ඔබ යන්න...
ඔබගේ ආදරය
ඔබගේ සතුට
ඔබගේ ජීවිතය
සොයාගෙන...
මම බලා සිටින්නම්...
මගේ ආදරය
මගේ සතුට
මගේ ජීවිතය
මගෙන් ඈතට ඇදීයන අයුරු...
(නැත ඔබ කෙරේ කිසිම අයුරකින් වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරවී මියදෙන ආදරයක් පමණි)
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
දුක්බර අදහසක් කවියක් කර ඇති හැටි අපූරුයි...
ReplyDeleteස්තූතියි chams... හිතේ තියන සමහර දේවල් කියන්න කවුරුවත්ම නැති වෙලාවට... ඒ දේ අකුරු කරල කොතනක හරි ලියන එක, හිත හදාගන්න පුළුවන් එක විදියක් කියලයි මටනම් හිතෙන්නෙ.
Deleteකියන්න තියෙන එකම දේ ඔය දුක විඳ ඇත්තෙමි. :)
ReplyDeleteකාලෙකට පස්සෙ හා පැටිය මෙ පැත්තෙ ඇවිත්.. ස්තූතියි Blog එකට ඇවිත් කියවල comment එකක් දැම්මට.
Deleteඅපි ගොඩක් අය මේ අත් දැකීම විඳල (විඳවල) තියනව. එත් එහෙම වෙන්නෙ ඇයි කියලනම් අපි කාටවත් කවදාවත්ම තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ.