Monday, February 13, 2012

මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඈවිත්

    
     පහුගිය දවස් ටිකේම ගෙදර එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්නවට වඩා හිටියෙ බස් වල. බදුල්ල කොලඔ.... කොලඔ රත්මලාන... රත්මලාන අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ දෙමටගොඩ... අම්බලන්ගොඩ කොලඔ බදුල්ල... බදුල්ල මාතර අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ වැල්ලවත්ත.... අම්බලන්ගොඩ මාතර බදුල්ල... සතියක් විතර හැමදාම බස් එකේ.. ඒ ගැන කියන්න තව Blog Post එකක් ලියන්න වෙයි..  

    ඔන්න ඔහොම බස් වල යනකොට අපිට අහන්න වෙන සින්දු තියනවනෙ (දන්නවනෙ සින්දු වර්ග කරන විදිය.. දන්නෙ නැති අයට ලගදීම Post එකක් දාන්නම්...) අන්න ඒ විදියට අහන්න වුනු සිංදුවක් ටිකක් හිතට දැනුනා. එකම දවසෙත් කීප සැරයක් අහපු නිසා නිකමට වගේ පද ටික හොදින් අහගෙන හිටිය. හරිම අපූරුවට ලියල තියනව (මට දැනෙන විදියට). මම දන්න විදියට මේක කියන්නෙ කවීෂ. 
​මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඈවිත්
පෙම්බරී මේ අසාපන්, සුන්දරී මේ බලාපන්
හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්න සිතපන් ල​දේ..


අපි දුක්වින්ද පෙම් බැන්ද මතකයේ මැදින්
මම උහුලන්නෙ කෙලෙසින්ද නුඔ නැති දුකින්
ඔහු නු​ඹේ හිමි වුනා දෙන්, මේ භවේ නිම වුනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ...


මුළු සසරේම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න සුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන්, පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වගේ මතු භවයෙදී
මට සැනසෙන්න මගෙ සොදුර හිමිවී යලි

    ඒත් මෙකෙ හරියටම තේරුම මට තාම තේරෙන්නෙ නෑ.. මගේ සියල්ල දත් රූම නම් මේ දැන් මම සිංදුව අහනව ඈහිල කිවුව; 

හපෝ.. ඕක මැරෙන එකමයි හොද... ගෑනු කීයක් ඉන්නවද? 

    ඒත් මට හිතෙන විදියට නම් මෙතන කවුරුත් මැරෙන්නෙ නෑ.. ඉන්නෙත් එක කෙල්ලයි.. අනේ මන්ද.... හරියටම තේරුම දන්න කෙනෙක් ඉන්නව නම් Comment එකක් දාන්නකො....

(මට හිතෙන විදියටනම් ආදරේ කරපු කෙල්ලව බදින්න නැත්නම් එයාට ආදරේ කරන්න වෙනත් කෙනෙක් ඈවිත් වගේ)

Sunday, February 5, 2012

නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ


මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)

පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ වගේ. එකක් ඉවර වෙනකොට තව අළුත් දෙකක් එනව. ඉතින් මොනව කරන්නද???

පහුගිය දවස් ටිකේ නම් ගොඩක් දේවල් වුනා. පණ වගේ ආදරේ කරන මගේ ලැප් එක වැඩ කරන්නෙ නැති වුනා. ඒක හදාගන්නත් හෙන ගේමක් දුන්න. ඒ වගේම කේෂාන් තමන්ගෙ ඡිවිත කාලෙදී අඩුම කාලයකදි ගමන් කරපු වැඩිම දුරත් ගමන් කරා... (100 200 400 Record එකක් එහෙම නෙමේ හොදේ.....) ඒක ගැනනම් අනිව Blog Post එකක් දාන්න ඔනේ.

විශ්ව විදාලයෙ අවසාන Exam එකත් තව සති දෙකකින් විතර පටන් ගන්නව. එත් කොහොම හරි Blog කීපයක් හරි ලියන්න ඔනෙ.

මම දන්නව වෙනද වගේ මේ Blog එකට Comment දාන එකක් නෑ.. සමහර Blog අවකාෂයෙ යාළුවන්ට දැන් මාව මතකද දන්නෙත් නෑ. හම්... එහෙනම් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!!!



ටිකක් ඡනප්‍රිය ඒව