Thursday, May 16, 2013

මුහුදේ මාළුවන් බොහෝ ඇත


ඔව්
එය නිවරදිය.... 
බොහෝ දෙනා පවසන පරිදි.....
මුහුදේ මාළුවන් බොහෝ ඇත.

විවිධ වර්ණයෙන්..... 
විවිධ හැඩයෙන්.....

නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද
කෙදිනක හෝ දැනුනාද
ඒ මාළුවා ගැන...

ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව.

ඔහුගේ මුළු ඡීවිතයම...
ඔහුගේ මුළු බලාපොරොත්තුවම...
ඔහුගේ මුළු ලෝකයම...
 
 ඒ එකම එක මුහුද බව. 

4 comments:

  1. එලස්...
    ඒත් ඔහුට කියන එක ගැලපෙන්නෙ නෑ බන්.ඒක ඌට කියල වෙනස් කරපන්. නිර්මාණයේ තියෙන රස නැති වෙනව ඔහු කියන එකෙන්.එකම අදහස දෙකෙන්ම ගතැකි, සමහර වෙලාවට අදහස වැඩිය මතු කරන්න ගියම ලස්සන අඩු වෙනව. ඔහුට කියල දැම්මම උඩින් ගලාගෙන යන පරිසරය විකෘති වෙනව.
    මගෙ අදහසක් විතරයි... :)

    ReplyDelete
    Replies
    1. හම්... ඔවු ඒකත් ඇත්ත තමයි... අනේ මන්ද බං. මම ඉතින් මොකක් හරි මගුලක් හිතුන ගමන් මේකෙ ලියල දානව.. හිත හිත ඉන්නෙ නෑ නෙ..

      Delete
  2. අනේ පල... ඒ දවස් වල මුහුදු 5 ක් කියා දුන්න මතක නැද්ද

    ReplyDelete
    Replies
    1. මට මේක ලියනකොටම හිතුන ඔය මුහුදු 5 ගැන මොකෙක් හරි අහවි කියල... ​මේ මාළුවට වීසා නෑ... ඒ නිසා වෙන මුහුදකට යන්න විදියක් නෑ... වීසා ගන්න විදියකුත් නෑ කියල හිතා ගනින්කො. දැන් සතුටුද??

      Delete

ටිකක් ඡනප්‍රිය ඒව