නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, October 27, 2010
කේෂාන්ගේ නිවාඩුව ගෙවුන හැටි
පහුගිය සෙමෙස්ටර් එක ඉවර වෙලා මාසෙක නිවාඩුවක් හම්බ වුණානේ. ඉතින් ඒකේ කේෂාන් මොකද කරේ. එකම එක දෙයයි. පොඩි සර්කිට් එකක් හැදුව. මට හිතුන ඒක ගැන පොඩ්ඩක් විස්තර කියන්න.නිවාඩුවට ගෙදර ගියාම ගොඩාක් යාලුවො කථා කලා. හැමෝම ඇහුවේ මොනවද කරන්නෙ කියල. මමත් බොහොම සරල උත්තරයකි දුන්න. මම මේ සර්කිට් එකක් හදනව කියල. ඉතින් හැමෝම ඒක ගැන ඇහුව. දැන්නම් ඒකෙ පලවෙනි අදියර ඉවරයි. දෙවනි අදියර තාම ඉවර නෑ.
සරලවම කියනවනම් ඒක Seven Segment Dsplay 6ක් තියන පොඩි Display එකක්. ඒක් LPT පෝට් එක හරහා කම්පුටර් එකට connect කරනව. ඊට පස්සේ මම ලියපු පොඩි program එකකින් පුලුවන් ඒකෙ තමන් කැමති අංක 6ක් පෙන්වන්න. දැනට ම ලියපු program එකෙන් පුලුවන් වෙලාව සහ දිනය පෙන්නන්න විතරයි.ඒක තවත් වැඩි දියුනු කරන්න ඹයාලට පුලුවන්. ඒ කොහොමද???? ඒක දැන ගන්නම ඔන නම් මේක දිගටම කියවන්න වෙනව.
ඇයි මට මෙහෙම (මොඩ) වැඩක් කරන්න හිතුනෙ????? ඉවර වුණු සෙමෙස්ටර් එකේ අපි ඉගන Micro Computer Architecture & Logic Design කියල විෂයක්. ඉතින් මට හිතුන ඒ ඉගනගත්ත දෙයක් මම දන්න දේවට එකතු කරල මොකක් හරි බහුබූත වැඩක් කරන්න. ඒකෙ අන්තිම ප්‍රතිපලය තමයි මේක.මම දන්න දේවල් ටිකකුයි උගන්නපු ටිකකුයි යාලුවො ගෙන් ඉගන ගත්ත ටිකකුයි දාල තමයි වැඩේ කලේ. ආ Program ලියන Java Sample code එක හොයල දුන්නෙ මාලන් (කැලණිතිස්ස) එයාටත් ගොඩක් සිතූතියි.
අන්තිමට කොහොම හරි වැඩේ කලා. ටිකක් මහන්සි වුණා වෙලාව වගේම මුදලුත් වියදම් උනා. මහන්සි වුන තරම දන්නෙ මමයි අපේ ගෙදර අයයි, මට හැමදාම වගේ කථාකර කර දුක සැප අහපු අයයි තමයි. වැඩකරන්නෙ නැතුව දමල ගහල ගිය වාර ගාන අනන්තයි. ඒත් අන්තිමට වැඩේ කරල ඉවර වුනාම ලොකු සතුටක් දැනුන. හැබැයි එතකොට නිවාඩුවත් ඉවර වෙලා....................
ප.ලි. පොඩිදෙයක් අමතක වුණා. අර මම කිවුව දේ. program එක ගැන. මම මේ වැඩේ සම්පූර්ණ තාක්ෂණික විස්තරයකුයි program එකයි මම පුලුවන් තරම් ඉක්මනට blog එකට දානව.
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
වැඩ ටිකක් තිබුන නිසා PHP ගැන ලියන්න පටන්ගත්තට ඒක ලියන්න බැ රි වුනා. ඔන්න අද ඒ ලිපි පෙලේ දෙවනි ලිපිය ලියන්න තමයි හදන්නෙ. පළමු ලිපිය කියවන්න...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
ඔන්න පොරොන්දු උන විදියටම පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව ගැන ඉතුරු ටික ලියන්න තමයි අද කේෂාන් උත්සහ කරන්නෙ. මුල් කොටස කියවපු අයටත් කියවල ...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
සමාවෙන්න.............. සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
-
[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද...
-
පහුගිය සෙමෙස්ටර් එක ඉවර වෙලා මාසෙක නිවාඩුවක් හම්බ වුණානේ. ඉතින් ඒකේ කේෂාන් මොකද කරේ. එකම එක දෙයයි. පොඩි සර්කිට් එකක් හැදුව. මට හිතුන ඒ...
-
උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ...
මෙයා කොහොමත් ඔහොම තමයි..ඔක්කොම වැඩ ෂෙප් එකෙ කරල මං නෙවෙ වගේ ඉන්නව.හැබැයි එක දෙයක් තියෙනව..දෙයක් දන්නෙ නැ කියල ඇහුවොත් නං ඒක එළ කිරි වගෙ කියල දෙනවා උගෙ වැඩ සියල්ල පැත්තක දාල..ඒවට ඉතින් බොහොම පින්.. තව තව වැඩියෙන් හොඳට මෙව කරන්න හැකියාව ලැබේවා.
ReplyDeleteඔන්න ඉතින් අපේ පැන්ඩ බොරු කියන්න පටන් අරන්......
ReplyDeleteyour blog is good, try to start ur own blog without blogspot...
ReplyDeletecheers
--> Anonymous
ReplyDeleteස්තූතියි කමෙන්ට් එකට