
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන. හෙට mid exam එකකුත් තියනවනෙ. හරි හරි ඔන්න එහෙනම්,
Subject : CST 341-3 Data Communication And Networking
Chapter : OSI Model
Title : TCP
TCP කියන්නෙ Network එකක් හරහා data packet යැවීමට භාවිතා කරන වාඩාත් විශ්වාසදායි protocol එකක්. අහල ඇතිනෙ UDP ඒක මේ තරම් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. කොහෙන්ද පටන් ගන්නෙ,
දැන් දෙන්නම රෙඩි. මුලින්ම A පළවෙනි පැකට් එක B ට යවනව. එතකොට B ඒක අරගෙන, හරි මට 1 ලැබුන දැන් 2 එවන්න කියනව. ඉතින් ඒක අහපු A 2,3 කියන පැකටි දෙකම B ට යවනව. දැන් B ඒ පැකටි දෙකම අරගෙන හරි මට දැන් 4 එවන්න කියනව. ඉතින් A 4,5,6,7 පැකටි ටික ඔක්කොම යවනව. ඒ ටික ගන්න B උත්තර දෙන්නෙ මට 8 එවන්න කියල. පේන්නෙ නැද්ද නිකන් කූඩාරමට ඔටුවෙක් රිංගනව වගේ. මුලින් එවුවෙ පැකටි එකයි. ඊට පස්සෙ 2යි. දැන් 4යි. ඔව් ඔව් මේ TCP එහෙම තමයි. ටික ටික පැකටි ගාන වැඩි කරනව. ඔන්න ඔය එක පාරකට යවන පැකටි ගානට තමයි Window size කියන්නෙ.
හරි. මම මුලින් කිවුව නේද මේත විශ්වාස දායක විදියක් කියල. ඒ ඇයි?? අපි හිතමු A යවනව පැකටි 11,12,13,14,15,16,17 ඔක්කොම Bට. හැබැයි Bට ලැබෙන්නෙ 12 වෙනකන් විතරයි. මොකක් හරි අවුලක් වෙලා අනිත් ඒව නැති වෙනව. දැන් B මොකද කියන්නෙ? එයා කියනව මට 13 එවන්න කියල. අනේ පවු Aට ආපහු 13,14,15,16,17,18,19 පැකටි ටික යවන්න වෙනව. ඒකින්නෙ 13 ඉදන් ඉදිරියට. ඔන්න ඔහොම තමයි එයාල දත්ත පැකටි මග හලා ගන්නෙ නැතුව යවන්නෙ. හැබැයි මේකට ටිකක් කාලය යනව. ඒක නිසා මේ TCP කියන Protocol එක යොදගෙන්නෙ වේගයට වඩා නිවරදිබව වැදගත් වන තැන්වලදි තමයි. උදාහරණයක් විදියට e-mail එකක් යවන එක. එතනදි භාවිතා කරන්නෙ TCP. මොකද, විශ්වාසදායක ලෙස දත්ත යැවීම වැදගත්. හැබැයි අපි හිතමු අපි කාත් එක්ක හරි Voice Chat කරනව කියල. එතකොට මේත හරියන්නෙ නෑ. මොකද ඒක Real time වෙන්න ඕන දෙයක්. එතකොට භාවිතා කරන්නෙ UDP - User Datagram Protocol කියල එකක්. ඒක මේ වගේ වෙලාව කන්නෙ නෑ. හැබැයි නැති වෙච්ච පැකටි හොයන්න යන්නෙත් නෑ. දැන් තේරෙනව නේද Chat කරන කොට සමහර ඒව ඇහෙන්නෙ නැතිව යන්නෙ කොහොමද කියල..
ආ... තවත් දෙයක් අමතක වුනානෙ. මම කිවුවනෙ දැන් A තමන් යවන පැකටි ගාන ටික ටික වැඩි කරනව කියල. මුලින් 1යි ඊලගට 2යි 3යි 5යි 10යි 20යි........ ඉතින් ඔහොම වැඩි වෙනකොට එක වෙලාවක් එනව B ට ටිකක් තරහ යන.(අපිටත් ඔය වැඩ ටිකක් වැඩි වුනාම තරහ යන්නෙ.) එතකොට B, A ට කියනව ටිකක් හිමින් එවනවද? අනේ මගේ Buffer එකේ ඉඩ නෑ කියල. ඉතින් A කරන්නෙ අර එක වරකට යවන පැකට් ගාන ටිකක් අඩු කරනව. ඒ කියන්නෙ Window Size එක ටිකක් අඩු වුනා. දැන් ඒ වේගෙත් වැඩ්නම් A ඒක තවත් අඩු කරනව. ඔහොම ටික වෙලාවක් යනකොට B කියනව "A තව පැකට් ටිකක් වැඩිපුර එවුවට කමක් නෑ" කියල. ඉතින් A ආපහු පැකටි ගාන වැඩි කරනව. ඒකියන්නෙ Window Size එක වැඩි කරනව. ඔන්න ඔය සෙල්ලමට තමයි Windowing කියන්නෙ. (ඕක ලගදිත් මගෙන් කවුරරු හරි ඇහුව. මට මතක නෑ කවුද කියල)
thx saho
ReplyDelete@පසන් Sid
ReplyDeleteස්තූතියි comment එකට. අලුත් කෙනෙක් අදුර ගන්න ලැබීම සතුටක්. ඔයා මේ blog අවකාෂයට අළුත් කෙනෙක් නොවුනත් මම මේකට තාම අළුත් නේ.
:b
ReplyDelete:e :f
ReplyDeletePCW
නියමයි සහෝදරයා මම IT උගන්වන කෙනෙක් මට මේව ගොඩක් වැදගත් ... ගොඩාක් ඉස්තූතියි..
ReplyDeleteජයවේවා !!
:t :m :b
ReplyDeleteමෙන්න එහෙනං මගෙන් පුන්චි උදව්වක්..මෙකෙ pdf එක ඕනිම අයට
ReplyDeletehttp://www.mediafire.com/?eej1n07qc0whbvt
ඔය ලින්ක් එකෙන් ගන්න කො...මට පුලුවන් පුන්චිම උදව්ව කරන්න හැදුවෙ කේශාන්..
එහෙනං ස්තූතියි..
"මේ දරුවට තුණුරුවන්ගේම සරණයි, වැඩි වැඩියෙන් ඥානය පහළ වේවා, යන එන මඟ සියළු කටයුතු සාර්ථක වේවා...!!! " - ආතම්මගේ ආශිර්වාදය පැන්ඩගෙන්
@Panda
ReplyDeleteගොඩක් ස්තූතියි පැන්ඩො. කරල තියෙන්නෙ පොඩි නෙවේ වෙලාවෙ හැටියට ලොකු උදවුවක්. හැමදාම උඔ මට දෙන help එක දැක්කාව හිතට හරිම සතුටුයි.
@හිස් අහස
ස්තූතියි comment එකට. කාටහරි උදව්වක් වෙනවනම් මගෙත් බලාපොරොත්තුව ඒක තමයි. මට සතුටුයි මේ ලිපියට තවත් අයගෙ ඈස් පාදන ගුරුවරයෙකුගෙ ඈගයීමක් ලැබීම ගැන.
@sanda
ස්තූතියි. හිතට එන ඕනම අදහසක් අකුරු කරන්න කියල ආරාධනා කරනව. මොකද ඒ comment වලින් තමයි මගේ හිත දිරිමත් වෙන්නෙ.
@Anonymous
දෙන්නටම ස්තූතියි. පුළුවන්නම් නමත් එක්ක comment කරනවද? මම ආසයි මගේ blog එක කියවන අයව දැනගන්නග. ස්තූතියි
අගනා ලිපියකි.දිගටම ලියන්න.මගේ සුබපැතුම්.....!!!!!!!!!
ReplyDeletekeep it up :b
ReplyDeleteහොදට විස්තර කරල තියෙන නිසා තේරුම් ගන්න පහසුයි. බොහොම ස්තුතියි!
ReplyDeleteහැබැයි ඉතින් ලැබ් එකෙ නෙට් යන උදවියට ඕක ගන්න බැරි වෙයි,...හිටපන්කො මමත් සයිබර් ජාලයේ හොස්ටින් ඉඩක් ගන්න කං...කට කපල භාගයක්ම උඹට දෙනව ෆ්‍රී ඔෆ් චාර්ජ්....:b
ReplyDeleteනියමයි සහෝ....
ReplyDeleteඒකාලේ මේ ලිපිය කියවන්න තිබුණනම් කොච්චර හොදද...
නියමෙට පැහැදිලි කරලා තියේ...
@රන්දික කුලතුංග
ReplyDeleteබොහොම ස්තූතියි comment එකට. මම ලියපු දේවල් අගය කරන අය ඉන්නව දැකීමත් හරිම සතුටක්.
@✍ අ_Ⓒ_ත
බොහොම ස්තූතියි comment එකට.
@Kenny Dematagoda
ස්තූතියි comment එකට. මම මට පුළුවන් උපරිමයෙන් දන්න දේ විස්තර කරල කියන්න උත්සහ කරනව. ඒක කොච්චර සාර්ථකද කියල දන්නෙ ඔයාල තමයි.
@පැන්da
ඈත්ත පැන්ඩො. අපේ ලැබ් එකේ ඕන එකයි එපා එකයි හැම සයිටි එකක්ම BLOCK නෙ. හරි හරි ඉඩක් ගත්ත දවසක මටත් ටිකක් දෙන්නකො. සතුටින් භාර ගන්නව.
@෴ හසියා ෴
ස්තූතියි comment එකට. දැන් උනත් අළුත් දෙයක් ඉගන ගන්න පරක්කු නෑ නේද?
very good..all the best
ReplyDelete@Kesha
ReplyDeleteThankx
Thank u machan....Thank u very much...I owe u...!!!
ReplyDeleteBy the way is there any way to write in sinhala when i use google chrome???
යෙප්...මහ වලසා u van use qschrome extension
ReplyDeleteඇ බං ලංකා දැන් උඹෙ කොයි පැත්තෙන් බැලුවම ද උඹ මහ වලහා වගේ පෙන්නෙ,..:q :ප්
ReplyDeleteමෙ ස්මයිලීස් සෙට් එක පට්ට කේශාන්
thanks a lot........keshan
ReplyDelete:f Obe mahansiyata apen mal mitak SAmada aPi OBa ekKai.CST-UWU-08-Students
ReplyDeleteAI article ekak dannakoooooooooo S2K
ReplyDelete@මහා වලසා(Maha Valasa)
ReplyDeleteස්තූතියි වලසා.
@Mahesh
ස්තූතියි බං.
@Anonymous
මමත් කැමතියි ලියන්න. ඒත් මටත් ඒක හරියට තේරෙන්නෙ නෑ නෙ. බලමු එකක් හරි දාන්න full try එක දෙන්නම්. ස්තූතියි comment එකට.
:t
ReplyDelete@dinesh
ReplyDeleteස්තූතියි අයියෙ...
:b meka nam sira machan.. therena basawen kiyala thiyeanwa
ReplyDelete