Thursday, November 25, 2010

8086 Data Path – Control Word


ඔන්න ඉතින් පොරොන්දු උන විදියටම ගියපාර ලිපියෙ ඉතුරු ටික අද අරගෙන ආව. හපොයි පරන එක තාම බැලුවෙ නැද්ද??? එහෙනම් ඒක බලල හිටියනම් හොදයි නේද???? පොරොන්දුව ඉෂ්ඨකරන්න නම් ටික දවසක් ගියා නේද? වැඩ වැඩි නිසා ටික ටික කල් ගියා. හරි එහෙනම් පටන් ගමු.

Subject:CST303 Computer System Architecture

Chapter:Microprocessor Architecture - 8086

Title :8086 Data Path - Control Word

Related Title :8086 Data Path - How Its Work


මම එදා කිවුවනේද R1 <-- R2 + R3 කියන Operation එක 8086 වල වෙන විදියග මම එතකොට කිවුව මතකද 8086 ඈතුලෙ අපි කියන කියන විදියට MUX Select කර කර එහා මෙහා signal අරන් යන පිස්සෙක ගැන. එයා තමයි මේ Control Word එහෙමත් නැත්නම් Control Signal කියන්නෙ. ඒක ඈත්තටම signal එකක්. බොක්කෙන්ම කියනවනම් මේක 16-bit binary value, each bit indicate particular control signal.

හරි එහෙනම් මේ එකින් එක මොනවද කියල බලමු. DA කියන්නෙ Destination Register Address කියන එකනෙ. කියන්නෙ ගමනාන්තය. අපේ උදාහරණයේ නම් මේ ගමනාන්ත Register එක R1 නේද? දැන් පොඩ්ඩක් බලන්න ඒක ON කරන්නෙ කොහොමද කියලග Decoder එකට Input කරන්න ඕනෙ 01 නේද? එහෙනම් DA වල අගය 01, හැබැයි ඒකෙ දිග 3-bit වෙන්න ඕනෙ. නිසා DA වල අගය අපි ලියන්නෙ 001 කියල.

විදියටම AA කියන්නෙ A Address. කියන්නෙ පේ උදාහරණයේ නම් R2ගෙ Address එක නේද?? ඒක ON කරන්න Decoder එකට 10 signal එක දෙන්න ඕනෙ. එහෙනම් AA වල අගය 010, මතකයි නේද, මේ සිග්නල් එකත් 3-bit. එතකොට BA, B Address උදාහරණයට අනුව R3, කොහොමද R3 ඔන් කරන්නෙ. හරියටම හරි.... ඔය කියන්නෙ. බොරුවට බෑ වගේ ඉදලනෙ. හරි දැන් BA = 011.

ඊලග පියවර MB, මේක MUX B වල Select input එක. මගේ කලින් ලිපියෙ විදියට MUX B වල input එක 1යි නේද? එහෙනම් මෙතන MB වල අගය 1යි. ඒවගේම MD කියන්නෙ MUX D. ඒකට input කරන්නෙ 0 නේද? ඈයි කියල මතක නෑ වගේමනම් පරන ලිපිය බලන්නකො. එතකොට MD=0. අන්තිම එක R/W. කියන්නෙ Read or Write Operation කියන එකනෙ. අපේ උදාහරණය R1 <-- R2 + R3 write operation එකක් නේද? එහෙනම් එතන අගය 1යි. ඈයි .............. අනේ මටනම් ඒකට කරන්න දෙයක් නෑ. මොකද ඒක ගනිපු තීරණයක්නේ. ඕවට මේ අහිංසක කේෂාන් සම්බන්ද නෑ.... Read Operation වලට 0ත් Write Operation වලට 1ත් දාන්න කියල තමයි පැරැන්නන් කියල තියෙන්නෙ. පැරැන්නො කිවුවට මෙයාල අලුත් අය.

අනේ අනේ කේෂාන් (ඈයි අනේ අනේ කියන්නෙ නයනිවත් ඈවිත්ද??? හපොයි කෝ කෝ මට දුවන්න පාරක් පෙන්නන්න) හරි ලේසියෙන් අර FS කියන එක මග හැරිය නේද?? (මොකද Scroll කරල උඩ ටික බලන්න හදන්නෙ. එහෙම එකක් තිබුනද කියලවත් මතක නැද්ද??) නෑ නෑ කේෂාන් කවදාවත්ම එහෙම subject එකේ දේවල් මග හැරල යන්නෙ නෑ. මීට කලින් කියපු ටික එකිනෙකට සම්බන්ද නිසයි එකපාරට කියාගෙන ගියේ. හරි දැන් FS, කියන්නෙ Function Set කියන එකනෙ. කියන්නෙ ALU එකට අර G Select වලින් දෙන Input එකනේද??? හරි දැන් මෙතන තියෙන්නෙ එකතු කිරීමක් නේ. එහෙනම් කියන්න බලන්න G Select වලට දෙන්න ඕන අගය. හරි හරි ඉතින් තෑ ගහන්න එපා. 2 තමයි දෙන්න ඕන අගය. කියන්නෙ FS වල අගය 0010. ඈයි එයා 4-bitනෙ. ඔන්න එහෙනම් සම්පූර්ණ Control Signal එක බැලුවනම්.

දැන් මේක 8086 ඈතුලට ආවම එයා මේක කොටස් වලට කඩාගෙන මම අර පහුගිය ලිපියෙ කියපු විදියට වැඩ කිඩ ටික ඔක්කොම කරනව. බලන්න එයා හරිම දස්සයි නේද?????? එහෙනම් සුපුරුදු පරිදිම ගැටලු, හොද නරක, අඩුපාඩු පෙන්නනකන් මම බලාගෙන ඉන්නව.

මේ තියෙන්නෙ තේකක් බි බීම කියවන්න......

බුදු සරණයි.

8 comments:

  1. ස්තූතියි......බොහොම පින්..අර අපේ අත්තම්ම කියනව වගේ බොහොම දයාවෙන් ආදරෙන් කරුණාවෙන් කියන්නම් මාත් (මොකො මම හරිම ආසයි ආතම්මගේ කටින් එක අහන්න..ඒ වචන ටික පුදුම හැගීමක් ගේනව_)
    "මේ දරුවට තුණුරුවන්ගේම සරණයි, වැඩි වැඩියෙන් ඥානය පහළ වේවා, යන එන මඟ සියළු කටයුතු සාර්ථක වේවා...!!! "

    :t

    ReplyDelete
  2. පැන්ඩා + 1
    මැක්සා....

    ReplyDelete
  3. @පැන්da
    ස්තූතියි හැමදාම වගේ මුල්ම comment එක අපේ පැන්ඩගෙන්. නහය ලගටම වතුර පිරිලනෙ. ටිකක් වැඩ අඩු උන ගමන්ම තව ටිකක් දාන්නම්.

    @෴ හසියා ෴
    ස්තූතියි comment එකට. දන්න දේ අනිත් අයට කියල දෙන්න හදන පොඩි උත්සහයක්. වැරදි මො​නවහරි තියනවනම් පොඩ්ඩක් පෙන්නන්න හොදේ....

    ReplyDelete
  4. ඇත්තටම ගොඩාක් පින් සිද්ද වෙනව.....මම මේ දෙලොව රත් වෙලා
    හිටියෙ මේක තෙරෙන්නෙ නැතුව...දැන් නම් ගොඩ...හෙට ලියන්න පුලුවන් ස‍ර් ව කොර වෙන්න..... ha ha....

    ඒක නෙමේ. අර subject එකේ නම වත් තෙරෙන්නෙ නැති cryptography වලටත් ඔය වගෙ අපිට පිහිට වෙන්න පුලුවන්ද?...

    ReplyDelete
  5. @තාරා
    ස්තූතියි comment එකට. (දන්නවද මෙයා කිවුව වගේම අද ලියල සර්ගෙ කොයිල් පිච්චෙන්න) අද exam ඉවර වුන ගමන්ම ඈවිත් කිවුව කේෂාන් ගොඩක් පින් කියල. මට එතකොට තේරුනා මම ලියන දේවල් බලල ප්‍රයෝඡනයක් ගන්න අය ඉන්නව කියල.
    අනිත් ඉල්ලීමනම් දැන්නමම ඉෂ්ඨ කරන්න ලැබෙන්නෙ නෑ කියල තමයි දුකෙන් උනත් කියන්න වෙන්නෙ. මොකද ඒක මටත් එච්චර තේරෙන්නෙ නැති subject එකක්. බලමු පුලුවන් උනොත් post එකක් දෙකක් හරි ඒ ගැන ලියන්නම්කො...

    ReplyDelete
  6. --IMPORTANT NOTICE--
    මම මේක ලිවුවෙ අපිට ලැබුන hand-out එකක් බලාගෙන. මේ ලියල තියන එක hand-out එකේ තියන රූපසටහන අනුව නිවරදියි. නමුත් මම මෙතන දාල තියන රූප සටහනේ MUX B වල INPUT 0 1 මාරු වෙලා තියෙන්නෙ. ඒක නිසා මේ post එක hand out එකේ තියන රූපෙත් එක්ක බලන්න කියල මම ඉල්ලනව. මේ රූපෙත් එක්කනම් බලන්නෙ MUX B input එක 1 නෙමේ 0 වෙන්න ඕනෙ.

    සමාවෙන්න වෙච්ච වැරුද්දට, අද උදේ තමයි කීප දෙනෙක් මට මේත පෙන්නල දුන්නෙ. එයාලටත් ස්තූතියි.

    ReplyDelete
  7. බොහොම හොඳ වැඩක්!දිගටම ලියන්න....

    ReplyDelete
  8. ස්තූතියි නදීර (මම හරි නම් මේ අපේ IIT නදීර නේද?)

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව