නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, September 21, 2011
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ 'Mechabot' පළමු තැනට.....
Monday, September 5, 2011
කේෂාන්ගේ සැබෑවු සිහිනයක්.........
- Sensor එක ඉස්සරහ රෝදෙ පොක් එකට හයි කරා.
- Magnet එක ස්පෝක් එකට හයි කරා.
- Display Mount කරන කෑල්ල හැන්ඩල් එකට හයි කරා.
- Display Unit එකට බැටිරිය දැම්ම.
- වේගය Km/h හා m/h යන දෙකෙන් එකකින් පෙන්නනව
- දැනට ධාවනය කරපු දුර - Distance
- ධාවනය කරපු උපරිම වේගය - Max Speed
- සාමාන්‍යය වේගය - Average Speed
- ධාවන කාලය - Stop Watch
- දැන්ට පවතින වේගය වේගයට වඩා අඩුද වැඩිද කියලත් පෙන්නනව.
- වේලාව - Time
- උෂ්ණත්වය
Thursday, September 1, 2011
Study Leave බෝඩිම සහ අපි......
විභාග වැඩ කටයුතු භාගයක් ඉවරයි. ඒ කියන්නෙ Subject 5ක් ඉවරයි. තව 5ක් තියනව. ලැබුනු පොඩි විවේකයේදී ගෙදර ආව. ආපහු exam පටන් ගන්න ටිකක් කල් තියනව. Exam නිසාම තමයි Blog එකක් වත් ලියන්න බැරිවුනේ. ගොඩක් අය අහනව ඇයි blog එක ලියන එක නැවැත්තුවෙ?? දැන් ලියන්නෙ නෑ නේද??? ලියන්න දේවල්නම් ටික ටික තියනව. ඒත් හරියට නිදහස් වෙලාවක් නෑ නේ. අදත් ලියන්න ආවේ වෙනත් දෙයක්. ඒත් Lap එකේ තිබුනු Photos වගයක් දැකල ලියන්න හිටපු දේ ටිකකට කල්දාල මේක ගැන ලියන්න හිතුන. Campus ආවයින් පස්සෙ ලැබුනු අළුත් අත්දැකීම් වලින් එකක් තමයි මේ Study Leave කියන එක.මොකද ඉස්කෝලේ යනකොට එහෙම එකක් තිබුනෙ නෑනේ. මාස ගානක කරපු වැඩ... කරන්න තිබුන වැඩ... ඒක පාර සතියකින් දෙකකින් කරන මහා පුදුම හිතෙන කාල සීමාවක් තමයි මේ Study Leave එක කියන්නෙ. මේ පාරත් Study Leave එකේ අපේ බෝඩිමේ කට්ටිය set වෙලා පාඩම් කරන්න ගත්ත. (ඈත්තම කිවුවොත් මට නම් එහෙම පාඩන් කරන්න ලැබුනෙ දවස් දෙක තුනයි..) ඔන්න ඔය ලස්සව කාලය ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.
මේ ටික දැක්ක ගමන් මොකද හිතෙන්නෙ.... මේ අපේ කාමරේ. හැබැයි කියන්නත් දුකයි ඔතන මට අදාල එකම එක කොලයක්වත් නෑ. ඔය ඔක්කොම මගේ රූමගෙ. දැන් ඉතින් අහන්න එපා මිනිහට හරියනවට වඩා වරදිනවද කියල. හැබැයි මේ Study Leave එකේ නම් එයා ගොඩක් දේවල් වරද්දගෙන (ඒ කියන්නෙ ලොරි ගොඩක් හප්පගෙන) ඈදගෙනම නාපු අවස්ථා වැඩියි. මගේ රූම උදේට නැගිටින්නෙ 3හ මාරට විතර. (නෑ කියන්න එපා බං... මම වගකීමෙන් කියන්නෙ...). මම එයා පාඩන් කරන සද්දෙට (එයා පාඩන් කරනකොට කෑ ගහල පාඩන් කරන්නෙ නෑ.. ඒත් කොල වීසී කරනකොට සද්දෙ ඈහෙනව..) ඈහැරෙනව. මම 3.30ට 4.30ට 5.30ට සද්ද ඈහිල නැගිටල බලන හැමදාම මිනිහ වැඩ. දැන් ඉතින් හිතන්න එපා යකෝ මූ Medical Faculty යන්න ඔන කොල්ලෙක්නෙ කියල. එහෙම නොවෙන්න හේතු දෙකක් තියනව. එකක් එයා Maths කරේ. අනිත් එක එයා 3.30 ඉදන් එලිවෙනකන් දිගටම පාඩන් කරන්නෙ නෑ. මම ඒක දැනගත්තෙ අහම්බෙන්. මොකද මට දවසක් ඇහැරුනා 4ට විතර. එතකොට බලනකොට මෙන්න මේක නිදි... මමත් ආපහු නිදාගත්ත. 5ට විතර ඈහැරුනා ඒත් මූ නිදි. මමත් මට මොකෝ කියල නිදාගත්ත. උදේ නැගිටල බලනකොට මේසේ උඩ සෑහෙන්න වැඩ කරපු කොල ගොඩක් තියනව. මට මාර අවුල. හැබැයි මට පස්සෙ වැඩේ තේරුනා. මගේ රෑම පාඩන් කරල තියෙන්නෙ තට්ටු මාරු විදියට. 3.30ට නැගිටිනව. පාඩන් කරනව. 3.50ට විතර ආපහු නිදාගන්නව. 4.10ට විතර නැගිටිනව පාඩන් කරනව 4.50ට විතර නිදාගෙන ආපහු 5.10ට විතර නැගිටිනව. අපේ බෝඩිමේ අයනම් කියන්නෙ මිනිහට නින්ද යනකොටම Paper එක හීනෙන් පේනව ඒක නිසා නැගිටල ඈවිත් පාඩම් කරනව කියල. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ.. මොකද එදා ඉදන් අද වෙනකන් එයා Paper එකට මොකක් හරි එනවයි කිවුවොත් ඒ දේ අනිව එන්නෙ නෑ.
තවත් දෙයක් මතක් වුණා. මගේ රූම හරිම දක්ෂයි භාෂාවලට. ඔනම වචනයක් කියපු ගමන් ඒකෙ තේරුම කියනව. හරියට නික්න් ඈවිදින ශබ්දකෝෂයක් වගේ. ඒ වචනෙ සිංහලද Englishද දෙමලද Franceද කියන එක එයාද අදාල නෑ. ඔන දේයක් විනාඩියෙන් කියනව. ඉතින් දවසක් මම පාඩන් කර කර ඉන්න ගමන් ඈහුව මචෝ දෙමලෙන් ඇරිසිමා කියන්නෙ මොනවදට කියල. මිනිහ එක පාරටම නිකන් නෝන්ඩියට වගේ හිනාවෙලා, මගේ දිහා බලාගෙන මෙන්න මෙහෙම කිවුව. මචං දෙමලෙන් ඇරිසි කියන්නෙ හාල් වලට. මා කියන්නෙ පිටි වලට. ඒතකොට ඇරිසිමා කියන්නෙ 'පාන් පිටි' වලට කියල.(හරි හරි ඉතින් හිනා යන්නෙ නැත්නම් ඉතින් කිතිකවාගෙන හරි ටිකක් හිනාවෙන්න. නැත්නම් ඉතින් මට නෝන්ඩිය..)මගේ රූම ගැන ලියන්නනම් තව ගොඩක් දේවල් තියනව. මොකද පාඩන් කරන්න ගත්තම එයා කියන ගොඩක් දේවල් ඩෝං ගාල හැපෙනව. ඒව පොඩිම පොඩි Dimoබට්ටගෙ ඉදන් ලොකුම ලොකු කන්ටේනර් දක්වා විදිහෙනව. ඒ කථා ටිකත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. (තොග Business, ඡෑම් පාන් ඈතුථ බොහෝදේ ලගදීම....)
මේ ඉන්නෙ මගේ පරණ රූම. දැන් අල්ලපු ගෙදර රූම. එයාගෙ තියනව නියම ධනාත්මක චින්තනයක්. ඒවගේම Planning නම් උපරිමයි. විභාගෙට මාස ගානක් තියල හදනව නියම Plan එකක්. ඒක Admin එකේ Exam Department එකේ Schedule එකටත් වඩා පට්ටයි. හැබැයි Plan ක්‍රියාත්මක කිරීම ගැනනම් කියල වැඩක් නෑ. විභාගෙට කලින් දවසෙත් Shopping ගිහින් ඈවිත් පහුවදා තමයි පාඩන් කරන්න ගන්නෙ. ඔය රුපෙ බලල කියන්න පුළුවන්ද ඔය පාඩන් කරන්නෙ කවද තියන exam එකකටද කියල..... කෙලින්ම කියනව නම් තව පැය 1යි විනාඩි 30කින් විතර තියන exam එකට තමයි ඔය පාඩන් කරන්නෙ. තාම එක පාරක්වත් කියවපු නැති PhotoCopy කීයක් ඔතන තියනවද කියද දන්නෙ එයා විතරයි. වහැබැයි අන්තිමට කොහොම හරි exam නියමෙටම ගොඩ දාගන්නව. හැම දාම අපේ Room එක ඈවිත් එයාගෙ දවසේ Plan එක කියනව. "මචෝ මම දැන් 8ට News බලනව... 8.30 ඉදන් 10 වෙනකන් Note එක බලනව. 10-12 ගනන් ටික ඔක්කොම හදනව.. හොදයි නේද??" එහෙම කියල ගිහින් news බලල නිදාගන්නව.
ඔය තියෙන්නෙ බෝඩිමේ ඉදන් පාඩන් කරල ලැබෙන පොඩි පොඩි විවේක වලදි කට්ටිය කරපු දේවල් තමයි. (කට්ටිය කිවුවාම මාත් ඈතුලත්...). ගස් නගින්න මුළු කැම්පස් එකෙන්ම දක්ෂය ඉන්නෙ අපේ පෝඩිමේ. ඉතින් අහිංසක ලේන්නු අපිට බැන බැන යනව මගේ මේ කන් දෙකටම ඈහිල තියනව. ඒ වගේමයි මගේ රුම කොට්ටම්බ තැලීමේ අති දක්ෂයෙක්. ඔය පින්තූරෙ ඉන්නෙ කවුද කියල හිතාගන්න බැරිනම් ඈගිල්ලෙ තියන මුද්දෙන් හොයාගන්නකො. ඒ වගේම තමයි ඉඩක් ලැබුන ගමන් අල්ලපු ගෙදර පූස් පැටවු දෙන්නත් එක්කත් ටිකක් සෙල්ලම් කරනව.
හැබැයි මොනදේ වුනත් ඒක ගොඩක් ලස්සන මතකයන් පොකුරක්. මොකද අපි කට්ටයම එකතු වෙලා පාඩන් කරන අන්තිම Study Leave එක මේක වෙන්න පුළුවන්. ඉස්කෝලෙදි පාඩන් කරපු විදියයි මෙහෙදි පාඩන් කරන විදියයි බැලුවාම අහසයි පොලවයි වගේ. හැමෝම එකතුවෙලා මහන්සියෙන් පාඩන් කරනව. විහිළු කරනව. කෑම කනව. ඒ වගේමයි තමයි දෙයක් හොයාගත්තාම තේරුම් ගත්තාම ඒක අනිත් අයටත් කියල දෙනව. (මගේ රූමගේ TIGMA SR තාමත් මතකයි. හැබැයි හැමදාම වගේ ඒක exam එකට ආවෙත් නෑ...) ඒ ලස්සන කාලය ආපහු එන්නෙ නෑ කියලත් මම දන්නව. ඒත් ඒක හැමදාටම මතකයේ තියේවි. තව අවුරුදු ගානකින් වුනත් අපිට මේ ලිපියම කියවල හිතින් ඒ ලස්සන අතීතයට යන්න පුළුවන් වේවි!!
ටිකක් ඡනප්‍රිය ඒව
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
හැල හැප්පීම් ගොඩක් ඒකක් ගෙවුනු වසරක අවසානය. අද ඉදන් අළුත් අවුරුද්දක්. ගෙවුනු අවුරුද්දෙ කරපු කියපු දේවල් මතක් කරල බැලුවාම ගොඩක් සතුටු...