩකරන්නෙ නැතුව දමල ගහල ගිය වාර ගාන අනන්තයි. ඒත් අන්තිමට වැඩේ කරල ඉවර වුනාම ලොකු සතුටක් දැනුන. හැබැයි එතකොට නිවාඩුවත් ඉවර වෙලා....................

ප.ලි. පොඩිදෙයක් අමතක වුණා. අර මම කිවුව දේ. program එක ගැන. මම මේ වැඩේ සම්පූර්ණ තාක්ෂණික විස්තරයකුයි program එකයි මම පුලුවන් තරම් ඉක්මනට blog එකට දානව.

මගේ රූම



අද කියන්න යන්නෙ මාත් එක්ක මගේ දුක සැප ඛෙදාගෙන කාමරෙ ඉන්න මගේ රූම ගැන. ඊයෙ මම බර කල්පනාවක ඉන්නකොට රූම ඇවිත් මගෙන් ඇහුව මොකද මචෝ ප්‍රශ්ණයක්ද කියල. පස්සේ එයා මහා ලොකු සංදේශයක් කියවගෙන ගියා නෙ. මට හිතුන ඒක හයාලටත් කිවුවොත් හොඳයි කියල.

මචං බෝලෙ දාන්න කලින් බැට් කරන්නත් එපා, බෝලෙ දැම්මට පස්සෙ බැට් කරල වැඩකුත් නෑ. ලගට අවුට් වුනා කියල දුක් වෙන්නත් එපා. මොකද ආපහු තව මැච් එකක බැට් කරන්න හම්බ වෙනව. උඔ ඔච්චර හිතන්නෙ නැතුව මම වගේ හිටපන්මේ පේන්නෙ නැද්ද මම ඡොලියෙ ඉන්නව. හැබැයි හිත යටින් දුක් වෙනව. එහෙම කියල රූම 1960 ගනන් වල සිදුවක් කියාගෙන රෙදි මදින්න ගත්ත. යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..........

මම මේ ලියනව දැකල ලගට ඇවිත් ඇහුව මොනවද උඔ ඔය ලියන්නෙ කියල. උඔ ශේෂ්පියර් වෙන්න යනවද කියලත් ඇහුව. මොනව උනත් හරි හිත හොඳ කොල්ල. එයා වැඩිය නෙටි එකේ කැරකෙන්නෙ නැති නිසා හොඳයි. ඒක නිසා මේක කියවන එකක් නෑ. දැක්ක දවසට මම ඉවරයි. මම මේ ලියන එක එකපාරටම නැවතුනොත් පොඩ්ඩක් හොයල බලන්න. මොකද මගේ රූම මාතර. අදට රූම ගැන කිවුව ඇති නේද?? මම නවතින්නම්. බුදු සරණයි.

Monday, October 25, 2010

මගේ ආදරය



මගේ හිතටත් හොරෙන්
මගේ හිතට ඇතුලු වෙලා
හිතේ පිරිල තිබුන දුක
හිතෙන් එලවල දාල
එතනට ලොකු සතුටක්
බලාපොරොත්තු ගොඩක්
පුරවපු ඒ ආදරය

අද
මගෙන් ඈත්වෙලා ගියේ
මගේම වරදින්ද??

ආදරේට බ්‍රෙක් නෑ ඡීවිතේට රිවස් නෑ


මොකක්ද මේ. ත්‍රීවීල් ඇඩ් එකක්වත්ද? නෑ නෑ මම මේ කියන්න යන්නේ ත්‍රීවීල් වල ගහල තියන සිටිකර් එකක් ගැන. පහුගිය පෝය නිවාඩුවට මමත් අනිත් හැමෝම වගේ ගෙදර යන්න කියල බස් එකකට නැග්ග. ඒ ගමන අතර තුර දී මට හමුවුනු ත්‍රීවීල් ගොඩක එක එක විදියෙ සිටිකර් ගහල තිබුන.

බුදු සරණයි, දෙවි පිහිටයි, මගේ සිත ඔබ, ඔය ඉරිසියාව අතහැරපල්ලා යනදාට මේව අරගෙන යන්නෑ, අත හිත අර බංකුවෙනි, පිඔගෙන එන්නේ ඉඔගෙන යන්නද, වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ, ඔය විදියේ එක එක විදියේ ඒව තිබුන. ඒත් මෙන්න මේක මගේ හිතට තදින්ම වැදුන. ආදරේට බ්‍රෙක් නෑ ඡීවිතේට රිවස් නෑ මම හිතන්නෙ ඔයාලත් දැකල ඇති.

ඒක දැකපු ගමන් මගේ හිතට ගොඩාක් දේවල් ආව. එයින් පලවෙනි කොවසට අදාල දේවල් අයින් කරල දෙවනි කොටස ගැන ටිකක් කියන්න හිතුන. පළවෙනි කොටස ගැන කියන එක නිකන් හරි නෑ වගේ නේද? දෙවනි කොටස ඡීවිතේට රිවස් නෑ මොකද හිතන්නේ ඇත්ත තමයි නේද??? මගේ සිත මගේ ඡීවිතේ අතීතෙට ඇදිල ගියා. කොච්චර නම් හිනායන සතුටු හිතෙන දේවල්, දුක හිතෙන ඇඩෙන දේවල්, එපාවෙන දේවල්, කලකිරෙන දේවල් නම් කොච්චර තියනවද? කාලෙට ආපහු යන්න තියනවනම් තියල මට හිතුන.

බ්ංදුව ලෙවල් කාලෙ ඉස්කෝලෙ හිටපු විදිය, මුල්ම ලෙවල් එක පලවෙනි පාර කරපු හැටි, පන්ති ගිය කාලේ, උදේ රෑ යාලුවො එක්ක බයිසිකලෙන් රවුම් ගහපුව, සෙල්ලම් කරපුව, ගේම් ගහපුව, මේ ඔක්කොම එකින් එක පිළිවෙලට මගේ ඔලුවට ඩවුන්ලෝඩ් වෙන්න ගත්ත. අනේ ආපහු කාලෙ එනවනම්. ආපස්සට යන්න, වෙච්ච වැරදි හදාගන්න ගොඩාක් ආසායි ඒත් ඡීවිතේට රිවස් නෑනේ. ලෙවල් කරල ගෙදර නිකන් කකා බිබී හිටිය අවුරුද්ද, මොනවද කලේ. අපරාදෙ, ආපහු ගිහින් අවුරුද්දේ මොනව හරි ඉගන ගන්න ආසයි.

කැම්පස් ආවට පස්සෙනම් හිතුනෙ අපරාදෙ ලෙවල් තව ටිකක් හොඳට කරගත්තනම් කියල තමයි. දෙවනි පාර ටිකක් මහන්සි උනානම් පාඩන් කරා නම්, ඒත් දැන් පරක්කු වැඩියි. තව දෙයක් මගේ රූමගේ උදාන වාකය තමයි -ෂික් අපරාදෙ ලෙවල් හරියට කරගත්තනම් මේ කටිට කන්නෙ නෑනේ.- එයා මේක හැම දාම පොතක් අතට ගන්න කලින් සහ පසුව කියනව.

කැම්පස් ඇවිල්ලත් අවුරුදු 2ක් ගෙවුන. අම්මෝ එයින් පලවෙනි අවුරුද්ද මටනම් ඒත අවුරුදු 10ක් වගේ. මුලු ඡීවිත කාලෙටම හම්බ වුනේ නැති අද්දැකීම් ලෝඩ් එකක් මට හම්බ වුනා. මම හිනා වුනා, ඇඩුව, බලාගෙන හිටිය, ඉස්සරහින් ගියා, පස්සසෙන් ගියා, කෑගැහුව, හැම වෙලේම මගේ යාලුවො ටික මාත් එක්ක හිටිය. මම හිනා වෙනව බලලා අය හිනාවුනා. මම අඩනව දැකල මාව සැනසුව. හැමෝම මට ගොඩාක් දිරි දුන්නා.

මේ අවුරුදු දෙක ගෙවුනෙ ගොඩාක් කරදර මැද. මගේ අතින් වැරදි ගොඩාක් වුණා. ඡීවිතේට ගොඩාක් දේවල් එකතු වුනා, සමහර දේවල් මට නැති වුනා. ආපහු කාලෙට ගිහින් දේවල් ආපහු ලබා ගන්න ආසයි. වෙච්ච වැරදි හදාගන්න ආසයි. ඒත් දැන් පරක්කු වැඩියි. ඇලඩින්ගෙ පහනවත් ලැඛෙනවනම්, වරයක් ඉල්ලලවත් අතීතෙට යන්න තිබුන. මගේ අතින් වෙච්ච වැරදි ආපහු හදන්න තිබුන.

බස් එක ගහපු බ්රෙක් පාරකින් මම එකපාරට ඇහැරුනා. අම්මෝ ත්රීවීල් ස්ටිකර් එක මාව එක්කන් ගිය දුර. මම ආපහු හිතන්න පොඩි උත්සහයක් දැම්ම. ඒත් වැඩක් නෑ, කාලය යන්නෙ ඉස්සරහට විතරයිනේ, පස්සට යන්නෙ නෑනෙ. අපි හැමෝම දන්න කාලෙ ඉඳන් ප්රස්ථාර වල කාලය (ටී) ඇන්දෙ ධන පැත්තෙ විතරයිනේ. අනේ මන්ද තේරුමක් නැතුව මම හිතනව නේද?? ඔයගොල්ලන්ගෙ වෙලාවත් මම නාස්ති කරනව නේද? මේක කියවන්න ගත කරපු වෙලාව අපරාදෙ වගේනම් මට සමාවෙන්න. මම නවතින්නම්. බුදු සරණයි.

.ලි. කාටහරි අර ඇලඩින් කියන හාදය පහණත් එක්ක හම්බ වුනොත් මට මේල් එකක් දාන්න.



ටිකක් ඡනප්‍රිය ඒව