නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Sunday, February 5, 2012
නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)
පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ වගේ. එකක් ඉවර වෙනකොට තව අළුත් දෙකක් එනව. ඉතින් මොනව කරන්නද???
පහුගිය දවස් ටිකේ නම් ගොඩක් දේවල් වුනා. පණ වගේ ආදරේ කරන මගේ ලැප් එක වැඩ කරන්නෙ නැති වුනා. ඒක හදාගන්නත් හෙන ගේමක් දුන්න. ඒ වගේම කේෂාන් තමන්ගෙ ඡිවිත කාලෙදී අඩුම කාලයකදි ගමන් කරපු වැඩිම දුරත් ගමන් කරා... (100 200 400 Record එකක් එහෙම නෙමේ හොදේ.....) ඒක ගැනනම් අනිව Blog Post එකක් දාන්න ඔනේ.
විශ්ව විදාලයෙ අවසාන Exam එකත් තව සති දෙකකින් විතර පටන් ගන්නව. එත් කොහොම හරි Blog කීපයක් හරි ලියන්න ඔනෙ.
මම දන්නව වෙනද වගේ මේ Blog එකට Comment දාන එකක් නෑ.. සමහර Blog අවකාෂයෙ යාළුවන්ට දැන් මාව මතකද දන්නෙත් නෑ. හම්... එහෙනම් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!!!
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
වැඩ ටිකක් තිබුන නිසා PHP ගැන ලියන්න පටන්ගත්තට ඒක ලියන්න බැ රි වුනා. ඔන්න අද ඒ ලිපි පෙලේ දෙවනි ලිපිය ලියන්න තමයි හදන්නෙ. පළමු ලිපිය කියවන්න...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද...
-
ඔන්න පොරොන්දු උන විදියටම පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව ගැන ඉතුරු ටික ලියන්න තමයි අද කේෂාන් උත්සහ කරන්නෙ. මුල් කොටස කියවපු අයටත් කියවල ...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
සමාවෙන්න.............. සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
-
උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ...
-
ටික දවසකින් Blog එක පැත්තෙ එන්නත් බැරිවුනා මේ Exam වැඩ නිසා . ඒත් කල් දාන්නෙ නැතුව කියන්නම ඕන කියල හ...
-
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට...
මට මතකයි...මාස තුනට වැඩී නම් සින්ඩියෙන් පන්නල ඇති..අයෙ රෙජිස්ටර් වෙන්ට වෙයි හොදේ....
ReplyDeleteහම්..... මටත් තාම මතකයි...
Deleteබලමුකො අපහු ගිහින්...
මම නං අද මේ පැත්තේ ආපු පළවෙනි දවස...වැඩ ටිකත් කරගෙන ලියන්න නිවාඩුපාඩුවේ.....
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව... බොහොම ස්තූතියි Comment එකට
Deleteපැන්ඩා, තාරා, කේශාන් !!!
ReplyDeleteතුන් දෙනාම එකසැරේ පෝස්ට් තුනක් දාලා ! :)
ලියන්න ලියන්න ! අපි කියවන්නම් !
පොඩ්ඩක් බලන්න සිංඩි වලින් පන්නලාද කියලා. විෂේශයෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බලන්න !
බොහොම ස්තූතියි..
Deleteසින්ඩි ටිකට ආපහු ගිහින් බලන්න ඔනෙ...
අදයි මෙහාට ආවෙ.. :) විභාගෙ ඉවර වෙලා ආයෙමත් ලියන්න පටන්ගන්න අයියේ...:)
ReplyDelete