Saturday, January 1, 2011

හැමෝටම සුභ නව වසරක් වේවා!!!!


හැල හැප්පීම් ගොඩක් ඒකක් ගෙවුනු වසරක අවසානය. අද ඉදන් අළුත් අවුරුද්දක්. ගෙවුනු අවුරුද්දෙ කරපු කියපු දේවල් මතක් කරල බැලුවාම ගොඩක් සතුටු වෙන්න වගේම ගොඩක් දුක හිතෙන දේවලුත් තියෙනව. නිවරදි වෙලාවට හොද නිවරදි තීරන අරන් සතුටු වුනු අවස්ථා බොහොමයක් අතර තුර වැරදි තීරණ නිසා දුක් වුනු අවස්ථාද නැතුවම නෙමෙයි. කොහොම කොහොම හරි ජීවන ගංගාව අවුරුද්දක් ගලාගෙන ගිහින්. දැන් අළුත් අවුරුද්දකි. බලාපොරොත්තු ගොඩක් හිතේ පුරවගෙන ඉන්නෙ. ඒත්....

පහුගිය සති කීපය වැඩ ගොඩක හිරවුනු නිසා මුකුත්ම ලියන්න බැරි වුනා. හැබැයි වැඩ ටික අන්තිමට හොදට කරගත්ත. (හොදට කිවුවට හොදටම නෙමේ... Java Program එකේ Thread එක පිස්සු නටල Cryptographic Presentation එක ටිකක් අවුල් වුනා.) දැන් ගෙදර. අද ඉදන් ආපහු ලියමු​කො....

අළුත් අවුරුද්ද පටන් ගන්නකොටම හිත රිදෙන දේවල් කිහිපයක් වුනා. ඒක නිසාම මේ අවුරුද්දෙ තව දුරටත් හිත රිදෙන දේවල් වෙන එකක් නෑ කියල මට හිතෙනව. මම Blog එකේ මුල් දවස් වල ලියපු ආදරේට බ්‍රෙක් නෑ ජීවිතේට රිවස් නෑ Article එක කෙනෙක් කියවල මට සුභපතල SMS එකක් එවල තිබුන. මම කවදාවත්ම හිතුවෙ නෑ එයා ඒ Article එක කියවයි කියල.

ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි....
ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි...

සාගරේ රැලි පෙරලි පෙරලී වෙරළ සුව විමසයි...

සාගරේ වෙත බැලුම් හෙලමී මිරිගු පෙම සිහිවෙයි...



රේඩියෝ එකේ සංගීත් මට විහිළු කරනව. අනේ මන්ද??????? කොහොම හරි හැමෝටම සුභ නව වසරක් වේවා!!!!

ප.ලි. අනේ මේකට කවුරුත් comment දාන්න එපා. මගේ හිතේ හිරවෙලා තියන දුකට මම මේක ලිවුවෙ. සමාවෙන්න....

1 comment:

  1. මචං ජවිතේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක්...අපි ඒකට කොහොමහරි මුහුණ දෙන්න ඕනි....අපිට ප්‍රශ්න මුහුණ වලට දෙන්නනේ නැතිව හැංගෙන්න බෑ...
    අපි අතින් වුන වැරදි මතක් කර කර දුක්වෙනවට පසුතැවෙනවට වඩා ඒවයෙන් ලද අත්දෑකීම් ජීවිතයට එකතුකරගෙන ඉදිරියට යන එකනේද වැදගත්....
    දැන් ඕවා අමතක කරලා අළුත් අවුරුද්දේ අළුත් විදිහට මුණ දෙන්න....

    උඹටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක්....

    හැමදාම සතුටින් ඉන්න.....
    ගිය දවස් ටිකේ මේ පැත්ත පළාතේ එන්න බැරිවුනා....සමාවෙන්න ඕනි...තරහා වෙලාද දන්නේත් නෑ....

    උඹේ කීම අහලා කමෙන්ට් නොකර ඉන්නේ නැතිවුනාට සමාවෙන්න හොදේ......

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව