Wednesday, October 27, 2010

කේෂාන්ගේ නිවාඩුව ගෙවුන හැටි



පහුගිය සෙමෙස්ටර් එක ඉවර වෙලා මාසෙක නිවාඩුවක් හම්බ වුණානේ. ඉතින් ඒකේ කේෂාන් මොකද කරේ. එකම එක දෙයයි. පොඩි සර්කිට් එකක් හැදුව. මට හිතුන ඒක ගැන පොඩ්ඩක් විස්තර කියන්න.නිවාඩුවට ගෙදර ගියාම ගොඩාක් යාලුවො කථා කලා. හැමෝම ඇහුවේ මොනවද කරන්නෙ කියල. මමත් බොහොම සරල උත්තරයකි දුන්න. මම මේ සර්කිට් එකක් හදනව කියල. ඉතින් හැමෝම ඒක ගැන ඇහුව. දැන්නම් ඒකෙ පලවෙනි අදියර ඉවරයි. දෙවනි අදියර තාම ඉවර නෑ.
සරලවම කියනවනම් ඒක Seven Segment Dsplay 6ක් තියන පොඩි Display එකක්. ඒක් LPT පෝට් එක හරහා කම්පුටර් එකට connect කරනව. ඊට පස්සේ මම ලියපු පොඩි program එකකින් පුලුවන් ඒකෙ තමන් කැමති අංක 6ක් පෙන්වන්න. දැනට ම ලියපු program එකෙන් පුලුවන් වෙලාව සහ දිනය පෙන්නන්න විතරයි.ඒක තවත් වැඩි දියුනු කරන්න ඹයාලට පුලුවන්. ඒ කොහොමද???? ඒක දැන ගන්නම ඔන නම් මේක දිගටම කියවන්න වෙනව.
ඇයි මට මෙහෙම (මොඩ) වැඩක් කරන්න හිතුනෙ????? ඉවර වුණු සෙමෙස්ටර් එකේ අපි ඉගන Micro Computer Architecture & Logic Design කියල විෂයක්. ඉතින් මට හිතුන ඒ ඉගනගත්ත දෙයක් මම දන්න දේවට එකතු කරල මොකක් හරි බහුබූත වැඩක් කරන්න. ඒකෙ අන්තිම ප්‍රතිපලය තමයි මේක.මම දන්න දේවල් ටිකකුයි උගන්නපු ටිකකුයි යාලුවො ගෙන් ඉගන ගත්ත ටිකකුයි දාල තමයි වැඩේ කලේ. ආ Program ලියන Java Sample code එක හොයල දුන්නෙ මාලන් (කැලණිතිස්ස) එයාටත් ගොඩක් සිතූතියි.
අන්තිමට කොහොම හරි වැඩේ කලා. ටිකක් මහන්සි වුණා වෙලාව වගේම මුදලුත් වියදම් උනා. මහන්සි වුන තරම දන්නෙ මමයි අපේ ගෙදර අයයි, මට හැමදාම වගේ කථාකර කර දුක සැප අහපු අයයි තමයි. වැඩකරන්නෙ නැතුව දමල ගහල ගිය වාර ගාන අනන්තයි. ඒත් අන්තිමට වැඩේ කරල ඉවර වුනාම ලොකු සතුටක් දැනුන. හැබැයි එතකොට නිවාඩුවත් ඉවර වෙලා....................

ප.ලි. පොඩිදෙයක් අමතක වුණා. අර මම කිවුව දේ. program එක ගැන. මම මේ වැඩේ සම්පූර්ණ තාක්ෂණික විස්තරයකුයි program එකයි මම පුලුවන් තරම් ඉක්මනට blog එකට දානව.

4 comments:

  1. මෙයා කොහොමත් ඔහොම තමයි..ඔක්කොම වැඩ ෂෙප් එකෙ කරල මං නෙවෙ වගේ ඉන්නව.හැබැයි එක දෙයක් තියෙනව..දෙයක් දන්නෙ නැ කියල ඇහුවොත් නං ඒක එළ කිරි වගෙ කියල දෙනවා උගෙ වැඩ සියල්ල පැත්තක දාල..ඒවට ඉතින් බොහොම පින්.. තව තව වැඩියෙන් හොඳට මෙව කරන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
  2. ඔන්න ඉතින් අපේ පැන්ඩ බොරු කියන්න පටන් අරන්......

    ReplyDelete
  3. your blog is good, try to start ur own blog without blogspot...
    cheers

    ReplyDelete
  4. --> Anonymous

    ස්තූතියි කමෙන්​ට් එකට

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව