පටන්ගන්න ටිකක් කල් ගියා. වැඩ ටික ඔක්කෝම හිර වුන නිසා. අවුලක් නෑ දැන් අලුත් සෙමෙස්ටර් එකක්. අපි සුපුර් සීනියර්සිල ලු. අනේ මන්ද හැමෝම එහෙම කියනව. එත් මටනම් එහෙම දැනෙන්නේ නෑ. තාම First Year වගේ. Exam එකත් කරා ගත්ත. ගොඩක් ඒව නම් හොඳට කරා. එත් සමහර ඒවනම් එච්චර සුවර නෑ. මොනව කරන්නද පුලුවන් විදියට කරා PROJECT එකත් අමාරුවෙන් කර ගත්ත. ඒකට මැරුන තරම් දන්නෙ අපි පස්දෙනා විතරයි. පස්දෙනා කිවුවෙ අපේ PROJECT එකේ පස්දෙනා. ඒක ගැනත් පස්සේ ලියන්න ඔ්නේ.
Lectures පටන් ගත්ත. අද හවසනම් මුකුත් නෑ. Computer lab එකට වෙලා ඉන්නව. අලුත් අලුත් විශයන් ගොඩක් දාලා. අද කෟතිම බුදිධිමය පද්දති (AIS) කියල lec එකකුත් තිබුනෙ. මටනම් හිතුනෙ තියන බුද්ධිය ටිකත් නැතිවෙයි වගේ. මොකක්දෝ මන්ද ටෙස්ට් එකක් ගැන ඉගැන්නුව. Turin ද මොකක්ද කියද. කොල්ලො වගයක් කිය කිය ගියා යූරින් ටෙස්ට් එක නම් දන්නව කියල.
දැන් ඇති වගේ. බඩත් ටිකක් කෑගහනව කැන්ටිමේ කෑම ටිකක් ඉල්ලලා. දැන් ගියානම් හොදයි වගේ. ආපහු හම්බවෙනකන් හැමෝටම බුදු සරණයි
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, September 8, 2010
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
අළුත් අවුරුද්දෙත් ඔන්න පොඩි දෙයක් ලියන්න හිතුව. අද Networking වලින් ටිකක් ඈත් වෙලා වෙනස් දෙයක් ලියන්න තමයි හිතුවෙ. මම ලියපු Networki...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
මම අද තමයි ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ...පුදුම සතුටක් ආව.මේක හදල මට නොකීව එකට උඹව කන්න ඕනි.මොකො උඹ මේක කුළුදුලේ එලියාට දානකං කමෙන්ට් එකක් දාන්න මම කට ඇරගෙන බලා හිට්යෙ..
ReplyDeleteමට හරිම සංතොෂයි මචො..මම සුභ පතනවා හදවතින්ම...
ගොඩාක් ස්තූතියි පැන්ඩො. මම දන්නව මගේ යාලුවො හැමදාම මගේ පස්සෙන්ම ඉන්නව කියල.මේක පටන්ගන්න ගොඩක් උදවු කරා වගේම ඉස්සරහටත් මට උදව් කරාවි කියල මම බලාපොරොත්තු වෙනව.
ReplyDelete