මාත් එක්ක...
මගේ ලගටම වෙලා...
අවුරුදු ගානක්..
මගේ ඡීවිතය බෙදා ගත්ත...
ඒ කඳුලු....
මටත් නොදැනීම..
මගෙන් ඈතට ගියාම...
මට දැනුනෙ....
මම හරිම වාසනාවන්තයි කියල...
නමුත්...
ඒ කඳුලු මගේ ඡීවිතයේම කොටසක් බව
මට ආපහු දැනෙන්න පටන් ගත්තෙ,
මගේ ඇස් දෙක...
මටත් නොදැනීම...
ආපහු කඳුලෙන් පිරුණාමයි....
මට හිතෙන්නෙ කඳුල කවදාවත් අපේ ජීවිතවලින් ඈත් වෙලාම යන්නෙ නෑ කියල. ටික කාලයක් දුරස් වෙලා හිටියත් ලැබෙන පුංචිම හරි අවස්ථාවකදි ආයෙත් අපේ ජීවිතයට ලංවෙන්න කඳුල උත්සහ කරනව.
ReplyDeleteChams බොහොම සිතූතියි comment එකට.
Deleteඔව්... ඒක ඇත්ත. කඳුල අපි බොහෝ දෙනෙක්ගෙ ඡීවිතයේම කොටසක් වෙලා. ඒ නිසාම වෙන්න ඇති කඳුල අපෙන් ටික වෙලාවකට හරි දුරස් වුනත් ආපහු අපිව සොයාගෙන එන්නෙ...
බොහෝ දෙනෙක්ගෙ නෙමෙයි, හැම දෙනෙක්ගෙම ජීවිතේ කොටසක් තමයි කදුල...
Delete