Thursday, August 15, 2013

පාරාඡිත ආදරවන්තයෙක්




ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය
නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය
කෙසේ නමුත් 
ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි

ඔබම තෝරාගත් ඒ මාර්ගයේ...
ඔබම තෝරාගත් ඔහු සමග..
ඒ සතුටු අවසානය කරා..
ඔබ පියනගන්න..

නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ 
ඔබ ආපසු හැරී බැලුවොත්...
ඔබට පෙනේවි ඔබ ගමන ආරම්භ කර තැනටම වී 
තවමත් ඔබ දෙස බලා සිටින
පාරාඡිත ආදරවන්තයෙක්..

(ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි.)



5 comments:

  1. මගෙ කඳුලින් නිමාවූ මාවතේ කියන සිංදුව මතක් උනා. ලස්සන සිතුවිල්ලක් කේශාන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි comment එකට... මේ වගේ සිතුවිලි තුල ඡීවත් වෙන ගොඩක් අය අද අපි අතර ඉන්නව. ඒවගේම තමයි ඒ ගැන ලියවුන ගීතත් ​ගොඩක් තියෙනව. ඔයා සඳහන් කරපු ගීතය වගේම රොහාන් ශාන්ත මහත්මය ගායනා කරන එක් පෙති මලක් විය නුඔ මගේ අත් දෙකට ගීතයෙත් සිතුවිල්ල මේ වගේම තමයි කියලයි මට හිතෙන්නෙ.

      Delete
  2. "ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි."

    මේක හිතට වැදුනා අයියේ ගොඩක්........ මංදා..... මං විශ්වාස කරනදේ කොච්චර ඈතට ගියත් ඒ දේ අයිති නම් ආයෙම එනවා අයියේ. ඒ එන්නේ ආපහු කවදාවත්ම නොයන්න බලාගෙන. ඒ නිසා නිහඬව බලන් ඉන්න.... ඒ නිහඬ බව ඔයාට ලොකු හයියක් දේවි හැම දෙයක්ම දරා ගන්න. මෙහෙම ලියන්න ඒත් තමන්ට විතරක් පුලුවන් නම්..... එහෙම හයිය වුන හිතක් මේ දේ කිව්වේ කියලා විතරක් මතක තියා ගන්න......... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි comment එකට..
      මම දන්නව එයා කැමති ​මාවත තෝරාගෙන අවසන්. ඒත් එයාට කවද හරි දුක් වෙන්න උනොත් මට බැරි වුනත් ඒ දුක නැති කරන්න, එදාම මම ඉන්නව එයත් එකක් දුක්වෙන්න.
      කවද හරි දවසක එයාට ආපහු මගේ ආදරය ඕන වුනොත් මම දැන් එයා​ට ආදරය කරනවටත් වඩා වැඩියෙන් ආදරය කරනව එදාට.

      Delete
    2. එළ කොල්ලෙක්

      Delete

ටිකක් ඡනප්‍රිය ඒව