Wednesday, October 27, 2010

මගේ රූම



අද කියන්න යන්නෙ මාත් එක්ක මගේ දුක සැප ඛෙදාගෙන කාමරෙ ඉන්න මගේ රූම ගැන. ඊයෙ මම බර කල්පනාවක ඉන්නකොට රූම ඇවිත් මගෙන් ඇහුව මොකද මචෝ ප්‍රශ්ණයක්ද කියල. පස්සේ එයා මහා ලොකු සංදේශයක් කියවගෙන ගියා නෙ. මට හිතුන ඒක හයාලටත් කිවුවොත් හොඳයි කියල.

මචං බෝලෙ දාන්න කලින් බැට් කරන්නත් එපා, බෝලෙ දැම්මට පස්සෙ බැට් කරල වැඩකුත් නෑ. ලගට අවුට් වුනා කියල දුක් වෙන්නත් එපා. මොකද ආපහු තව මැච් එකක බැට් කරන්න හම්බ වෙනව. උඔ ඔච්චර හිතන්නෙ නැතුව මම වගේ හිටපන්මේ පේන්නෙ නැද්ද මම ඡොලියෙ ඉන්නව. හැබැයි හිත යටින් දුක් වෙනව. එහෙම කියල රූම 1960 ගනන් වල සිදුවක් කියාගෙන රෙදි මදින්න ගත්ත. යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..........

මම මේ ලියනව දැකල ලගට ඇවිත් ඇහුව මොනවද උඔ ඔය ලියන්නෙ කියල. උඔ ශේෂ්පියර් වෙන්න යනවද කියලත් ඇහුව. මොනව උනත් හරි හිත හොඳ කොල්ල. එයා වැඩිය නෙටි එකේ කැරකෙන්නෙ නැති නිසා හොඳයි. ඒක නිසා මේක කියවන එකක් නෑ. දැක්ක දවසට මම ඉවරයි. මම මේ ලියන එක එකපාරටම නැවතුනොත් පොඩ්ඩක් හොයල බලන්න. මොකද මගේ රූම මාතර. අදට රූම ගැන කිවුව ඇති නේද?? මම නවතින්නම්. බුදු සරණයි.

2 comments:

  1. ආ මේ අපේ සෙලෝටෙප් නෙ...ඒ කතාව කියන්නෙ නැද්ද..මොකක් වුනත් හිත හොඳ කොල්ල නං තමයි..කොහොමත් හොඳ ලමයින්ට සෙට් වෙන්නෙ හොඳ ලමයි ම තමයි.එතකොට ලොජික් එකට අනුව උඹ ?

    ReplyDelete
  2. හම්මෝ මම ගහ මුදුනෙ... මේන් හඳේ හාවත් ඉන්නව. සෙලෝටේප් කථාවත් ලියල දාමු. ගුටිකනකොට ඔක්කොටොම එක පාර කන්න පුලුවන්නෙ.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව