උදේ ඉදන් මහන්සිවෙලා...
පැය ගානක් කුස්සියට වෙලා...
බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්..
කාලක්වත් කන්නෙ නැතුව..
මේසෙ උඩින් තියල යන්නෙ...
අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ..
වෙනද වගේ ලගට වෙලා...
එක එක විකාර කියව කියව...
ඔයාව තරහ ගස්සන මම..
අද ඔයා එක්ක කථා කරන්නෙවත් නැතුව
කාමරේටම වෙලා ඉන්නෙ...
ඔයත් එකක් තරහ වෙලා නෙමේ... මගේ පුංචි නංගියේ...
වෙනද උදේ පාන්දර..
හිනාවෙලා Good Morning කියපු මම...
Chat එකේ විහිළුවක් කරල හිනා වුන මම..
අද උඔල දැක්කාම...
යන්තමට හිනාවෙලා.. බිම බලාගෙන යන්නෙ..
උඔල කාත් එක්කවත් තරහ වෙලා නෙම්.. මගේ යාළුවනේ...
මගේ පුංචි හිතට දරාගන්න බැරිතරම්...
හීන දැකපු වරදට.. බලාපොරොත්තු පොදිබැන්ද වරදට..
අද මම මගේ ඡීවිතය ඇතුලෙම තනිවෙලා..
ඒ බලාපොරොත්තු.. ඒ හීන..
මගේ ඇස්දෙකෙන් කඳුළු වෙලා
ගලාගෙන ගිහින් නැවතුන දවසක..
ඒ පරණ පුරුදු පොඩි පුතා...
ඒ පරණ පුරුදු බන්ටි අයිය..
ඒ පරණ පුරුදු කේෂාන්..
ආපහු ඒවි.....
ඒ පරණ පුරුදු කේෂාන්..
ReplyDeleteඅපිටත් ඕනෙ ඒ පරණ පුරුදු එකාව ගෙන්න ගන්න තමා...
ලඟදිම ආපහු ඒවි... :D
Deleteඇත්තටම ඒ පරණ පුරුදු කේෂාන් ඉක්මනටම ආපහු එනව නම් හොඳයි. ඒ වගේම ඔයා මේ අදහස් ටික ඉදිරිපත් කරල තියෙන විදිහත් ගොඩක් ලස්සනයි කේෂාන්..
ReplyDeleteහිතේ තියන අදහස් කටවත්ම කියාගන්න බැරි වුන වෙලාවක මම කරන දේවල් වලින් එකක් තමයි ඒ අදහස් අකුරු කරල කොහේ හරි ලියන එක. එහෙම කරාම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව. ස්තූතියි Comment එකට.
Deleteමට උඹව අමතන්න ඕනි කමෙන්ට්ස් වලින් නෙවෙ.. මූණටම .. හැමදාම කිව්වට ඒක මග ඇරුනා.. එත් තව මග ඇරෙන්න නම් දෙන්න බැ
ReplyDeleteමුට හොදට දෙකක් දීල අමතපන් මචන්... නැත්නම් හරියන්නෙ නෑ...
Delete@පැන්ඩා : මම තව මාසයක්වත් යනකන් උඔ ඉන්න පැත්ත පලාතක එන්නෙ නෑ. ඇයි බං උඔ නිකමටවත් මට එකක් දෙකක් ගැහුවොත්... මම ඉවරයි. උෙඕ ඔය පැන්ඩ සයිස් අත පය වලින් මට ගුටි කන්න බෑ බං :'(
Delete