Monday, September 5, 2011

කේෂාන්ගේ සැබෑවු සිහිනයක්.........

 
         මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව. නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්නවෙලාවකුත් ලැබුනු. මේ ඒවගේ ගොඩක් කාලයක් හිතේ තිබිල ඊයෙ පෙරේද ක්‍රියාත්මක කරපු දෙයක්. කේෂාන්ට ඉස්සර ඉදන්ම තිබුනු අමාරුවක් තමයි ඔය බයිසිකල් පදින එක. හැබැයි ඔය කිවුවට රේස් නම් පදින්න ගිහිල්ලනෑ.. පදින්නෙත් නෑ.. මොකද අන්තිමට ඉවර කරන කෙනාට තෑගි දෙන තරගයක් තාම මට හම්බ වුනේ නෑ.. හම්බවුනා නම් අනිව යනව. ඉස්සරම ගේ වටේ බයිසිකල් පැද්ද. ඊලගට පාරේ ටික ටික පැද්ද. A/L කරන කාලෙ වෙනකන්ම හැමදාම වගේ බයිසිකලේ කොහොම හරි ටිකක් පදිනව.අන්තිමට ඔය හදාගෙන යන මාතර - කොලඔ High-Way එකෙත් බයිසිකල් පැද්ද. හැබැයි දැන්නම් ඒකෙ පදින්න දෙන්නෙත් නෑ.. ආරක්ෂක හේතුන් මත කියල. ඉතින් පුරුදු පරිදි පාරේ තමයි බයිසිකල් පදින්නෙ.


     ගොඩක් කාලෙකට ඉස්සර අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක් බයිසිකල් එකක් ගෙනාව. ඒක රටින් ගෙනාපු එකක් කියල තමයි එයානම් කිවුවෙ. අන්න ඒකෙ හයිකරල තිබුන මීටරයක්.. ඒකෙන් බයිසිකල් එක යන වේගෙ පෙන්නනව. ඔය මෝටර්බයික් වල තියෙනව වගේ එකක්. එදා මට ඒකට ගොඩක් ආස හිතුන. ඒත් කිසිම කඩේකින් මට විදිය මීටර් එකක් හොයාගන්න බැරි වුනා. ඒක නිසා ටික ටික අදහස මගේ හිතින් දුරස් වෙලා ගියා. මාසෙකට විතර කලින් මම eBay එකේ ටිකක් කැරකි කැරකි ඉන්නකොට මෙන්න බොලේ තියනව Bicycle Speedometer කියල පොඩි අයිටම් එකක්. මම පොඩ්ඩක් Details කියවල බැලුව. නියමයි මම කාලෙ හොයපු විදියම එකක්. හැබැයි මේක ඩිඡිටල්.. නියමයිනේ... "පහණක් පැතූ මා සද හමු වෙලා..... " නෑ නෑ ඒක මෙතනට අදාල නෑ....  

    පොඩ්ඩක් Seller Contact කරල එහෙම විස්සර ටිකක් හොයල බැලුව. වරදක් නෑ.. දාල තිබුනු ගානට වටිනව. ගන්න කලින් ඉතින් පොඩ්ඩක් අනිත් Site වලත් මේ අයිටම් එක තියනවද බැලුව. මීට වඩා අඩුවට තිබුනොත් නේද???? හොයාගෙන යනකොට BuyInCoins වල තියනව මේ අයිටම් එකම eBay Price එකටත් වඩා අඩුවෙන්. හැබැයි BuyInCoins වලින් මම මීට කලින් ගෙන්නල තිබුනෙ අයිටම් 7-8ක් විතරයි. ඉතින් වැඩේ ටිකක් රිස්ක්. ඕන දෙයක් කිය ඒකෙන් අයිටම් එක ගෙන්නුව. සති දෙකකින් විතර ගෙදරින් Call කරපු වෙලාවක තාත්ත කිවුව ඔන්න අදත් පාර්සල් එකක් ආව. මොකක්ද මන්ද ඔරලෝසුවක් වගේ එකක් කියල. මට සින්දුවක් කියන්න තරම් happy. ඒත් බෝඩිමේ අය ඉන්න නිසා කිවුවෙ නෑ..ඒක බලන්නත් එකක් තමයි ගිය සතියෙ මම ගෙදර ආවේ. ඈවිත් බැලුවාම මෙන්න තියනව අයිටම් එක.


 
     පහුවදාම බයිසිකලේ අරගෙන පිහිදල එහෙම කරල අයිටම් එක හයිකරන්න ගත්ත. හයිකරන විදිය ගැන පොඩි manual එකකකුත් තිබුන නිසා වැඩේ ගොඩක් ලේසි වුනා. විනාඩි කීපයකින් වැඩේ ඉවරයි.


  • Sensor එක ඉස්සරහ රෝදෙ පොක් එකට හයි කරා.
  • Magnet එක ස්පෝක් එකට හයි කරා.
  • Display Mount කරන කෑල්ල හැන්ඩල් එකට හයි කරා.
  • Display Unit එකට බැටිරිය දැම්ම.


   බැටිරිය දැම්මට පස්සෙ ඒකෙ පොඩි පොඩි Settings ටිකක් තියනව හදන්න. වෙලාව වගේම ටයර් එකේ පරිදියත් Enter කරන්න ඔන. එක එක ටයර් Size වලට අදාලව පරිධිය තියන වගුවකුත් මේකත් එකක් හම්බ වුනා... දැන් වැඩේ හරි දැන් ඉතින් තියෙන්නෙ Test Run එකක් යන්න. රෝද දෙකටම හුලන් එහෙමත් ගහගෙන වැඩේට බැස්ස. ඊට කලින් මේකෙ තියෙන Features ගැන ටිකක් කියන්න ඔනනේ.



  • වේගය Km/h හා m/h යන දෙකෙන් එකකින් පෙන්නනව
  • දැනට ධාවනය කරපු දුර - Distance 
  • ධාවනය කරපු උපරිම වේගය - Max Speed 
  • සාමාන්‍ය වේගය - Average Speed 
  • ධාවන කාලය - Stop Watch 
  • දැන්ට පවතින වේගය වේගයට වඩා අඩුද වැඩිද කියලත් පෙන්නනව. 
  • වේලාව - Time 
  • උෂ්ණත්වය

       ඔන්න ඔය ටික තමයි තියෙන්නෙ. බයිසිකල් එක තල්ලු කරගෙනම පාරට ගියා. Distance කියන එක 0.200km කියල පෙන්නනව. මම ආපහු ගෙදර පැත්තට හැරිල බැලු.අපේ ගෙදර ඉදන් පාරට මීටර් 200ක් විතර තියනව නේද? මම මටම කියාගත්ත. පාරට ඈවිත් බයිසිකල් එකට නැගල ති දාගෙන පදින්න ගත්ත. වෙනද පාර දිහා බලාගෙන පැද්දට අද පදින්නෙ මීටරේ දිහාම බලාගෙන.


      හති දාගෙන පුළුවන් තරම් හයියෙන් පැද්ද.... පුළුවන් තරම් හෙමින් පැද්ද..... පැයක් විතර පැදල පැදල ආපහු ගෙදරට ආව. හිත ගොඩක් සතුටින් පිරිල. අවුරුදු ගානක් අතීතයට ගියාවගේ... Meter එකේ තියන Button ඔක්කොම ඔබ ඔබ බැලු. මුළු දුර 8.590km. උපරිම වේගය 32.1km/h. (බයිසිකලේ තෙල්/ගීස් එහෙම දාල මේ Record එක අනිව කඩනව...) සාමාන්‍ය වේගය 10.1km/h. නරකම නෑ නේද? ඔන්න ඔහොමයි කේෂාන්ගෙ අවුරුදු ගානකට කලින් තිබුන බලාපොරොත්තුවක් ඉටු උනේ. අදත් හවස පදින්න ඔනේ...


    ආ තවත් වැදගත් දෙයක්... බයිසිකල් පදින් අයට මේක හොද අයිටම් එකක්. ගානත් සාධාරණයි.. eBay එකේ හරි BuyInCoins එකෙන් හරි ගන්න. අයිටම් එකේ Quality එකත් හොදයි. නිවරදිතාවයත් හොදයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදල තියනව. වගේමයි මේක ලංකාවට ගැලපෙන විදියට හදල තියෙන්නෙ... කියන්නෙ Meter එක ලේසියෙන්ම Mount කරපු තැනෙන් ගලවන්න හයි කරන්න පුළුවන්. නිසා බයිසිකලේ නවත්තල යනකොට මේක ගලවගෙන සාක්කුවෙ දාගෙන ගිහින් ආපහු ඈවිත් හයි කරන්න පුළුවන්. (එතකොට හොරාට ගලවන් යන්න බෑ නේ..... හූ හූ.... - හොරාට හූ කිවුවෙ හොදේ!!!). විදියට ගැලෙවුවාම Display එකේ තියන ඔක්කොම විස්තර නැති වෙලා වෙලාව විතරක් පෙන්නනව. ඔරලෝසුවක් විදියට යොදගෙන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි විස්තරේ.
 


10 comments:

  1. niyamay niamay ara kiyanna hithuna sinduwath kiuannako keshaan... anyway metere diha nemey paradiha balagana ride karanna..

    ReplyDelete
  2. අනේ උඹෙ සිගිති ආතල්...මම හිතුව උඹ හදපු ගැජට් එකක් කියල..දුවගෙන ආව මැදැයි..ගහපන්කො මට අල්ලගෙ..මීටර් සාක්කුවෙ දාගෙන ගිය වෙලාවක හොරා බයිසිකලේම ඇරන් ගියොත් උඹට උඩ කැල්ලෙන් විතරක් වැඩක් නැනෙ..හොරාට මෙලො රහකුත් නැති වෙනව..එහෙම වැඩ හොද නැ නොව..

    ReplyDelete
  3. මම නම් කැමති "පහණක් පැතූ මා සද හමු වෙලා....." කියන කෑල්ලට :b

    ReplyDelete
  4. නියමයි බං! මාත් බහිසිකල් පදින්න ගොඩක් ආස කෙනෙක්! ම්ම්! උඹ ප්‍රයිස් එක දාලා නෑනේ! ම්ම්! කමක් නෑ! මටත් ඕක දැක්කම ආස හිතුනා. මගේ එකේ දැනට තියෙන්නේ හෝන් එකයි සිග්නල් ලයිට් සෙට් එකයි විතරයි. මමත් ඕවා එකක් හෙව්වා. තාම හම්බුනේ නෑ. අද උඹ දැම්ම මේ පෝස්ට් එක නම් වටිනවා. මං උඹ කිව්ව සයිට් වල බලන්නම්! එළ එළ!

    ඒත් ඇත්තටම පැන්ඩා කිව්වා වගේ ඕක සාක්කුවේ දාගෙන ගියාට පස්සේ හොරා සයිකලේ ඉස්සුවොත් තමයි බඩු!

    ReplyDelete
  5. මචන්, මටත් ඔය ගැ‍ජමැටික් එක ගෙන්නලා දෙන්න බැරිද?

    ReplyDelete
  6. හිහ් පැන්ඩා අයියා කිව් කතාවට හිනා....... :q :q

    ReplyDelete
  7. කට්ටියට විභාග ඉවරයි වගේ.
    ඒකනේ මේ ෆ්‍රී එකේ ඉන්නේ.

    ReplyDelete
  8. @Sandaru ්‍පිස්සුද බං... දැන් සිංදු කියන්න බැරියෝ...
    @පැන්ඩා පොඩ්ඩක් ඉදපන් ගහනකන්.... :s ඈයි බං බයිසිකලේ අරන් යනවට ලොක් එකක් තියනවනේ... ඉතින් අරන් යන්නෙ කොහොමද??
    @THILINA@UWU :i
    @" මාධව - மாதவ - Madhawa " site දෙකේම තියනව.. පොඩ්ඩක් බලන්න දැන්නම් ටිකක් ගාන වැඩිවෙලා...
    @Asanka Udara මොකක්ද බං... දැන් SE නේද?? සල්ලි නැද්ද ගනින්කො...... අරගෙන අපිටත් දීපන්...
    @හා පැටික්කි (MS) ඔවු ඉතින් මඩ ගහන්නනම් හැමෝන ඉන්නවනේ.... :r
    @මධුරංග හපෝ තාම ඉවර නෑ තව Subject 5ක් තියනව....

    ReplyDelete
  9. ඔන්න මමත් බැලුවො................ ඔන්න බනින්න ඔට්ටු නැ හරිද?

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව