Friday, November 5, 2010

පරිගණකය හරහා පාලනය වන ඔරලෝසුව


මතකයි නේද මම වෙච්ච පොරොන්දුව. මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක. ඔන්න එහෙනම් විස්තරය කියවන්නකො. හැබැයි.... මම මේක ලියන්නෙ මම තමයි වැඩ කාරය, මට හැමදේම පුලුවන් කියල කියන්න නෙමේ. කොහොමත් මට ඇත්තටම වැඩි දෙයක් බෑ. මගේ බලාපොරොත්තුව මේක කියවන එක්කෙනෙක් හරි මේක තේරුම් අරන් හදල තවත් වැඩි දියුණු කරල කේෂාන් මමත් අර උඔ හදපු විදිය එකක් හැදුව කියන එක අහන්නයි. මම හිතනව ඉෂ්ඪවෙයි කියල. ඔන්න එහෙනම් අහගන්න කො.

මුලින්ම මට ඔ්න වුනේ Computer එකට සම්බන්ද කරපු ඔරලෝසුවක් හදන්න. මුල්ම ප්රශ්ණය.???? කොහොමද හයිකරන්නෙ. හරිම සරල පිළිතුරක්, වයර් වලින්නේ. හරි හරි විහිලු ඇති. කාලෙ ඉඳලම මට පොඩි අමාරුවක් තිබුන ඔය වැඩේ කරන්නෙ කොහොමද කියල හොයන්න. කොහොම හරි මම O/L කරල ගෙදර ඉන්නකොට මට පොතක් හම්බ වුනා. ( හම්බ වුණා කිවුවට ඒක මම හෙන ගේමක් දීල හොයා ගත්ත) ඒකෙ තිබුන පරිගනකයේ LPT පෝට් එක pascal පරිගනක භාෂාව යොදාගෙන පාලනය කරන විදිය. මම ඉස්සෙල්ලාම පරිගනක භාෂාවක් කියල ඉගන ගත්තෙත් පැසිකල් නෙ. 9 වසරෙදි. නිසාමද මන්ද මට පොතේ තිබුන දේවල් තේරුනා. (මුලු පොතෙන්ම සීයට පහක් විතර) ඉතින් මම පොත ආපහු හොයාගෙන ටිකක් කියවල බැලුව. අහා මේ තියෙන්නෙ ප්රධාන පින් 8ක් අවුට්පුට් විදියට ගන්න පුලුවන්. මැදෑ මට හිතුන, දැන් ඊලග ප්රශ්ණය.

පෝගෑමු එක ලියන්නෙ පැස්කල් වලින්ද??? හපෝ බෑ.. කොහොමද ලස්සන මූනක්වත් හදන්නෙ. කෝ threads අනික කොහොමද කාටවත් කට ඇරල කියන්නෙ මේක ලියල තියෙන්්නෙ පැස්කල් වලින් කියල. ඒක නිසා ලියන්න ඔ්නෙ ඡාව වලින්. ඇත්තම කිවුවොත් කේෂාන් මෙච්චර කෑගැහුවට නිකමටවත් දන්නෙ ඔය language එක විතරයි.දැන් කොහොමද මේ port එක ඡාව වලින් control කරන්නෙ.මුලු අන්තර්ඡාලෙම අවුස්සල බැලුව. ඒත් හරියටම හරියන එකක් හම්බ වුනේ නෑ. ගොඩාක් ඒව තිබුන ඒත් මට ෆිට් නෑ. තවත් ඒව තිබුන. හැබැයි ඒව වැඩකරන්න නම් windows 98 ඔ්නලු. ඉතින් පලයන්කො කෞතුකාගාරෙට. පොඩ්ඩක් හොයල බලනකොට කැළණිතිස්ස java library එකක් දුන්න parport කියල. ඒකෙන් java වල ඉඳන් පෝට් එක control කරන්න පුලුවන්. දැන් වැඩෙත් හරි. program එක ලියන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා hardware design පටන්ගත්ත.

මොනවද ඔන කරන්නෙ. 7 සෙග්මන්ට් 6ක් නෙ( වෙලාව පෙන්නන එක තමයි මගේ මූලික බලාපොරොත්තුව). හරි එකක පින් 7යි, 6 ගත්තාම පින් 42යි. නියමයි....... port එකේ තියෙන්නෙ පින් 8යි. මට 42ක් ඔ්නෙ.computer 6ක් වත් ඔ්න වෙයි වගේ. ඔන්න මෙතනදි තමයි ගිය සෙමෙස්ටර් එකේ ඉගන ගත්ත දේවල් ඔලුවට ඩවුන්ලෝඩ් වෙන්න ගත්තෙ. 7447 එක ගන්න පුලුවන්නෙ. ඒකට පුලුවන් input line 4කින් 7 සෙග්මන්ට් එකක් පාලනය කරන්න. 7447 ගැන පොඩි විස්තරයක් මේ තියෙන්නෙ.


හරි දැන් එකකට පින් 4 ගානෙ 6ටම 42(6X4). ඒත් මට තියෙන්නෙ පින් 8යි නේ. ආපහු ප්රශ්ණයක්.මේකට මොකක්ද විසඳුම????? මම ටිකක් කල්පනා කරා. පොඩි ක්රමයක් ආව ඔලුවට. 7 සෙග්මන්ට් 6 එකට එකතු කරනව හැබැයි ඒවගෙ පොදු පින් 6 වෙන වෙනම ගන්නව. තේරුනේ නෑ නේද?? මට හිතුන මේක ටිකක් බලන්නකො, එතකොට ටිකක් තේරේවි.

දැන් කරන්න යන්නෙ පොඩි හොර වැඩක්. මොකක්ද දන්නවද, හොඳ සිහියෙන් කියවන්න. මුලින්ම මුල් 7 segment display එක ඔන් කරල ඒකට dta signal 7447 හරහ එවනව. එතකොට සෙග්මන්ට් එක ඔන් වෙලා ඒකෙ අංකෙ පෙන්නනව. ලගට ඒක off රල දෙවනි ඒක ඔන් කරල ඒකටත් data signal යවනව අංකයක් පෙන්නන්න. දැන් අංකෙ පෙන්නන්නෙ 2වන එකේ.මේ විදියට 7 segment display 6 එක පාරට එක ගානෙ මිලි තත්පර 10ක් ගානෙ පෙන්නනව. ඒක දිගටම වෙනව. එතකොට මොකද වෙන්නෙ??? අපි ගේම අපේ ඇහැත් රැවටෙනව. අපේ ඇහැ හිතනව මේ 6 එකපාරට ඔන් වෙලා තියනව කියල.

බලන්න ඉතින් අපේ ඇහැත් රැවටෙන හැටි. මම මේ ක්රමය ගැන පොඩ්ඩක් හොයල බැලුව, බලනකොට ගොඩාක් 7 segment භාවිතා කරන උපකරණ කියන්නෙ ඔරලෝසු තරාදි වගේ දේවල්, එහෙම මේ හොර වැඩේ කරනව. දැන් ඉතින් කොල්ලට මාර හැපී. එහෙනම් වැඩේ පටන් ගන්න පුලුවන්නේද????? පොඩ්ඩක් ඉන්න. අවුලක් පේන්නෙ නැද්ද??? නෑ ආපහු කියවල බලන්න. බය වෙන්න එපා කේෂාන්ටත් ඒක මුලින්ම පෙනුනෙ නෑ. පොඩ් ගණිත ගැටලුවක් තියනව.

මොකක්ද ගැටලුව. 7 segment display 6ම වයර් එකතු කරල ඒව 7447ට දීල ඒකෙ input 4 ගන්නව. හරි 4යි. හැම 7 segment displayඑකම ඔන් කරන්න වෙනවෙනම වයර් 6ක් ගන්නව. හරි 6+4=10 නියමයි. LPTපෝට් එකේ අවුට්පුට් 8යි නේ. 2ක් වැඩීනි. මොකද කරන්නේ????? තත්පර එපා display unit 2ක් අයින් කරමු. හපෝ... ඒක ලංකාවෙ දේෂපාලුවෙක්ගෙ විසඳුමත් වගේ. බෑ බෑ ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙන්නම ඔනෙ.

හපොයි... ( ඒ වචනෙ සමුපූර්ණ අයිතිය අපේ මහේෂ් සතුයි) මතක් වුනා. Decoders තියෙන්නෙ ඒකටනෙ.ලෙක්චර් වලදි ඉගනගත්තට, කුප්පි දාල අනිත් අයට කියල දුන්නට, විභාගෙදි වමාරල ඒව ලිවුවට වැඩක් නෑ practicaly ඒක යොදා ගන්න බැරිනම්. පොත අරගෙන හෙවුව. අහා..... මේ තියෙන්නෙ. 7442 – 1 to 10 line decoder පාට 3කින් විතර හයිලයිට් කරල. රතු පෑනෙන් යටින් ඉරි ඇඳල.

ඒ දවස්වල ඇත්තටම මේ decoders තියෙන්නෙ මොකටද කියල හරියට තේරුනේ නෑ.කොල්ලො ඇහුවාම මටත් හරියටම උත්තරයක් දෙන්න බැරි වුණා. තේරුනේ දැන් තමයි...... මම 7442 ගැන දිගටම කියවගෙන ගියා නියමයි input line 4යි. output line 10යි.ඒ කියන්නෙ ප්‍රධාන input 4කින් output line 10ක් එකපාරට එක බැගින් ඔන් කරන්න පුලුවන්. නියමයි කියන්නෙ නියමෙටම නියමයි. මට ඔනෙ ලයින් 6යි නෙ, 6 පාලනය කරන්න ලයින් 3ක් ඇති. දැන් වැඩේ හරි. එතන ලයින් 3යි, 7447න් ලයින් 4යි. ඔක්කොම 7යි. ඒ කියනනෙ LPT පෝට් එකට සම්බන්ධ කරන්න පුලුවන්.

මම ඉතින් නිකමට වගේ ඉතුරු ටිකත් කියවගෙන ගියා. මළ මගුලයි - බනින්න එපා ඒ වචනෙ එතනට ඔ්නෙමයි. මේ decoder එකත් නියම බඩුවක් තමයි. ඔයාල දන්නවද එයා කරන දේ. ඔව් ඔව් දැන් එකපාරක් කිවුවෙ.ප්‍රධාන input 4කින් output line 10ක් එකපාරට එක බැගින් ඔන් කරන්න පුලුවන්. ඔය කිවුවෙ... මාත් හිතන් හිටියෙ එහෙම තමයි. ඒත් ඒක ඇත්තටම කරන්නෙ ඒකට දෙන input pattern එකට අදාල විදියට එක ලයින් එකක් ඇරෙන්න අනිත් ලයින් ඔක්කොම ඔන් කරනව. කොහොමද වැඩේ. හරියටම මට ඔ්න දේ අනිත්පැත්ත. දැන් මොකද කරන්නෙ. හපෝ ඔහොම දිව හපාගෙන කල්පනා කරන්න තරම් දෙයක් මම ඇහුවෙ නෑනෙ. හරිම සරල විසඳුමක් තියනව NOT ගේට් දානව. ඔන්න වැඩේ ඉවරයි. මේ තියෙන්නෙ සම්පූර්ණ පරිපත සටහන.

දැනට මම මෙතනින් නවතිනව. මම හිතුවට වඩා ගොඩාක් දිග වුනා නෙ. ඉතුරු ටික ඊලග එකේ ලියන්නම්. මෙතනට වෙනකන් මොකක් හරි අවුලක් තියනවනම් මට කියන්න. බුදු සරණයි.



16 comments:

  1. එළ එළ ඔය තියෙන්නෙ ගින්දර වගේ...ඔන්න දැන් ඊට පස්සෙ තමයි අපිට වැඩ තියෙන්නෙ...දැන් ඕක ඈයල ට කියල ප්‍රඩක්ෂන් දාල මායි මහේෂුයි යනව ටයි පොල්ලක් දාල හිරට ඇදල බෑග් වලට ඔරලොසු දාගෙන ගෙවල් වලට ඕක මාකට් කරන්න...10% කොමිස් එකක් ඇති මුලදි...

    ReplyDelete
  2. මචං මේ පොස්ට් එක ගැන සින්ඩි අප්ඩෙට් වෙලාද බලපං..මොකො මට මේ පොස්ට් එක ගැන ෆීඩ් ආවෙ නැ ඩැශ්බොර්ඩ් එකට..එක හින්ද ම්ස් වෙලා අහම්බෙන් ගොඩ වැදුනම තමයි දැක්කෙ..

    ReplyDelete
  3. පැන්ඩො අදහස නම් නරකම නෑ. ඒත් කවුරැත් ගනීවිද??? හැබැයි මහේෂ්ව එක්කන් ගියොත්නම් මොනව හරි කරගන්න පුලුවන්. මිනිහ ඈස්කිමෝවරුන්ටත් ශීතකරණ විකුණපු පොරක්නෙ...
    ගොඩක් ස්තූතියි කොමෙන්ට් එකට. මම මේකෙ ඉතුරු ටිකත් ඉක්මනටම ලියනව. ඒත් කොහෙද මේ mid exam ඉවර වෙන්නෙ නෑනෙ...

    ReplyDelete
  4. අඩේ අපිත් ඔය මාකට්න් කරන අයව ට්‍රෙන් කරපු අය තමයි හරිද?...

    ReplyDelete
  5. මේ වෙනකන්ම මම ඔයාගේ බ්ලොග් එක ගැන දැනගෙන හිටියේ නැහැ. දිගටම කරගෙන යන්න. ඔන්න මමත් Follow කරනවා.

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි. මම ගොඩාක් උත්සහ කරනව මේක හොදට කරගෙන යන්න..

    ReplyDelete
  7. අයියන්ඩියේ Data port එකට අමතරව Control port එකත් පාවිච්චි කළා නම් ලයින් 10 හම්බ වෙනවා නේද?

    ReplyDelete
  8. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.

    ඔව් ඒක ඇත්ත. ඒත් මම පාවිච්චි කරපු java library එක (parport) වලින් මට Control line වලින් data out කරන විදිය හරියටම හොයාගන්න බැරිවුනා. මම ටිකක් try කරා. නමුත් හරිගියේ නෑ. ඒක නිසා තමයි මම මේ විදියට හදන්න පටන් ගත්තෙ.

    අනිත් එක ඇත්තම කියනවනම්, මේක 16F84A uC එකකට කනෙක්ට් කරල, තනියම වැඩ කරන ඔරලෝසුවක් ඒ කියන්නෙ පරිගනකය නැතුව වැඩ කරන විදියට හදන්නත් හිතේ තිබුන. එතන දිත් ඔය පෝට් මදිවෙන ප්‍රෂ්ණය එනවනෙ.

    ඇත්තම කියනවනම් ඒක කරල ඉවරයි. ඒක ගැනත් ඉක්මනටම දාන්නම්කෝග මල්ලිට ගොඩක් ස්තූතියි

    ReplyDelete
  9. :a hmmm. terune natat hodai godak.. mama echchara oya side eka gana danne na.. but good blog ekak

    ReplyDelete
  10. --> Nadun බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  11. --> Ads
    ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  12. Keshan,

    i had this idea in my mind for a long time, but can you make a digital clock visible in night time runnig with a battary - with green or Red colours even from LED's - this is available to buy but price is 2000-4000Rs. if you can do this cheap some where 500Rs you can sell one for every home. The requirment is there ...just tell me what you think sorry about writing in English.

    ReplyDelete
  13. @Chanaka De Silva
    First of all thank you for your comment. It is possible to make a led display, that can even visible in night powered using batteries. And you ask for a digital clock, that is work independent form a PC (Because my article is related to a Digital Clock that is driven by a PC) what i have to say is it is also possible. I already developed such kind of a circuit. Actually it is the second phase of this project. But the point is in that circuit I had use a PIC Micro controller which cost around 250/=. So it may not be done withing 500Rs as guest. But i will try for new options, that can reduce the cost.
    Now a days i have a tide schedule with my academic works. So it may take some time to consider the matter. Thank you.

    ReplyDelete
  14. I like your article. I am not in this field . But You are good creator. Keep it UP!!!!

    ReplyDelete
  15. අයියේ මේක කියවන්න කියවන්න ආස හිතෙනවා. දිගටම ලියන්න. මේ වගේ වැඩ වලට මමත් ආසයි. මේ දවස් වල උපෙළ ඉවර නිසා ගෙදර ඉදන් මම පික් ප්‍රෝග්‍රැමින් ඉගෙන ගන්නවා. ප්‍රශ්නයක් ආවොත් උදව් කරන්න පුළුවන් නේද?

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව