Monday, October 25, 2010

ආදරේට බ්‍රෙක් නෑ ඡීවිතේට රිවස් නෑ


මොකක්ද මේ. ත්‍රීවීල් ඇඩ් එකක්වත්ද? නෑ නෑ මම මේ කියන්න යන්නේ ත්‍රීවීල් වල ගහල තියන සිටිකර් එකක් ගැන. පහුගිය පෝය නිවාඩුවට මමත් අනිත් හැමෝම වගේ ගෙදර යන්න කියල බස් එකකට නැග්ග. ඒ ගමන අතර තුර දී මට හමුවුනු ත්‍රීවීල් ගොඩක එක එක විදියෙ සිටිකර් ගහල තිබුන.

බුදු සරණයි, දෙවි පිහිටයි, මගේ සිත ඔබ, ඔය ඉරිසියාව අතහැරපල්ලා යනදාට මේව අරගෙන යන්නෑ, අත හිත අර බංකුවෙනි, පිඔගෙන එන්නේ ඉඔගෙන යන්නද, වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ, ඔය විදියේ එක එක විදියේ ඒව තිබුන. ඒත් මෙන්න මේක මගේ හිතට තදින්ම වැදුන. ආදරේට බ්‍රෙක් නෑ ඡීවිතේට රිවස් නෑ මම හිතන්නෙ ඔයාලත් දැකල ඇති.

ඒක දැකපු ගමන් මගේ හිතට ගොඩාක් දේවල් ආව. එයින් පලවෙනි කොවසට අදාල දේවල් අයින් කරල දෙවනි කොටස ගැන ටිකක් කියන්න හිතුන. පළවෙනි කොටස ගැන කියන එක නිකන් හරි නෑ වගේ නේද? දෙවනි කොටස ඡීවිතේට රිවස් නෑ මොකද හිතන්නේ ඇත්ත තමයි නේද??? මගේ සිත මගේ ඡීවිතේ අතීතෙට ඇදිල ගියා. කොච්චර නම් හිනායන සතුටු හිතෙන දේවල්, දුක හිතෙන ඇඩෙන දේවල්, එපාවෙන දේවල්, කලකිරෙන දේවල් නම් කොච්චර තියනවද? කාලෙට ආපහු යන්න තියනවනම් තියල මට හිතුන.

බ්ංදුව ලෙවල් කාලෙ ඉස්කෝලෙ හිටපු විදිය, මුල්ම ලෙවල් එක පලවෙනි පාර කරපු හැටි, පන්ති ගිය කාලේ, උදේ රෑ යාලුවො එක්ක බයිසිකලෙන් රවුම් ගහපුව, සෙල්ලම් කරපුව, ගේම් ගහපුව, මේ ඔක්කොම එකින් එක පිළිවෙලට මගේ ඔලුවට ඩවුන්ලෝඩ් වෙන්න ගත්ත. අනේ ආපහු කාලෙ එනවනම්. ආපස්සට යන්න, වෙච්ච වැරදි හදාගන්න ගොඩාක් ආසායි ඒත් ඡීවිතේට රිවස් නෑනේ. ලෙවල් කරල ගෙදර නිකන් කකා බිබී හිටිය අවුරුද්ද, මොනවද කලේ. අපරාදෙ, ආපහු ගිහින් අවුරුද්දේ මොනව හරි ඉගන ගන්න ආසයි.

කැම්පස් ආවට පස්සෙනම් හිතුනෙ අපරාදෙ ලෙවල් තව ටිකක් හොඳට කරගත්තනම් කියල තමයි. දෙවනි පාර ටිකක් මහන්සි උනානම් පාඩන් කරා නම්, ඒත් දැන් පරක්කු වැඩියි. තව දෙයක් මගේ රූමගේ උදාන වාකය තමයි -ෂික් අපරාදෙ ලෙවල් හරියට කරගත්තනම් මේ කටිට කන්නෙ නෑනේ.- එයා මේක හැම දාම පොතක් අතට ගන්න කලින් සහ පසුව කියනව.

කැම්පස් ඇවිල්ලත් අවුරුදු 2ක් ගෙවුන. අම්මෝ එයින් පලවෙනි අවුරුද්ද මටනම් ඒත අවුරුදු 10ක් වගේ. මුලු ඡීවිත කාලෙටම හම්බ වුනේ නැති අද්දැකීම් ලෝඩ් එකක් මට හම්බ වුනා. මම හිනා වුනා, ඇඩුව, බලාගෙන හිටිය, ඉස්සරහින් ගියා, පස්සසෙන් ගියා, කෑගැහුව, හැම වෙලේම මගේ යාලුවො ටික මාත් එක්ක හිටිය. මම හිනා වෙනව බලලා අය හිනාවුනා. මම අඩනව දැකල මාව සැනසුව. හැමෝම මට ගොඩාක් දිරි දුන්නා.

මේ අවුරුදු දෙක ගෙවුනෙ ගොඩාක් කරදර මැද. මගේ අතින් වැරදි ගොඩාක් වුණා. ඡීවිතේට ගොඩාක් දේවල් එකතු වුනා, සමහර දේවල් මට නැති වුනා. ආපහු කාලෙට ගිහින් දේවල් ආපහු ලබා ගන්න ආසයි. වෙච්ච වැරදි හදාගන්න ආසයි. ඒත් දැන් පරක්කු වැඩියි. ඇලඩින්ගෙ පහනවත් ලැඛෙනවනම්, වරයක් ඉල්ලලවත් අතීතෙට යන්න තිබුන. මගේ අතින් වෙච්ච වැරදි ආපහු හදන්න තිබුන.

බස් එක ගහපු බ්රෙක් පාරකින් මම එකපාරට ඇහැරුනා. අම්මෝ ත්රීවීල් ස්ටිකර් එක මාව එක්කන් ගිය දුර. මම ආපහු හිතන්න පොඩි උත්සහයක් දැම්ම. ඒත් වැඩක් නෑ, කාලය යන්නෙ ඉස්සරහට විතරයිනේ, පස්සට යන්නෙ නෑනෙ. අපි හැමෝම දන්න කාලෙ ඉඳන් ප්රස්ථාර වල කාලය (ටී) ඇන්දෙ ධන පැත්තෙ විතරයිනේ. අනේ මන්ද තේරුමක් නැතුව මම හිතනව නේද?? ඔයගොල්ලන්ගෙ වෙලාවත් මම නාස්ති කරනව නේද? මේක කියවන්න ගත කරපු වෙලාව අපරාදෙ වගේනම් මට සමාවෙන්න. මම නවතින්නම්. බුදු සරණයි.

.ලි. කාටහරි අර ඇලඩින් කියන හාදය පහණත් එක්ක හම්බ වුනොත් මට මේල් එකක් දාන්න.



3 comments:

  1. ඔයාට මං පුන්චි රහසක් කියන්නද යාළු..දන්නවද ඔය ඇලඩින් ගෙ පහන අපි හැමො ලගම තියෙනව..එත් අපි හුගක් අය ඒක හොයන්නෙ නැ..ඕක තියෙන්නෙ අපෙ හිතෙ..ඒක හොයා ගත්තු කෙනෙක් තමා ඇලඩින් කියන්නෙ..මිනිහ ඒක හොයාගෙන දි‍යුණු වුනා..ඔයාට ඔයාගෙ පහන ලැබේවා.

    ReplyDelete
  2. මටත් මතක් වුන 3ව්ල් වැකියක්

    "ළිඳ අපේ නං අපි ළිදේ නං කාටවත් ඇයි වේදනා"

    ReplyDelete
  3. ඒකත් ඇත්ත තමයි. ඒත් මේ හිතත් එක්ක මුකුත් බෑනේ. පස්සටමයි යන්න හදන්නෙ

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව