නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Thursday, August 15, 2013
පාරාඡිත ආදරවන්තයෙක්
ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය
නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය
කෙසේ නමුත්
ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි
ඔබම තෝරාගත් ඒ මාර්ගයේ...
ඔබම තෝරාගත් ඔහු සමග..
ඒ සතුටු අවසානය කරා..
ඔබ පියනගන්න..
නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ
ඔබ ආපසු හැරී බැලුවොත්...
ඔබට පෙනේවි ඔබ ගමන ආරම්භ කර තැනටම වී
තවමත් ඔබ දෙස බලා සිටින
පාරාඡිත ආදරවන්තයෙක්..
(ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි.)
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව . මොකද මේ .... මොකක් හරි අවුලක්ද ? බොහොම අමාරුවෙන් hand signal ද...
-
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩ...
-
ඔව් එය නිවරදිය.... බොහෝ දෙනා පවසන පරිදි..... මුහුදේ මාළුවන් බොහෝ ඇත. විවිධ වර්ණයෙන්..... විවිධ හැඩයෙන්..... නමුත් ඔබ ම...
-
මාස හයක් ඉගනගත්ත JAVA ටිකෙන් ලියන්න හිතාගෙන පටන් ගත්ත කරන්න PROJECT එකක් EagleEye කියල පටන්ගන්න කලින් ඒක අනුමත කරගන්නලු වාර්තාවක් හදල ඉක්මනට...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download...
-
ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. න...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...

මගෙ කඳුලින් නිමාවූ මාවතේ කියන සිංදුව මතක් උනා. ලස්සන සිතුවිල්ලක් කේශාන්...
ReplyDeleteස්තූතියි comment එකට... මේ වගේ සිතුවිලි තුල ඡීවත් වෙන ගොඩක් අය අද අපි අතර ඉන්නව. ඒවගේම තමයි ඒ ගැන ලියවුන ගීතත් ගොඩක් තියෙනව. ඔයා සඳහන් කරපු ගීතය වගේම රොහාන් ශාන්ත මහත්මය ගායනා කරන එක් පෙති මලක් විය නුඔ මගේ අත් දෙකට ගීතයෙත් සිතුවිල්ල මේ වගේම තමයි කියලයි මට හිතෙන්නෙ.
Delete"ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි."
ReplyDeleteමේක හිතට වැදුනා අයියේ ගොඩක්........ මංදා..... මං විශ්වාස කරනදේ කොච්චර ඈතට ගියත් ඒ දේ අයිති නම් ආයෙම එනවා අයියේ. ඒ එන්නේ ආපහු කවදාවත්ම නොයන්න බලාගෙන. ඒ නිසා නිහඬව බලන් ඉන්න.... ඒ නිහඬ බව ඔයාට ලොකු හයියක් දේවි හැම දෙයක්ම දරා ගන්න. මෙහෙම ලියන්න ඒත් තමන්ට විතරක් පුලුවන් නම්..... එහෙම හයිය වුන හිතක් මේ දේ කිව්වේ කියලා විතරක් මතක තියා ගන්න......... :)
ස්තූතියි comment එකට..
Deleteමම දන්නව එයා කැමති මාවත තෝරාගෙන අවසන්. ඒත් එයාට කවද හරි දුක් වෙන්න උනොත් මට බැරි වුනත් ඒ දුක නැති කරන්න, එදාම මම ඉන්නව එයත් එකක් දුක්වෙන්න.
කවද හරි දවසක එයාට ආපහු මගේ ආදරය ඕන වුනොත් මම දැන් එයාට ආදරය කරනවටත් වඩා වැඩියෙන් ආදරය කරනව එදාට.
එළ කොල්ලෙක්
Delete