Saturday, July 16, 2011

විශ්ව විද්‍යාල ජීවිතය තුල පලමු වතාවට මම Subject එකක් Repeat වුනා....



අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව. මොකද මේ.... මොකක් හරි අවුලක්ද? බොහොම අමාරුවෙන් hand signal දාල එකෙක්ව නවත්ත ගත්ත.

"කොහෙද බං මේ දුවන්නෙ..." මම ඈහුව

කිය කිය ඉන්න වෙලාවක් නෑ බං. Result දාලලු.. බලන්න යනව.

අපේ අය වචන 5ක් කිවුවොත් 4 විතර ලු තියනව. ඒක නිසා කරන්න කලින් දෙපාරක් හිතන්න ඔනෙ. කට්ටියට යන්න දීල ටිකක් වෙලා යනකොට ඔන්න එනව කපල් එකක් ඈඩ්මින් එක පැත්තෙ ඉදන්. දෙන්නගෙම මූනත් ටිකක් අවුල් වෙලා.

"මොකද? ......... repeat වෙලාද?" මම ඈහුව.

"ඒක බලන්න තමයි කේෂාන් අපිත් ගියේ. ඒත් තාම අපේ Result දාල නෑ. අනිත් Faculty දෙකේම දාල.. Science Faculty එකේ දාල නෑ.."

Management Faculty එකේයි Export Faculty එකෙයි Result දාල. ඒත් අපේ Faculty එකේ තාම දාල නෑ.. මම ටිං ගාල ගත්ත ඈයට (ඈය කියන්නෙ මගේ හොදම යාලුවෙක්) call එකක්. අරගෙන කිවුව මචං Export එකේ result දාල කියල. ඈයත් අපේ Department එකේම වුනාට Export එක ගැනත් ටිකක් හොයනව. ඒකයි එහෙම කිවුවෙ.. ඔන්න ඉතින් බලා පොරොත්තු බිදුනු සිතෙන් lecture එක පටන්ගන්නකන් කැරකි කැරකි ඉන්නකොට අපේ පැන්ඩ කෝල් කරල කියනව සර් call කරල කිවුවලු අද Lecture එක නෑ කියල. හපොයි gentaත් ගහගෙන ආවෙ... මොනව කරන්නද මල අතේ තියාගෙන විසිර ගියා.

ඔය ගිය බදාද වෙච්ච දෙයක්. ඒක අතීත කථාව. දැන් එමු වර්තමානෙට. දවස් කීපයක නිවාඩුවක්සෙට් වුන නිසා ගෙදර ආව.

මගේ වාසනාවටද අවාසනාවටද දන්නෙ නෑ මම ගෙදර ආපු ගමන්ම අපේ result දාල. අද උදේ අක්රම් (අක්රම් කියන්නෙත් මගේ හොදම යාළුවෙක්.. campus එකේ මාත් එකක් හිටපු මුල්ම රූම.) call කරල කියනව

"කේෂාන් Result දාල මම ෙඕ ටිකත් බලා ගත්ත"

"ඉතින් අගේ කරන්නෙ නැතුව කියපන්කො" මට තියෙන හදිස්සිය ඒකට නෑ නේ..

"හරි හරි අපිට පාටියක් දීපන් හොදේ??"

අපේ එවුන්ට මොනදේ වුනත් මුලින්ම පාටියක් ඔනේ.. කොටින්ම හෙම්බිරිස්සාවක් හැදිල හොද වුනත් party එකක් ඔනේ.

"අනේ වදයක් නොවී කියපන්කො බං" මට හදිස්සි නිසාම මම කිවුව.

"හරි හරි එහෙනම් ලියාගනින්කො "

.................

කියන්න සතුටුයි අපි ගිය Semester එකේ Subject 10ක් කරා (O/L වලටත් එච්චර කරේ නැද්ද මන්ද). එයින් 9කම Result අක්රම් කියාගෙන කියාගෙන ගියා.. මමත් ලියාගෙන ලියාගෙන ගියා...

"හරි මචං එතකොට ....... වලට" මම ඈහුව

"හම්.. ඒකනම් Repeat බං. D එකක් තියෙන්නෙ" අක්රම් ටිකක් හිමීට කිවුව.

හපොයි මොකද කරන්නෙ... මම බයේ හිටියෙ ......... Repeat වෙයි කියල තමයි. හිතුව විදියටම එහෙම වෙලා. මොකද කරන්නෙ.. මොනව කරන්නද හිතට ගොඩක් දුකයි. මොකද Campus ජීවිතයේ පලමු වතාවට විෂයක් Repeat වුනේ..

මේ විෂය අපිට කිසිසේත්ම අදාල නැති විෂයක්. මොකක්දෝ වැරුද්දක් (කාගෙදෝ වැරුද්දක්) නිසා අපිට මේ විෂය කරන්න වෙලා තියනව. වගේ විෂයක් වුනත් Repeat වුනාම ඊලග පාර ලියන්න ඔනේ. කියන්නෙ තව මාසෙකින් විතර එන exam එකේදි ඒක ලියන්න වෙනව. මොනව කරන්න? ආපහු note හොයාගෙන පාඩන් කරන්න වෙනව. ඒකටත් කාලයක් වෙන් කරන්න වෙනව. ඒකට වෙන් කරන්න වෙන්නෙ අපේ අනෙක් අත්යවශ විශයන් වෙනුවෙන් වැයකරන්න තියන කාලයෙන්ම කොටසක් තමයි..

මේ වගේ විශයන් අතුලත් කිරීමෙන් මම හිතන විදියට වෙන්නෙ ලමයි මානසිකව ඈදවැටෙන එක විතරයි. එක්කම මම තව දෙයක් ඉගන ගත්ත. මිනිහෙක් හිනා වෙලා හැමෝම එකක් හොදින් හිටියට එයාගෙ ඈතුලෙ ඉන්න කෙනා ගොඩක් නපුරු කෙනේක වෙන්න පුළුවන්. කෙනෙක් පිටින් ටිකක් නපුරක් පෙන්නුවට ඈතුලතින් බොහොම හොද වෙන්න පුළුවන්. මම මේ දෙන්නවම හොදින් අදුර ගත්ත. මේ විශය Repeat වීම නිසා.

මම දන්නව මගේ අවසාන ඉලක්කයට යන්න මෙ දේ පොඩි හෝ භාදාවක් වෙන්න පුළුවන්. ඒත් මට දැන් කරන්න දෙයක් නෑ. දේ වෙලා ඉවරයි. Subject එක කිසිසේත්ම අදාල නැති එකක් කියලත් මම දන්නව. ඒත් අපේ අන්තිම ඉලක්කයට දේවල් ඔක්කොම බලපාන විදියට තමයි මේ ආත්මාර්ථකාමීන් විශ්ව විද්යාලයේ විෂයන් හදල තියෙන්නෙ. කමක් නෑ එක පාරක් වෙච්ච වැරැද්ද ආපු නොවෙන්න වග බලාගන්නම්..

මම මේක ලියන්න ආවෙ මගේ හිතේ දුක ටිකක් හරි අඩු කරගන්න හිතාගෙන. එත් දැන් මගේ ඈස්දෙකේ ආපහු කදුළු. මම නවතින්නම්. බුදු සරණයි.

16 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපෝ ඕවා ගනන් ගන්න එපා මල්ලි .මට කැම්පස් එකේ ඉන්නැද්දි D+ E C- ඔය තුනෙන්ම රිසල්ට් තිබ්බා. කොටින්ම දැන් නම් GPA එක ගන්න දෙයක් නෑ. මම් තමා අපේ කොම්පියුටර් සෙට් එකෙන් අන්තීමයාට ඉදලා තුන්වෙනි තැන ගන්නේ. මට ලොකුම කරදරේ තමයි අවුට් වෙන එක.

    ඒ ඇරෙන්න ක්ලාස් දාන්න නෙමේ.

    මල්ලිට තියෙන්නේ හිමින් සීරුවේ ඔය සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න එකයි. මොකද මමත් අවුට් වෙන්න කලින් ගොඩක් සබ්ජෙක්ට් ගොඩ දාගත්තා.

    මල්ලිට කියන්න මට මේ සෙමෙස්ටර් එකට සබ්ජෙක්ට් 12ක් තියෙනවා. ක්‍රෙඩිට් 23ක සබ්ජෙක්ට් කරනවා. ගානක් නෑ. ගොඩ දාගමු !!!!!

    බය වෙන්න එපා මල්ලි ගොඩ දාගමු !!!!
    ඔහොම දේවල් යෑ මනුස්සයන්ට වෙන්නේ. සබ්ජෙක්ට් එක ප්‍රී රික්වෙස්ට් එකක් නෙමේ නේ ? එහෙනම් බය වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  3. මල්ලි දුක් නොවි ඉන්න.මාමත් එකක් ඩවුන් උනා.ඒ වෙලාවෙ අප්සට් යනව තමා.කොහොම හරි ගොඩ දාමු.සබ් එකක් ඩවුන් නොවී කරන ඩිග්‍රියෙන් වැඩක් නෑලු.ඩවුන් වෙලා ඒ දුක අප්සට් එක දැනෙන්න ඕනෙලු.ඕනවට වඩා හිතන්න එපා.අනිත් ඒවා හොදට කරගන්න.මේක ගොඩ දන්න පුලුවන් ඊලග සැරේ.මහන්සි වෙන්න.
    ජය!...

    ReplyDelete
  4. අයින්ස්ටයිනුත් මොකද්දෝ චිශයක් ෆේල් වෙලා තියනවය කියන්නේ ..

    ReplyDelete
  5. අනික මල්ලි මම් දන්න විදියට ඩි කියන්නෙ රිපීට් නෙමේ.ඕනෙනම් නොලිය ඉන්න පුලුවන් ඊ කියන්නෙ නම් රිපීට්.හැබැයි ක්ලාස් එකක් ගැන හිතද්දි නම් ඩී තියාගන්න පුලුවන් ප්‍රමාණයක් තියනව.කෝකටත් ඊලග සෙම් එකේදි ඕක ගොඩ දාගන්න.අනික අයිටී රිලේටඩ් එකකුත් නෙමේ නේ.ටිකක් මහන්සි වෙන්න.

    ReplyDelete
  6. ජීවන්ත.........July 16, 2011 at 11:36 PM

    ඇයි මෙ මම්ත් ඉන්නේ උබෙ තනියට...... අපි දෙන්නම් ලියමු. මගෙත් පලවෙනි එක තමයි..... කැම්පස් කලේ සබ්ජෙක්ට් එකක් රිපිට් උනේ නැත්නම් එකෙත් කිසිම ජොලියක් නැ කියලා මම මට හොරෙන් හිත හදා ගත්තා. බොඩිමෙ අපි දෙන්නා සෙට් වෙලා ගොඩ දාමු........

    ReplyDelete
  7. උඹලට repeat උනොත් මාසෙන් repeat exam තියනව. සමහර කැම්පස් වල repeat උනොත් අවුරුද්දක් ඉන්න ඕන.

    ReplyDelete
  8. කේෂාන් අයියෙ බය වෙන්න එපා ඔය මොනවටවත් ඔය යන තැන නවත්වන්න බෑ අපි කෘෂි කර්ම එකෙවත් කලමණකරන එකෙවත් නෙවෙ අපි විද්‍යා හා තාක්ෂණ එකේ.බය වෙන්න එපා ඔයට පුලුවන්..................

    ReplyDelete
  9. ඕව ගනන් ගන්න එපා... ඕක ගොඩ දාගන්න.... හැබැයි මලයො කැම්පස් අවුට් වෙන්න කලින් ගොඩ දාගන්න...
    උපරිම උත්සාහයෙන් වැඩේ ගොඩ දාන්න... !!!

    හැබැයි මල්ලි කිසිම විශයක් අදාල නැ කියල නම් හිතන්න එපා... අපිට ජීවිතේට ඔය ඔක්කොම දේවල් වටිනව පොඩ්ඩක් හරි.. :)

    ReplyDelete
  10. අපෝ එකද බන් රිපීට් උනේ, ඕවා කව්ද ගනන් ගන්නේ.
    නෙක්ස්ට් ටයිම් එකේ දෙමු ගේම.
    අපි ගියා ගුඩ් ලක්

    ReplyDelete
  11. ඒ සබ් එක වැදගත් එකක් වෙන් ඇති..
    දැන් ඉන්ජිනියරින් කරන්න ගියත් කොමස් සබ් කෑලි තියනවනේ..
    තව ඩිසයින් ඩ්‍රෝවින් හෙමත් තියෙන්නේ...

    ReplyDelete
  12. අනේ මචං අල්ලල දාපන් මාත් ජීව්තේ පලවෙනි වතාවට ගිය පාර සබ්ජෙක්ට් එකක් රිපිට් වුනේ..මතකද උඹෙ නොට් ගෙනිහින්ම පාඩම් කලේ මම..ගනන් ගන්න එපා අර කියනව වගේ කැම්පස් එකෙ එක පාරක් විතර රිපිට් අත්දැකීමක් තියෙන එකත් හොඳයි නෙ කියල දැන් කියමු..
    ඔන්න ඕක ලියල දාපං බං..අනික උඹ විතරක් නෙවෙ බහුතරයක් ඉන්නව නෙ

    ReplyDelete
  13. උබ හිටපු හැටියට අපිවත් කොර උනා මෙහෙම කිව්වාම.... ඔවා ගනන් ගන්න එපා බන්, දැන් ඉතින් ඕක ඇදල දාමු..

    ReplyDelete
  14. ane balu naguta ban..umaba kiyala tiyenava vage ape facluty eka tiyea taram tiyenne ekakata ekak sambanda nathi kunuharupa ban..electrical karana unta IT subject dala ..IT karana unta electrical eeva dala achchruvak akrala tiyenne ekektavath ekakin vath vadak na math jivite palaveni vatavata subject ekak repet una giya aurudde (3rd year eke) eekath end eka liyala ehema nev mid ekata lakunu madi kiyala continous 50% nat nam end eka liyanna denne na..melo rahak nathi Electrical module ekak ape gedara ballata vath ee subject eka ooni venne na..ane manda itn oouva kauru dammada kiyala apita.koma unth ganan ganna epa mamath ee vele anam aulen hitiya ehema una eka gana .dan nam ganak na ban.

    ReplyDelete
  15. bohoma amaruwen oyage blog hoya gaththe..ehema welath ..mulinma dekke meka...
    Keshan upset ganna epa..man nam wedipura deyak dannne ne repeat wena eka gena..eth man hithanne..
    deyak weraduna nam eka pannarayak karaganna ekai jhoda..oya aniwa ilaga para ok goda dagannawa...hellooo..duk wenna epa..
    hodata padam karanna...good luck..
    theruwan saranai

    ReplyDelete
  16. Do take this as a good experience in life...!Such things do happen...Everyone is not similar to each other...All the best for the rest...!

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව