Wednesday, November 10, 2010

අලුත් මනමාලි හා පරණ දෑවැද්ද

අපි හැමෝම වෙනස් වෙන්න ගොඩක් ආසයි. ඒ නිසා තමයි කාලයත් එක්ක අපි වෙනස් වෙන්න උත්සහ දරන්නෙ. නමුත් ඒ වෙනස් වීමත් එක්කම තවත් සමහර දේවල් වෙනස් නොවී හැමදාම අපි ලග තියාගන්න කැමතියි. නමුත් අපේ අලුත් වෙනස් වීම් ඒ පරන දේවල් අපෙන් ඇත් කරන්න උත්සහ දරනව. එත් බය වෙන්න එපා.මොකක්ද මේ අමුතු කථාව.

කෙලින්ම කථාව කියමුකො. මොකක්ද ඹයා පාවිච්චි කරන OS එක. බොහෝදුරට windows නේද?? මොකක්ද version එක. xp, vista එහෙමත් නැත්නම් windows 7. හරි හරි දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ 7 නෙ. හැමෝම වෙනස් වෙන නිසා අපිත් වෙනස් වුනා නේද?? හරි ඔයා ලග තියනවද පරන games, dos වල වැඩකරන. එහෙමත් නැත්නම් software එකක් dos වල වැඩ කරන. ඒක ඔයා ගොඩාක් ආසකරන එහෙමත් නැත්නම් ඔයාට අත්යවශම එකක්ද? ඒත් ඒක 7 වල වැඩ කරන්නෙ නෑ නේද? මගේ රූමටත් ඔය වැඩේම උනා. එයාලතග academic වැඩ වලට පාවිච්චි කරන software එකක් තියනව resist කියල. ඒක dos වල වැඩ කරන එකක්. හැබෙයි ඒකෙන් කරන්නෙ මොනවද කියල මම දන්නෙ නෑ. දන්නෙ එකම දෙයයි ඒක 7 වල වැඩ කරන්නෙ නෑ.මිනිහගෙන් හරිම කරදරේ මොකක් හරි කරල මේක වැඩ කරවල දෙන්න කියල.
ටිකක් හොයනකොට තමයි මේක හම්බ වුනේ. මොකක්ද?? DOSBox 0.74. මේක හදපු අයගෙම වචන වලින් කියනවනම් dosbox is an x86 emulator with sound and graphics. It creates a shell which looks like old plain DOS. ඒ කියන්නෙ 7 උඩින් දාපු dos මුනක්.

මේකෙ වැඩ කරන්න හරිම ලේසියි. මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාට run කරන්න ඕන program එක තියන drive එක mount කරගන්න එකයි. ඒකට කරන්න තියෙන්නෙ mount c d:\resist\ කියන විදානය දෙන එකයි. ඒකෙන් c කියල drive එකක් mount කරගෙන ඒක අපි දීපු පාත් එකට link කර ගන්නව. දැන් c drive එකට ගිහින් ( c: විධානය භාවිතා කරල) අවශ්ය කරන program එක රන් කරන්න පුලුවන්.

ආ.. තවත් දෙයක් තියනව. මේකෙදි මගේ lap එකේ keyboard එනක්න typwe කරපු සමහර අකුරු type වුනේ නෑ. ඒකටත් විසදුමක් තියනව. CTRL + F1 කෙටි කී භාවිතා කරල keymapper load කරගන්න. ඒකෙන් පුලුවන් තමන්ගෙ key board එකේ කී එකකට වෙනත් කී එකක් map කරන්න.

මොකක් හරි අවුලක් තියනවනම් comment එකක් දාන්න. මම උත්තර දෙන්න බලාගෙන ඉන්නව.
හැමෝටම බුදු සරණයි.

7 comments:

  1. මම හිතන්නෙ ඕක දාගෙන තමයි සෙලොටෙප් ඇතුළු සියළු ගල් කරුවො (අර නොටි ගල් කරුවො එහෙම නෙමෙ මම මේ කියන්නෙ මිනරක් සයන්ස් කරන) අර පොලෙවෙ තියෙන අනං මනං වල සංයුතිය හොයන්නෙ.මුන් ඕක කොරන්න තමා අපේ ලැබ් එකට (අපේ කියල අසාවට කිව්වට ඉතින් ඕක අපි හැමොගෙම තමයි.නැත්තං ව්සි උබෙ බ්ලොග් එක බැලුවොත් මාව සස්පෙන්ඩ් කරයි) රිංගනෙනෙ...වටින තොරතුරක් කේෂාන් මගෙත් තියෙනව පරණ බීප් බීප් ගාන ඩොස් ගේම ටිකක්..මට මතක විදිහට මම 97 දි හය වසරෙ ඉන්නකොට වින්ඩොස් 95 වල ගහපුවා..පිස්සු හැදෙයි 166Mhz ප්‍රොසෙසර් එකයි 4gb හාර්ඩ් එකයි..ඊට පස්සෙ අමාරුවෙන් doom 3 ගැහුවා

    ReplyDelete
  2. ස්තූතියි පැන්ඩො. හැමදාම වගේ මුල්ම කමෙන්ට් එක ​උඔනේ. මුල්ම කිවුවට අන්තිම එකත් බොහෝ දුරට මේකම වේවි. කමක් නෑ... රෝමය හැදුවෙ එක දවසකින් නෙමේලු නේද?? මම ලගත් games ගොඩක් තියනව. හැබැයි මටත් තාම ඒව වැඩ කරනවද කියල බලන්න බැරි වුනා.

    ReplyDelete
  3. ඔබ භාවිතා කොට ඈති සිංහල අකුරු වර්ගය හෙවත් ෆොන්ට් එක කිසිසේත් ම මට කියවිය නොහැකි ය. එනිසා සාමාන්‍යයෙන් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සමග එන ඉස්කෝල පොත නම් අකුරු වර්ගය බා ගත කොට ගෙන ඉන් ඔබ ලියන්නේනම් අතිශයින් වැදගත් වනු ඈති. නැතිනම් සිදු වන්නේ ඔබේ බ්ලොගයට බුදු සරණ පැතීම ම පමණ ය..!! මේ ලියන්නේ ඔබත් සමග පෞද්ගලික ව තරහකට නොවේ. ඔබේ අපූරු උත්සාහය කියවන්නට බැරි තරහට ය..!!!

    ReplyDelete
  4. Thankx for your comment. Can you clearly explain what is the actual problem with that font. If it is not clear for you or its display as some boxes. But i already tested my blog on several PCs and Laptops which are based on Windows XP, Windows Vista, Windows 7 and even Ubuntu. And all of those are give excellent result. In addition to that Firefox, IE, Chrome, Safari and Opera are supported for this Sinhala fonts. Any how i will check whether any thing can be done to solve your problem. thankx for your comment again

    ReplyDelete
  5. there can't be such issue Mr.Indranatha, cz he is using sinhala unicode to write this blog. So using IskolaPotha or any other unicode font you should be able to read this blog.

    ReplyDelete
  6. @ කේශාන්: රොමෙ ගැන නං හරියටම දන්නෙ නැ සීසර් හම්බුන වෙලාවක අහල බලන්නම්...

    එහෙම වෙන්නෙ නැ කොල්ලො...තාම මේක බ්ලොග් පැටිය නෙ..මතක තියා ගනින් අද මම කිව්ව කියල තව ටික දවසින් මේක හිට් වෙලා ට්‍රැෆික් වැඩි වෙලා අන්තිමට උඹ ට පැන්ඩ කියල එකෙක් හිටියද කියල අමතක වෙන තරමට යාළුවො ඇති වෙයි..

    ReplyDelete
  7. එහෙම කවදාවත්ම වෙන්නෙ නෑ පැන්ඩො.. මට කවදාවත්ම උඔව අමතක වෙන්නෙ නෑ. මේක පටන් ගත්ත දවසෙ ඉදන්ම අද වෙනකන් හැමදේටම පස්සෙන් හිටියෙ උඔනෙ.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව