Saturday, December 11, 2010

Basic Switching - Part II

ඔන්න අද කලින් ලියපු Article එකේ ඉතුරු ටික කියන්න තමයි මේ හදන්නෙ. අර switch එකක් වැඩ කරන විදිය ගැන. ඒක කියෙවුවෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් කියවලම එන්නකො. මොකද නැත්නම් මේකෙ තියන සමහර දේවල් එච්චරම තේරෙන එකක් නෑ. හරි මතකයි නේද PC-A PC-C ට Data Packet එකක් යවපු විදිය, ඒ වගේම ඒකට පිළිතුරු ලැබුණු විදිය. ආ තව Mac Address Table (MAT) එකේ තියන දේවල් ටික. ඔය පහල තියෙන්නෙ අදාල රූපෙ තමයි. MAT එකත් එක්කම දැම්ම. දැන් බලමු PC-A PC-B ට Data Packet එකක් යවන්නෙ කොහොමද කියල...
මුලින්ම A යවන පැකට් එක switch එකට එනව. එයා ඒක Layer 2 වෙනකන් Open කරගෙන Source Mac එක කියවනව. හැබැයි ඉගන ගන්න දෙයක් නෑ.ඇයි දැනටමත් එයා A ගැන දන්නවනෙ. ඊලගට කියවන්නෙ Destination Address එක. ඒක B ගෙ. හැබැයි switch එක ඒක දන්නෙ නෑ. ඉතින් එයා මොකද කරන්නෙ. හරි හරි පරන ලිපියෙත් තිබුනෙ... switch එක මේ data packet එක Flood කරනව. හරි කියන්න බලන්න මොන PORT වලටද Flood කරන්නෙ කියල.

PORT2 වලට යවන්නෙ නෑ ඈයි ඒකෙන්නෙ ආවෙ.. හරි
PORT4 වලට යවනව.. හරි
PORT8 වලට යවනව.. හරිPORT6 වලට යවන්නෙ නෑ. ඇයි ඒකෙ ඉන්නෙ C කියල switch එක දන්නවනෙ.... හම්.... කියන්න කනගාටුයි. ඒකනම් වැරදියි.

මේ switch එක ඔය data packet එක PORT4, PORT6, PORT8 කියන පොට් 3ටම යවනව. (Flood) පෙඩ්ඩක් අවුල් වගේ නේද??? ඇයි පෝට්6ට යවන්නෙ. ඒකෙ ඉන්නෙ C කියල දැන දැනත්. අපරාදෙනෙ. නෑ පොඩ්ඩක් හිතන්න. switch එක දන්නව PC - C ඉන්නෙ PORT6 වල කියල. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ නේද PORT6 වල ඉන්නෙ PC-C ව විතරයි කියල.හරියට ඔය කියල මාළුව ඉන්නෙ මේ ඇලේ තමයි. හැබැයි මේ ඇලේ ඉන්නෙ ඔය මාළුව විතරක් නෙමේ. අන්න ඒක නිසා එයා data packet එක PORT6ටත් යවනව. ඔන්න ඔයටික තමයි කේෂාන්ට කියන්න ඕන වුනේ. දැන් ඉතින් Reply කරන ටික ඉස්සර වගේමයි. B reply කරනව. ඒ පැකටි එකේ Source address එකෙන් switch එක ඉගන ගන්නව PC-B ඉන්නෙ PORT4 වල කියල. දැන් MAT එකේ පේලි 3යි.

තවත් දෙයක්. දැන් ටිකකට කලින් කිවුව නේද PORT6 වල C හිටියට එතන ඉන්නෙ එයා විතරක්ම නොවෙන්න පුළුවන් කියල... එතකොට එක පෝට් එකට PC ගොඩක් Connect කරන්න පුළුවන්ද???? පුළුවන්නෙ Hub එකක් හරහ. මම ඊලගට කියන්න හදන්නෙ ඒවගේ දෙයක් තමයි. මෙන්න මේ රූපෙ ටිකක් බලන්නකො. කලින් එකට වඩා ටිකක් වෙනස්. ඔය පහල තියන අළුත් උපකරණය Hub එකක්. Hub එක වැඩකරන්නෙ Layer01 වල. එයාට බෑ එන Data Packet වල MAC Address එකවත් කියවන්න. ඉතින් මෙයා කරන්නෙ Flooding විතරයි. ඒකියන්නෙ එක පෝඩ් එකකින් එන Data Packet අනිත් හැම පෝට් එකකටම යවනව. දැන් දැක්කද Switch එකෙයි Hub එකෙයි වෙනස. අපි Switch එකක් connect කරපු ගමන්ම එයා නික්න Hub එක්ක වගේමයි. ඒත් එයා ටික ටික ඉගනගෙන Data හරියට එහා මෙහා යවනව. හැබැයා hub එක එහෙම නෑ. හැමදාම Flooding....

හරි හරි මම දැන් කියන්න ගියේ.. මේ අළුත් රූපය අනුව Data Packet එකක් PC-A සිට PC-E වලට යන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න. ඔන්න මුලින්ම Data Packet එක PC-A වලින් HUB එකට එනව, HUB එක මොකද කරන්නෙ, ඒ Data Packet එක එයාගෙ අනිත් පෝට් වලින් PORT1 PORT5 එලියට යවනව. ඇයි මෙයා දන්නෙ ඒක විතරනෙ... PORT1 න් ඒක Eට ලැබෙනව. ඊට අමතරව ඒක Switch එකටත් ලැබෙනව. අනේ ඉතින් switch එක පුරුදු පරිදි ඔය Data Packet එක Open කරල බලනව Source MAC එක. ආ ඒක A ගෙනෙ. ආවෙ PORT2 න්නෙ. ඉගන ගන්න දෙයක් නැතෝ.... යවන්න ඔනෙ කාටද කියල Destination Address එක කියවල බලනව. ඒක එයා දන්නෙ නෑ. ඉතින් මොකද කරන්නෙ .. හරියටම හරි. PORT2 න් හැර අනිත් හැම එකෙන්ම Flood කරනව. ඉතින් ඔය Data Packet එක B,D,E කියන 3ටම ලැබෙනව. හැබැයි ඒක එයාලට අයිති නැති නිසා එයාල Reply කරන්නෙ නෑ.මොකද ඒක එයාලට නෙමේනෙ.

ඔය අතරතුර අර Hub එක යවපු data Packet එක E ට ලැබෙනවනෙ. මතකයි නේද? මේ දැන් කිවුවෙ. ඉතින් E එකට Reply කරනව. ඒක Hub එකට එනව. එයා ඒක PORT3 න් Aටත් PORT5න් switch එකටත් යවනව. හරි reply එක Aට ආවනෙ. ඉතින් වැඩේ හරි. එතකොට අර switch එකට ගිය එක ඒකට මොකද වෙන්නෙ. හරි හරි මතකද බැලුව. කටිටියට මතකයි නේද?? ඔන්න ඒ E ගෙන් ආපු Reply එක switch එකටත් ගියානෙ. එයා පුරුදු පරිදි ඒක Open කරල Source MAC එක කියවනව. ඒක E ගෙ නෙ. PORT එක 2. ඔන්න දැන් Switch එක ඉගන ගන්නව මගේ PORT2 වල E ඉන්නව කියල.දැක්කද ඒක පෝට් එකේ PC 2ක් මම ඉස්සෙල්ලත් කිවුවෙ. දැන් Switch එක මොකද කරන්නෙ ඉගන ගත්තනෙ දැන් බලනව Destination MAC එක ඒක A ගෙනෙ. ඉතින් මොකද කරන්නෙ. A ඉන්නෙ PORT2 වල කියල මෙයා දන්නවනෙ. එහෙනම් ඒක ආපහු PORT2 න් A ට යවාවි නේද????? කියන්න කණගාටුයි ඒ පාරනම් වැරදියි. Switch එක එහෙම කරන්නෙ නෑ. එයා ටිකක් කල්පනා කරනව. මේක මට ආවෙත් PORT2න් දැන් මට යවන්න වෙන්නෙත් PORT2න් (හැබැයි Destination MAC එකයි Source MAC එකයි නම් වෙනස්). මෙතන මෙකක් හරි හොරයක් තියනව. මම මේකට සම්බන්ධ වෙන්න ඕනෙ නෑ වගේ. ඔන්න ඔහොම හිතල එයා ඒ Data Packet එක ඇතෑරල දානව, එහෙමත් නැත්නම් drop කරනව. ඔන්න ඕකට තමයි Filtering කියන්නෙ. දැන් තේරුනා නේද? Switch එක ගත්ත තීරණය හරි. ඇයි කොහොමත් Reply Packet එක Aට ලැබිලත් ඉවරයිනේ Hub එකෙන්.

ඔන්න මම පොරොන්දු උන විදියටම Switch Operations ටික කියල දුන්න.Address Learning, Flooding, Forwarding, Filtering ඔක්කෝම කියල දුන්න.Loop Avoidance හැර. ඒක ටිකක් ලොකුයි. (නෑ එච්චරමත් නෑ) හැබැයි දැන්නම් කේෂාන්ට ඒක මතක නෑ. ඒකෙදි කරන්නෙ Network එක ඈතුලෙ මොනව හරි Loop තියනවද බලල ඒව නැති කරල දාන ඒක. නැත්නම් Switch එකට බඩුම තමයි. ඔය STP - Spanning Tree Protocol (IEEE 802.1d) එහෙමත් තියෙන්නෙ ඔය යටතෙ තමයි. CCNAවලට කරාට දැන්නම් ඔළුවෙ මුකුත්ම නෑනෙ. පොඩ්ඩක් Note එක බැලුවොත් නම් මතක් වෙයි. බලමුකො වෙලාව තියන විදියට. Exam එහෙමත් ලං වෙනවනෙ. හරි එහෙනම් සුපුරුදු පරිදි ගල් මුල් ඔක්කොම Comment වලින් එවන්නකො. බුදු සරණයි...

9 comments:

  1. පට්ට ලිපිය. නියමයි. මට තව පොඩි ආවුලක් තියෙනව. Router එකෙයි Switch එකෙයි වෙනස මොකක්ද?

    ReplyDelete
  2. වෙනදා වගේම අදත් ඔයාට ඉස්තූතියි . ඔයා ඉතින් දන්නවනේ මට මේවගේ ලිපිවලින් තියන වැදගත්කම.. දිගටම ලියන්න මචං . මේවගේ තාක්‍ෂනික ලිපි වලට මම ගොඩක් කැමතියි ..අපේ Institute එකේ ඔක්කොම බොස් පවා දැන් ඔයාගේ ලිපි බලනවා

    තෑන්ක්ස් මචං !

    ජයවේවා !!

    ReplyDelete
  3. @Anonymous
    ස්තූතියි comment එකට. සරලවම කියනවනම් මෙහෙමයි. ඔන්න දැන් අපේ Network එකේ PCs 10ක් තියනව කියල හිතමු. දැන් මේ 10න්ම එන network cable connect වෙන්නෙ switch එකට. ඒකෙන් කරන්නෙ switching කරන එක. ඊට අමතරව එයා වැඩ කරන්නෙ Layer2 ඒ කියන්නෙ MAC Address එකක්. හැබැයි Router එක මීට වඩා වෙනස්. අපි හිතමු අපිට අපේ Network එක. තවත් Network එකකකට සම්බන්ධ කරන්න ඕනෙ කියල. අන්න එතනදි අපි පාචිච්චි කරන්නෙ Routers. සාමාන්‍යයෙන් Switch එක තමයි Router එකට සම්බන්ධ ​වෙන්නෙ. එයා කරන්නෙ Route කරන ඒක. ඒ කියන්නෙ පාරවල් ගොඩක් අතරින් නිවරදි හා ඉක්මන් පාර සොයා දෙන එක. Rදuter එක සම්බන්ධ වෙන්නෙ තවත් Router එකකට. මේ Routers ගොඩක් එකතු වෙලා තියෙන නිසා එයාට පුළුවන් හොදම පාර සොයා ගන්න. ඒකට එයා පාවිච්චි කරන්නෙ Routing Protocols. (OSPF, RIP, IGRP, EIGRP වගේ ඒව. මම වෙලාව තියන විදියට මේවත් ලියන්නම්කො.) ආ තවත් දෙයක් Router එක වැඩ කරන්නෙ Layer3' ඒකියන්නෙ IP Address එක්ක. මෙයා පාර හොයාගන්නෙ ඔය IP Address වලින් සහ එයාගෙ Routing Table එකේ උදවුවෙන්නෙ.

    @හිස් අහස
    ස්තූතියි මචං. ගොඩක් සතුටුයි ඔයාලගෙ බොස් මේක කියවනව කියල දැන ගත්තාම. ඔයාගෙ Institute එකේ හැමෝටමත් ස්තූතියි.

    ReplyDelete
  4. මචෝ දිගටම බලනව.වැඩි විස්තර කියන්න දෙයක් නෑ.සුපිරියි.........දිගටම ලියපා...........න්...:t :t :t

    ReplyDelete
  5. @dinesh
    ගොඩක් ස්තූතියි අයියෙ comment එකට.

    ReplyDelete
  6. මගෙ හිතට දැන් හරිම සතුටුයි..ඉස්සර මගෙ කමෙන්ට් එක ඉස්සෙල්ලම වැටෙන කමෙන්ට් එක..ඒත් දැන් ඊට කලින් වැටෙන ඒව තියෙනව..ඒ කියන්නෙ මගෙ අවධානය අඩු වෙලා ද? නැ නැ ඉස්සර වගේමයි..ඒක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැ..දැන් අවධානය දක්වන පිරිස වැඩි වෙලා...ඉතින් මට හුඟාක් සතුටුයි..බ්ලොග් එකක් මේ වගේ පිළිවලට හදල කරල ලියන්න සැහෙන වෙලාවක් යනව,...උඹල වගේ කැම්පස් ජීවිතෙ නහය ගාවට එනකම්ම වැඩ වලින් පිරිල ඉන්න කොට ඒ කාලය ට තියෙන්නෙ පුදුම වටිනා කමක්..එහෙම මහන්සි වෙලා උබ ලියන දේ වැඩි පිරිසත් අතට පත් වෙනව දැණුම ලබා ගන්නව කියන්නෙ කොච්චර තෘප්තිමත් හැහීමක් ද?

    මම මේ හැමොටම ආරධනා කරනව අපි මේක කියවල කට පියා ගෙන අපේ දැනුම වැඩි කරගෙන ශෙප් නොවී අර හිස් අහසෙ සඳරු වගේ තව මේ වගේ ලිපි වැදගත් අයට මේ ගැන දැනුම් දෙමු...ඒක එයාලටත් මේ ලිපි ලියන කේෂාන්ටත් ලොකු හයියක් වේවි

    අපේ කේශාන්ට නම් ඉතින් මම දෙන්නෙ අපේ ආත්තම්ගේ ආශිර්වාදය තමා මතකනෙ ඒක :t , :e

    ReplyDelete
  7. @පැන්da
    ස්තූතියි පැන්ඩො. ඈත්ත වැඩනම් ගොඩයි. ඒත් ඉතින් පුළුවන් විදියට මොනව හරි වැදගත් දෙයක් ලියන්න තමයි උත්සහ ගන්නෙ.අනිත් අය මේකෙන් ඉගන ගන්න දෙයින් තවත් කීප දෙනෙක්ගෙ හරි දැණුම වැඩිකරන්න පුළුවන්නම් ඒක තමයි මගෙත් බලාපොරොත්තුව

    ReplyDelete
  8. port 2 gen giye nethi unama E ta yanna widiyak ne.
    Poddak ethana waradila.Tharaha nowi ethana Chuttak hadala danna. godak honda lipiyak.

    ReplyDelete
  9. @Anonymous
    ස්තූතියි Commecnt එකට. ඔයා පොඩ්ඩක් වැරදියට තේරුම් අරන් තියෙන්නෙ.
    මම කියල තියෙන්නෙ A සිට Eට යන විදිය ගැනනෙ. එතනදි A ගෙන එන එක Hub එකෙන් කොහොමත් Eට යනවනෙ... Switch එක ඒ Packet එක ගැන මුකුත් කරන්නෙ නැත්තෙ ඒක තමන්ට අයිති නැති බව දන්න නිසා... ආපහු පොඩ්ඩක් බලන්න එ​තකොට තේරුම් ගන්න පුළුවන් වේවි...
    ආපහු Comment කරන කොට නම දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි.. ඉල්ලීමක් විතරයි...

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව