Wednesday, September 8, 2010

අපේ PROJECT එක

මාස හයක් ඉගනගත්ත
JAVA ටිකෙන් ලියන්න හිතාගෙන
පටන් ගත්ත කරන්න PROJECT එකක්
EagleEye කියල

පටන්ගන්න කලින් ඒක අනුමත කරගන්නලු
වාර්තාවක් හදල ඉක්මනට භාරදෙන්නලු
ඒකට පොඩි Presentatio එකකුත් හොඳට කරන්නලු
වැඩේ හොඳවම් ඒගොල්ලො අනුමත කරනවලු

බලාපොරොත්තු ගොඩයි
Presentation එකයි
අන්තිමට කිවුව

මේක කරන්න Java ඔනද
Online එකක් හදන්නකො

අපි පස්දෙනයි
වැඩේ ලොකුයි
MySQL HTML PHP JavaScript
ඉගෙන ගත්ත මුල ඉඳන්

ඇරඔුම

පටන්ගන්න ටිකක් කල් ගියා. වැඩ ටික ඔක්කෝම හිර වුන නිසා. අවුලක් නෑ දැන් අලුත් සෙමෙස්ටර් එකක්. අපි සුපුර් සීනියර්සිල ලු. අනේ මන්ද හැමෝම එහෙම කියනව. එත් මටනම් එහෙම දැනෙන්නේ නෑ. තාම First Year වගේ. Exam එකත් කරා ගත්ත. ගොඩක් ඒව නම් හොඳට කරා. එත් සමහර ඒවනම් එච්චර සුවර නෑ. මොනව කරන්නද පුලුවන් විදියට කරා PROJECT එකත් අමාරුවෙන් කර ගත්ත. ඒකට මැරුන තරම් දන්නෙ අපි පස්දෙනා විතරයි. පස්දෙනා කිවුවෙ අපේ PROJECT එකේ පස්දෙනා. ඒක ගැනත් පස්සේ ලියන්න ඔ්නේ.

Lectures පටන් ගත්ත. අද හවසනම් මුකුත් නෑ. Computer lab එකට වෙලා ඉන්නව. අලුත් අලුත් විශයන් ගොඩක් දාලා. අද කෟතිම බුදිධිමය පද්දති (AIS) කියල lec එකකුත් තිබුනෙ. මටනම් හිතුනෙ තියන බුද්ධිය ටිකත් නැතිවෙයි වගේ. මොකක්දෝ මන්ද ටෙස්ට් එකක් ගැන ඉගැන්නුව. Turin ද මොකක්ද කියද. කොල්ලො වගයක් කිය කිය ගියා යූරින් ටෙස්ට් එක නම් දන්නව කියල.

දැන් ඇති වගේ. බඩත් ටිකක් කෑගහනව කැන්ටිමේ කෑම ටිකක් ඉල්ලලා. දැන් ගියානම් හොදයි වගේ. ආපහු හම්බවෙනකන් හැමෝටම බුදු සරණයි

ටිකක් ඡනප්‍රිය ඒව