කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Saturday, September 21, 2013
අමුතු එකතුව
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට් එකක් දාන්න හිතුන.
බොහෝ දෙනා පවසන්නෙ ආදරය වේදනාකාරී බවයි. නමුත් සැබැවින්ම එය වේදනාකාරීද. තනිකම, කෙනෙකුගේ වෙන්වීම හෝ ප්‍රතික්ෂේප වීම වඩාත් වේදනාකාරී නොවන්නෙද? බොහෝ විට අප මේ සියල්ල ආදරය සමග පටලවා ගැනීමට උත්සහ කරනු ඇත. නමුත් සැබවින්ම කෙනෙකුගේ සියළුම දුක් මකා දමා නැවතත් ඡීවිතය සතුටෙන් පුරවාලන්නට හැකියාව ඇති මෙලොව පවතින එකම දෙය ආදරයයි. මදක් සිතන්න මෙලොව තුල අපට බිඳක් හෝ රිදවීමට උත්සහ නොකරන එකම දෙය "ආදරයයි" - උපුටා ගැනීමකි.
සිහින සැම විටම abstract වන්නෙහිය. එම සිහින වල implementation බොහෝවිට සිහින දකින්නා නොව වෙනත් පාර්ශවයක් විසින් සිදු කල යුතුය. නමුත් එම පාර්ශවය විසින් සිහිනය implement කිරීම හෝ නොකිරීම ගැන කිසිවෙකුටත් සහතික විය නොහැක. කෙසේ වෙතත් implement නොකල සිහිනයක් තුල ඡීවත් වීමට උත්සහ දැරීම සැබවින්ම සිහිනයකි.
දුම්රියක ඉදිරියට ගමන් කරන අපහට අවට පරිසරයේ පවතින සියළුම දේ අපව පසුකර පිටුපසට ගමන් කරන්නාක් වැනි හැඟීමක් ඇති වන්නෙ සාපේක්ෂ චලිතය නිසා බව මා අසා ඇත්තෙමි. තවද මේ චලිත පැහැදිලි කිරීමට "සමුද්දේශ රාමුව" සංකල්පයද යොදගෙත යුතුයැයි ඇතමුන් පවසනු ඇත. අප අවට පුද්ගලයන්නෙ වෙනස් වීම අපට නිවරදිව ග්‍රහනය නොවන්නෙ අප සියළුදෙනා අප අපට වෙන්වූ සමුද්දේශ රාමු තුල ඡීවත් වන නිසායැයි විටක හැඟේ. අප මොහොතකට ඒ සමුද්දේශ රාමු වලින් පිටතට පැමිණ එකම සමුද්දේශ රාමුවක සිට මේ සියල්ල කල්පනා කර බලන විට සියළුම වෙනස් වීම බොහෝ දුරට තර්කානුකූල බව වැටහෙනු ඇත. එපමණක්ද නොව සියළුම වෙනස් වීම් එකට ගත් කල එයින් නිර්මාණය වන චිත්‍රය සම්පූර්ණ වන්නෙ ඡිග්සෝ ප්‍රහෙළිකාවකට කොටස් එකට සම්බන්ද වන ලෙසිනි.
සරුංගලයක් අහසේ රැඳෙමින් ආඩම්බර වන්නෙ අන් සියළුම දෙනාට වඩා එය ඉහලින් ඇති නිසාම පමණක් නොව, එයට එතරම් උසක් ගමන් කිරීමට උදවු කර පුද්ගලයා තව දුරටත් ඒ සරුංගලය ගැන ආදරයෙන් එය රඳාවා තබා ගන්නා බැවිනි. එහෙත් කිසියම් මොහොතක ඒ පුද්ගලයා සරුංගලයේ නූල අතහැරියහොත් සරුංගලයට දැනෙන වේදනාව ඒ පුද්ගලයාටත් දැනෙනු ඇතැයි සිතිය නොහැක. එවන් මොහොතක සරුංගලය පාවී ඇතට යන්නෙ සුලඟ නිසාම පමණක් නොව, තමන්ට ආඩම්බර වීමට මාවතක් සැකසූ පුද්ගලයාම තමන්ට වේදනාවක් ගෙන දුන් නිසා නැවතත් ඔහුගේ දෑස මානයට පතිත වීමට ඇති අකමැත්ත නිසාද විය හැකිය. පැහැදිලිවම එය සාධාරණීකරනය කර හැකි වන්නෙ සරුංගලය තනිවම ඉහල අහසට ගමන් නොකර බැවිනි.
Subscribe to:
Posts (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
අපගේම මිතුරන්ගේ අපරිමිත කැපකිරීමත් පසුනොබසින උත්සාහයත් දෙස බලාසිටිනු හැර දැන් වෙන කුමක් කරන්නද??
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
හැල හැප්පීම් ගොඩක් ඒකක් ගෙවුනු වසරක අවසානය. අද ඉදන් අළුත් අවුරුද්දක්. ගෙවුනු අවුරුද්දෙ කරපු කියපු දේවල් මතක් කරල බැලුවාම ගොඩක් සතුටු...