Sunday, February 5, 2012

නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ


මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)

පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ වගේ. එකක් ඉවර වෙනකොට තව අළුත් දෙකක් එනව. ඉතින් මොනව කරන්නද???

පහුගිය දවස් ටිකේ නම් ගොඩක් දේවල් වුනා. පණ වගේ ආදරේ කරන මගේ ලැප් එක වැඩ කරන්නෙ නැති වුනා. ඒක හදාගන්නත් හෙන ගේමක් දුන්න. ඒ වගේම කේෂාන් තමන්ගෙ ඡිවිත කාලෙදී අඩුම කාලයකදි ගමන් කරපු වැඩිම දුරත් ගමන් කරා... (100 200 400 Record එකක් එහෙම නෙමේ හොදේ.....) ඒක ගැනනම් අනිව Blog Post එකක් දාන්න ඔනේ.

විශ්ව විදාලයෙ අවසාන Exam එකත් තව සති දෙකකින් විතර පටන් ගන්නව. එත් කොහොම හරි Blog කීපයක් හරි ලියන්න ඔනෙ.

මම දන්නව වෙනද වගේ මේ Blog එකට Comment දාන එකක් නෑ.. සමහර Blog අවකාෂයෙ යාළුවන්ට දැන් මාව මතකද දන්නෙත් නෑ. හම්... එහෙනම් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!!!



7 comments:

  1. මට මතකයි...මාස තුනට වැඩී නම් සින්ඩියෙන් පන්නල ඇති..අයෙ රෙජිස්ටර් වෙන්ට වෙයි හොදේ....

    ReplyDelete
    Replies
    1. හම්..... මටත් තාම මතකයි...
      බලමුකො අපහු ගිහින්...

      Delete
  2. මම නං අද මේ පැත්තේ ආපු පළවෙනි දවස...වැඩ ටිකත් කරගෙන ලියන්න නිවාඩුපාඩුවේ.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව... බොහොම ස්තූතියි Comment එකට

      Delete
  3. පැන්ඩා, තාරා, කේශාන් !!!
    තුන් දෙනාම එකසැරේ පෝස්ට් තුනක් දාලා ! :)
    ලියන්න ලියන්න ! අපි කියවන්නම් !


    පොඩ්ඩක් බලන්න සිංඩි වලින් පන්නලාද කියලා. විෂේශයෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බලන්න !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..
      සින්ඩි ටිකට ආපහු ගිහින් බලන්න ඔනෙ...

      Delete
  4. අදයි මෙහාට ආවෙ.. :) විභාගෙ ඉවර වෙලා ආයෙමත් ලියන්න පටන්ගන්න අයියේ...:)

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව