Thursday, June 9, 2011

PIC එකක් යොදාගෙන අපි හදපු පොඩි අයිටම් එකක්


ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොදයි කියල මට හිතුන..

අපිට තියනව Subject එකක් Device Interfacing & Embedded Systems කියල. ඔය PIC programing එහෙම උගන්නන එකක්. මේක Optional Subject එකක්. කැමති අයට කරන්න පුළුවන්. අවුරුද්ද මුලදි මේක කරන්න අපේ 41 දෙනාගෙන් 30ක් විතර හිටිය. ඒත් කියන්නත් දුකයි දැන් ඉන්නෙ 7 දෙනයි. ඒ ගොඩක් අය මේක දාල ගිය හේතුවත් සාධාරණ හේතුවක්. ඒ නිසා අපි කවුරුත් ඒක වැරැද්දක් විදියට දකින්නෙත් නෑ... හරි හරි දැන් කාරණය මේකයි. ඔන්න ඔය Subject එකට අදාලව අපිට පොඩි නිර්මානයක් කරන්න කියල භාර දුන්න. සති දෙකක් ඈතුලත දැනට ඉගන​ගෙන තියන දේවල් යොදාගෙන හොද නිර්මායක් කරන්න තමයි අපිට භාර වුනේ. අපේ කණ්ඩායමේ ඉන්නෙ මමයි දිලයි(දිල්රුවන්... අපේ රෙපා)ග

මේ තියෙන්නෙ අපි දෙන්න එකතු වෙලා නිර්මාණය කරමින් යන උපකරණය. නිර්මාණය කරමින් යන කිවුවෙ මේක තාම ඉවර නෑ.. මේක ගැන පොඩි විස්තරයක් කියන්නම්කො. මේක හරිම සරල දෙයක්. මේකෙන් කරන්නෙ අපිට උඩ නැගල මනින්න අපහසු දෙයක උස බිම ඉදල මනින එකයි. ඒ කියන්නෙ අපි හිතමු ලයිට් කණුවක උස මනින්න වගේ දෙයක්. දැන් ඉතින් අහන්න එපා මොන මගුලකටද බං ලයිට් කණුවෙ උස මනින්නෙ කියල.

මේක හරිම සරල නිර්මාණයක්. මූලික කොටස් දෙකක් තියනව. එකක් තමයි ලී වලින් හදපු තෙපාවක්. සිංහලෙන් ඔය Tripod කියන්නෙ. අන්න එයින් එකක්. ඒකෙ උඩ තියනව කරකවන්න පුළුවන් විදියට සවිකරපු Laser pointer එකක්. ඒ රෝදෙ කැරකැවෙන්නෙ පොළවට ලමිභක තලයක. ඊලගට ඒ රෝදෙට හයි කරපු VR එකක්. ඒ කියන්නෙ Variable Resister එකක් තියනව. (ඔය සාමානයෙන් Radio එකේ එහෙම සද්දෙ අඩු වැඩි කරන්න කරකවන Gadget එක තමයි VR එකක් කියන්නෙ). මේකෙ පින්තූරයක් නම් දාන්න බැරි උනා. සමාවෙන්න ඔනෙ එකට. මොකද ඒක දැනට තියෙන්නෙ දිලාගෙ බෝඩිමේ. දෙවනි එක තමයි ඔය ඉහලින් දාල තියන පාලක පරිපථය. ඒකෙන් තමයි ඔක්කොම වැඩ කෑලි ටික වෙන්නෙ.

මේක වැඩ කරවන්නෙ මෙහෙමයි. මුලින්ම මේ Set එකම light කනුව ලගට අරන් යනව. ගොඩක් ලගට නෙමේ හොදේ!!! දැන් අර Laser Pointer එක ලයිටි කණුවෙ මුලට Target කරල පොඩි Button එකක් ඔබනව. ඊලගට Laser එක කනුවෙ මුදුනට Target කරල තවත් Button එකක් ඔබනව. ඊට අමතරව අපේ Gadjet එකේ ඉදන් ලයිටි කනුවට දුරත් උපකරණයට දෙනව. අන්න එතකොටම අපිට ලයිට කණුවෙ උස Display එකේ මෙන්නනව. (ඒ වෙලාවෙම කිවුවට සුට්ටක් වෙලා යනව හොද්...) අනේ මන්ද තේරුනාද කියල

දැන් කියන්නම්කො මේක වැඩ කරන්නෙ කොහොමද කියල.. අ ලී Item එකේ නම් තියෙන්නෙ VR එකක් විතරයි. අපි Laser Pointer එක කරකවනකොට ඒකෙ ප්‍රතිරෝධය වෙනස් වෙන. මේ ප්‍රතිරෝධ වෙනස අපි Laser එක හරවන කොණයට සමානයි. අපි මුලින්ම ඒක වොල්ටීයතා වෙනසකට පරිවර්ථනය කරගත්ත. ඒක කරේ විභව බෙදුමකින්.

ඊලට අපේ Circuit එකේ තියන දේවල් ටික කියන්නම්කො. ඒකෙ ප්‍රධානිය තමයි 16F877A කියන Micro Controller Unit එක. ඒකෙන් තමයි මේ ඔක්කොම පාලනය වෙන්නෙ. ඊට අමතරව 16X2 LCD Display එකක්, 4X4 KeyPad එකක්, MAX232 IC එකක් එහෙම තියනව.

අර VR එකෙන් දෙන වොල්ටීයතාව PIC එකේ ADC Unit එක ඒ කියන්නෙ Analog to Digital Unit එක භාවිතා කරල Dgital Signal එකක් බවට හරවගන්නව. ඒකෙන් අපිට පුළුවන් කොනය මැන ගන්න. KeyPad එකෙන් Light කනුවට දුරත් Enter කරනව. ඒ දත්ත හා සරල ත්‍රිකෝණමිතිය යොදාගෙන තමයි සියළුගනනයන් සිදුවෙන්නෙ. ඔය LCD එකේ තමයි Result පෙන්නන්නෙ.

ඔන්න ඔහොම තමයි සරළවම කියනව නම් මේකෙ කථාව... PIC එකට Program එක ලිවුවෙ CCS කියන මෘදුකාංගය යොදාගෙන C භාෂාවෙන්.

මේ තියෙන්නෙ අර ලී වලින් හදපු එක හදන්න කලින් මේක Test කරපු විදිය.

මේ තියෙන්නෙ කේෂාන් වැඩ කරන මේසේ.. හරිම පිළිවෙලයි නේද?? හික්ස්

ඔන්න Program එකෙන් ටිකකුත් තියනව ඕනෙන්ම..

එහෙනම් අදට ඈති නේද? අපි යන්නම්. මේක ඉවර වුනු ගමන්ම සම්පූර්ණ උපකරණයෙ රූපයක් දාන්නම්කො. හැමෝටම බුදුසරණයි!!

20 comments:

  1. එළ එළ පට්ටම පට්ටයි! අපරාදේ මම සීන් එක දාලා ගියානේ..!

    ReplyDelete
  2. elane ayiya.... me apitath mehema ekak hadanna denawayi.... :t

    ReplyDelete
  3. @gihansblog අනේ මන්ද බං.. උඔල ගිය එකට වැරැද්දක් කියන්නත් බෑනේ...

    ReplyDelete
  4. @sandu තැන්කූ තැන්කූ... 3rd Year එකේදී Subject එක තියනව. එතකොට කරන්න. ඒකට අදාල Basic Subject එකක් 2nd Year එකෙත් තියනව.

    ReplyDelete
  5. අයියා මුකුත් කිව්වද මංදා....... ඔය කෑලි බෑලි සියල්ල (පුංචි පුංචි ඒවා දන්නවා පිකිස් ඉලෙක්ට්‍රොනික්ස් පිස්සියක් උන නිසා.)තේරුන්නැති උනාට ක්‍රියා කරන හැටි නම් තේරුනා. :r

    ReplyDelete
  6. ඔයා පාවිච්චි කරපු CCS ide එක download කරගන්න පුළුවං link එක දෙනවද?

    16F877A එක program කරන්න වෙනම C compiler එකක් තියෙනවද CCS වලට ගැලපෙන. එහෙම නම් ඒක download කරගන්න link එකත් දෙන්න පුළුවන්ද?

    සාමාන්‍යයෙන් PIC යොදාගෙන කරන නිර්මාණ තියෙන හොද site එකක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
  7. ෂොක් නේ.. ඔයාට තවත් හොද නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  8. අනේ මන්දා මම දන්නේ නැති හින්දා ඔය ගැන... එත් ලයිට් කනුවක වගේ උස මනින්න ඕනම නම් ඔයාලගේ ඔය අමාරුවෙන් හදන උපකරණයට වඩා ත්‍රිකොණමිතිය ජොයින්ට් උනු වැඩක් ලේසි නැද්ද අනේ,... මෙහෙම කිවේ මට මේක තෙරෙන්නේ නැති නිසා... ඔන්න අදයි ආවේ එහෙම කිවා කියලා බනින්න එපා.. අපිව බලන්නත් එන්නකෝ

    http://sadaru-world.blogspot.com/

    ReplyDelete
  9. @හා පැටික්කි (MS) හපොයි ඔයින් ගියා මදැයි.. ලියපුදේවල් වලින් ටිකක් හරි තේරුනානේ. ඒ ඈති. මම හිතුව මුකුත්ම තේරෙන එකක් නෑ කියල. මොකද මම ලියන දේ මටවත් තේරෙන්නෙ නැති තත්වයක් දැනි තියෙන්නෙ...
    ........................................
    @Hishan Melanga මම ලග තියෙන්නෙ සාමාන්‍ය CCS IDE එකතමයි. 877 වලට වෙනමම Compiler එකක් ඕනෙ නෑ. ඒත් සමාවෙන්න මම ලග ලින්ක් එකක් නම් නෑ. මේක මට කොල්ලෙක් දුන්න එකක්.. 70MB වගේ තියනව.. මම use කරන්නෙ Mobitel 1GB Package එකක්. ඒක නිසා mail කරන්නත් ටිකක් අමාරුයිනේ. මොකද කරන්නෙ.. එහෙම project තියන site ගෙඩක් තියනව. නම් වලින්නම් මතක නෑ. මොකක් හරි උවමනා උනාම search කරල හොය​ාගන්න එකනෙ කරන්නෙ. ගොඩක් දේවල් ඉගන ගත්තෙ CCS Forum එකෙන්. http://www.ccsinfo.com/forum/
    ..........................................
    @ElineMSOfficial බෙ​ාහොම ස්තූතියි
    ..........................................
    @දේවා ගේ අඩවිය මේ ක්‍රමයක් ත්‍රිකෝණමිතිය Base වුනු දෙයක් තමයි. (මම පෝස්ට් එකේදී ඒක කියල නැද්ද..)කෝණය කෝනමානයෙන් මනිනව වෙනුවට අපි ඒක VR එකෙන් Read කරගන්නව ත්‍රිකෝණමිතික ගනනය කිරීම PIC එකෙන් කරල දෙනව.. අපි සරලව භාවිතා කරන දේම PIC එකෙන් කරන එක තමයි කරල තියෙන්නෙ. මම හිතන්නෙ දැන් පැහැදිලි ඈති.

    ReplyDelete
  10. @Hishan Melanga අඩේ..... අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ
    A/L කරේ මොන අවුරුද්දෙද?

    ReplyDelete
  11. කේෂාන් ආයේ ලියන්න ආපු එක කොච්චර හොඳද . පැන්ඩලා හදපු වෙසක් කූඩුවනම් ආසාවෙන් බැලුවා . ඔයා ඒකට සම්මාදම් උනේ නැද්ද ?
    පොඩො පොඩි නිර්මාන තමයි ලොකු සොයාගැනීම් වලට මුල් වෙන්නේ . කමක් නෑ මචං අදට ලයිට් කනුව මයිමු හෙට ..පොල් ගහක උස මනිමු .. අනිද්දට . ටෙලිකොම් ටවර් එකේ උස, ඊලඟට එවරෙස්ට් කන්ද ..ඊ.ගා..වට....

    මමත් මේ නිර්මානය ආසාවෙන් බැලුවා ..වැඩේ පට්ට අමාරුයි වගේ ..මමෛතින් සුබ පතන්නම් මේක සුපිරි නිමැවුමක් වේවා ඒක හිතූ පරිදිම සාදාගන්න ලැබේවා කියලා

    ReplyDelete
  12. @හිස් අහස ස්තූතියි... ආ ඒ වෙසක් කූඩුවටත් පුළුවන් විදියට පොඩි පොඩි උදවු ටිකක් කරා..
    වැඩේ ටිකක් අමාරුයි. ගනනය කිරීම් කරන ටිකේදි ඈත්තම කිවුවොත් ටිකක් එරුනා... ලොකුම ප්‍රශ්ණෙ වුනේ VR එකේ ප්‍රතිරෝදය වෙනස් වීම රේඛීය නෑ. ඒක Log එකක්. ඒ කියන්නෙ මුල් අංශකයට ප්‍රතිරෝදය 10ක් වැඩි උනානම් ඊලග අංශකයට වැඩිවීම 10ක් නෙමේ. ඒට වැඩියි...

    ReplyDelete
  13. PIC එක එක්ක ඔට්ටුවුන එක ගැන නම් හිතාගන්න පුලුවන්. ගැජට් එක සාර්තකව වැඩ කරපු එකම මදෑ.

    ReplyDelete
  14. සහෝ පුළුවන් නම් හරියට මුල ඉදල pic programming tutorial එකක් පටන් ගන්න. පුළුවන් නම් යොදා ගන්න harware devices වල ඉදන්ම පැහැදිලි කරන්න [උදා: කොහොමද pic programmer එකක් ගෙදරදීම හදා ගන්නේ , 16F84 ට වගේ ]. මට නම් තියෙන ලොකුම අපහසුතාවය තමයි programmer එකක් හොයා ගැනීම. පොඩි project එකක් වත් ටෙස්ට් කර ගන්න විදිහක් නැහැ.

    ReplyDelete
  15. අඩේ ඔය ඉන්නෙ ඕනි තරං පාඨකයො..හුගාක් සතුටුයි කේශාන්..මම උඹ බ්ලොග් එකක් පටන් ගත්තොත් මෙහෙම වෙන බව දන්න නිසයි එදා ඉඳන් කිව්වෙ ලියපන් ලියපන් කියල.අද මම කියපු දේ ඇත්ත කියල මට තෙරෙන කොට හරි සතුටුයි..

    අඩේ සඳරු ව බලාපං ආයෙත් මගෙ වෙසක් කුඩු පොස්ට් එකෙ අලොක රටා සීන් එකෙදි මම කේශාන් ගැන කියල ඇති.පොඩ්ඩක් කියල මූ කිව්වට පොඩ්ඩක් නෙවෙ කේශාන් සහ මිලින්ද කියල කොල්ලො දෙන්නෙක් තමා වෙන කුඩු වල තියෙන ෆ්ලැශ‍ර් කොටෙ නිවන් යැව්වෙ.

    පොස්ට් එක ඉතින් උපරිමයි. :e

    ReplyDelete
  16. ආ තව දෙයක් ඕකෙ QA කරන්න ඉතින් ඈයට තමයි දෙන්න වෙන්නෙ නේද ?
    :q

    ReplyDelete
  17. mata nam electronics aulne keshan eda idalama ithin pissu wage

    ReplyDelete
  18. සහෝ... ලිපිය නියමයි. මටත් කාලෙක ඉඳන් PIC උනක් තියෙනවා. බැරිද ඒ ගැන ලිපි පෙලක් කරන්න. සරල උදාහරණත් එක්ක. අළුත් වැඩක් කරන්න හිතන් ඉන්න අයට ඒක ලොකු හයියක් වෙයි.

    ReplyDelete
  19. ela,ela malli.godak mahansi wela thiyanawa neda?jaya......

    ReplyDelete
  20. නියමයිනේ බං! ඕකට ත්‍රිකෝණමිතිය ගෑවිලාවත් නැද්ද බං! ම්ම්! මාරයි බං! උඹලා එළට කරලා තියනවා! දිගටම කරපං!

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව