Saturday, November 13, 2010

පරිගණකය හරහා පාලනය වන ඔරලෝසුව - දෙවන කොටස



ඔන්න පොරොන්දු උන විදියටම පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව ගැන ඉතුරු ටික ලියන්න තමයි අද කේෂාන් උත්සහ කරන්නෙ. මුල් කොටස කියවපු අයටත් කියවල කමෙන්ට්ස් දාපු අයටත් ගොඩාක් ස්තූතියි. තාම ඒක කියවල නැත්නම් දැන්ම කියවන්න පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව නැත්නම් මේකෙ තියන සමහර දේවල් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.
අද මම කියන්න යන්නෙ අපි design කරපු circuit එකට PCB (Printed Circuit Board) එකක් හදන හැටි. PCB ගැන දන්නෙ නැති කෙනෙකුට උනත් මේක කියවල තනියම PCB එකක් හදන්න පුලුවන් වේවි කියල මම හිතනව. හරි දැන් පටන් ගමු.
පලමු පියවර: මුලින්ම අපි කරන්න ඕනෙ PCB design කරන software එකකින් PCB එක ඈදගන්න එක. මමනම් පාවිච්චි කරල තියෙන්නෙ ARES 7 Professional කියන software එක. ඒකට අමතරව තවත් sotware ගොඩාක් තියනව. Eagle එහෙමත් ජනපිය එකක් තමයි. හැබැයි අද මම මේ software එක පාවිච්චි කරන විදිය ගැන කියන්න යන්නෙ නෑ. ඒක මම පස්සට කල්දාන්නම්. මොකද ඒක ගැන ලියන්න ගියොත් මේක ගොඩාක් දිග වේවි. එත් ඕනම කෙනෙක්ට ඒක තනියම පුරුදු වෙන්න පුලුවන් එකක්. උත්සහ කරල බලන්න. මොනව හරි අවුලක් තියනවනම් කමෙන්ට් එකක් දාන්නකො.


දෙවනි පියවර: ඊ ලගට ඒ හදාගත්ත design එක sticker කොලේක තෙල් කොලේ ඒ කියන්නෙ අර කහපාට කොලේ ( පින්තූරෙ බලන්නකො) print කර ගන්න. එක print කරන්න ඕන laser printer එකකින්. Jet printers වලින් ගොඩාක්ම සාර්ථක වෙන්නෙ නෑ. හැබැයි දැන් අර හැමතැනම තියන Photocopy machine එකෙන් print out ගන්න විදියට උනත් මේක සාර්ථකව කරන්න පුලුවන්. ආ... තව දෙයක් අර ස්​ටිකර් කොල ඕනම පොත් කඩේක තියනව. A4 size කොලයක් රු 10 ක් විතර තමයි වෙන්නෙ.

තෙවන පියවර: දැන් ඕන වෙනව Copper Borad කෑල්ලක්. මොකක්ද මේ Copper Borad කියන්නෙ. ඒක plastic බෝඩ් එකක්. හැබැයි ඒකෙ එක පැත්තක තුනී තඔ (Cu) තීරුවක් ආලේප කරල තියනව. ගොඩත් electronic බඩු තියන කඩවල් වල මේ බෝඩ් තියනව. අපේ වැඩේට ඕන කරන ​size එකේ බෝඩ් කෑල්ලක් රු 50 ත් 60ත් අතර මුදල කට ගන්න පුලුවන්. හැබැයි මේ board එක වෙරෝ බෝඩ් එකත් එක්ක පටල ගන්න එපා. මේකෙ සිදුරු නෑ. තනිකරම බෝඩ් එකේ cu ගාල තියෙන්නෙ. හරි දැන් ඒ බෝඩ් එක අවශ්‍ය කරන ප්‍රමානයට කපා ගන්න.

සිවුවන පියවර: දැන් අර කලින් print කරපු එක, ගානට කපල Copper board කෑල්ල උඩින් තියල Iron කරන්න. සාමාන්‍ය රෙදි මදින අයන් එකකින් මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. හොදට අයන් කරල ස්ටිකර් කොලේ හෙමීට ගලවන්න. ඒතකොට අර ස්ටිකර් කොලේ තිබුනු තිබුනු print එක ගැලවිලා ඒක board එකට ගිහින් තියෙන හැටි ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් වේවි.

පස්වන පියවර: ඊ ලගට අපට ඕව වෙන්නෙ Ferric Chloride. මේක රසායනික ද්‍රව්‍යයක්. chemistry ටිකක් හරි දන්න අය නම් මේක ගැන දන්නව ඈතිනේද?? Ferric Chloride වලට පුලුවන් Cu එක්ක ප්‍රතික්‍රියා කරල Copper Borad එකේ තියන Cu දියකරල යවන්න. දැන් අපේ බොඩ් එකේ අපිට ඕන කරන path කලුපාට print එකෙන් ඈදිල තියෙන්නෙ. දැන් ඒ බෝඩ් එක Ferric Chloride වල දාන්න. මෙතනදි Ferric Chloride වැඩිය දාන්න එපා. අඩුවෙන් දාන්නත් එපා. බෝඩ් එ​කම වැහෙන ප්‍රමානයට දාගන්න. උස අඩු භාජනයක් ගත්තනම් ලේසියි. මම ගත්තෙ අයිස්ක්‍රීම් භාජනයක්. ( පින්තූරය බලන්නකො). දැන් බොඩ් එක එහා මෙහා කර කර ඒකෙ තියෙන cu සම්පූර්ණයෙන්ම ඉවත් වෙනකන් Ferric Chloride වලින් හෝදන්න. මේක Ferric Chloride වල දාල වෙන වැඩ කරන්න යන්න එපා. එතනටම වෙලා බලාගෙන ඉන්න. මොකද අර තින්ත යටින් තියන cu ටිකත් නැත්නම් හේදිල යාවි. හොදට හේදුනයින් පස්සෙ බෝඩ් එක අරගෙන වතුරෙන් හොදල රෙදි කෑල්ලකින් පිහිදන්න. Ferric Chloride දියර විදියට හා කුඩු විදියට වෙළදපොලේ තියනව. ඒත් මම හිතන්නෙ දියර ගන්න එක තමයි වඩා හොද. Ferric Chloride පොඩි බෝතලයක් රු 50ක් විතර වෙනව.

හයවන පියවර: දැන් මේ Copper Borad එකේ කලුපාට තින්තෙන් print වෙලා තියන path ඈරුනාම අනිත් හැම තැනම තියන cu දියවෙලා තියෙන්නෙ. ඊ ලගට කරන්න තියෙන්නෙ ටිනර් අරගෙන මේ තින්න ටික හොදල දාන එක. හැබැයි මේ වැඩේ​ට භූමිතෙල් නම් එතරම් ගැලපෙන්නෙ නෑ. ටිනර් වලින් හොදල ඉවර වෙලා ආපහු වතුරෙනුත් හොදන්න අමතක කරන්න එපා.

හත්වන පියවර: දැන් බෝඩ් එකේ වැඩ ගොඩාක් දුරට ඉවරයි. දැන් තියෙන්නෙ හිල් ටික විදින්න විතරයි. ඒකට මමනම් පාව්ච්චි කරේ hand drill එකක්. electronic බඩු තියන කඩේකින් මේක රු 250 කට විතර ගන්න පුලුවන්. ඒකට දාන කටුත් වෙනම ගන්න ඕනෙ. ගොඩාක් හීනි එකක් ගත්තොත් ගොඩක් හොදයි. එ කටුවකටනම් යන්නෙ රු 20ක් විතර. ඊ ලගට ඉතින් හිල් ටික විදින එක තමයි කරන්න තියෙන්නෙ. එහෙම කිවුවට මේක නම් ටිකක් එපා වෙන වැඩක්. අත රිදෙනකන්ම විදින්න තමයි තියෙන්නෙ. මේ වැඩේ කරන්න පුලුවන් electric drill කඩේ තියනව. ඉතින් ඒයින් එකකට වියදම් කරන්න පුලුවන් තරම් මුදලක් තියනවනම් එයින් එකක් ගන්න එක වඩා ලේසියි.

අවසන් පියවර: දැන් තියෙන්නෙ ඉතින් හදාගත්ත බෝඩ් එකට අවශ්‍ය උපකරන දාල පාස්සන එක තමයි. ආ... ඒකට කලින් බෝඩ් එකේ Cu තියන පැත්ත වැලි කොලේකින් ටිකක් පිහිදාන්න අමතක කරන්න එපා.


​මේක පාස්සල ඉවර වුනාම තියෙන්නෙ මේක LPT පෝට් එකට connect කරල වැඩකරවන්න program එක ලියන එක. මම ඒක ඊ ලග කොටසෙදි කියන්නම්. මෙතනට වෙනකන් මොකක් හරි අවුලක් තියනවන් මට ඒ ගැන කමෙන්ට් එකකින් දන්වන්න. හැමෝටම බුදු සරණයි......

PCB එකේ design එක මෙතනින් බාගන්න පුලුවන්......
මේ තියෙන්නෙ බඩු ලිස්ට් එක:
  • 330 Ohms 0.5w Resisters - 42
  • Common Anode Seven Segment Display - 6
  • 74LS47 - 1
  • 74LS42 - 1
  • 74LS04 - 1
  • 18 Pin IC Base - 2
  • 14 Pin IC Base - 1
  • Ribbon Cable


ප.ලි. PCB ගැන මට කියල දීපු ගොඩාක් අය ඉන්නව. ඒ හැමෝටම ස්තූතියි.

9 comments:

  1. නියමයි. අදම වැඩේ පටන් ගන්න ඕනි. ඕනි කරන හැම විස්තරයක්ම වාගේ මේ පෝස්ට් එකෙ තියෙනවා. මේකට අදාල උපාංගවලට කීයක් විතර වියදම් කරන්න වෙයිද කේෂාන්. මේ වගේ පොස්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි!!

    ReplyDelete
  2. --> Kenny Dematagoda
    කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි

    මේවගෙ ගනන් තැනින් තැනට වෙනස් වෙනව. මම කොලඔ ගනන් ටික කියන්නම්කො.....

    330 Ohms 0.5w Resisters - 42 - (0.50/= per each)
    Common Anode Seven Segment Display - 6 (20/= per each)
    74LS47 - 1 (40/=)
    74LS42 - 1 (70/=)
    74LS04 - 1 (40/=)
    18 Pin IC Base - 2 (5/= per each)
    14 Pin IC Base - 1 (5/= per each)
    Ribbon Cable (10 cable ribbon 35 per 1m)

    ReplyDelete
  3. oooo it works .. mage ekatath oooooonaaa..kohenda gatte :t

    ReplyDelete
  4. -->Panda
    http://saamgeadaviya.blogspot.com/2010/10/comments-part-6.html
    ඔන්න සයිට් එක. ඒකෙන් ගත්තෙ පැන්ඩො.

    ReplyDelete
  5. ස්තූතියි...දැන් ඉතින් මේ විස්තර අන්තර්ජාලෙ තියෙන නිසා ඊළග නිවාඩු කාලෙ වැඩ අඩු වුනාම උඹට වැඩිය කරදර නොකර මටත් මෙක බලාගෙන එකක් හදන්න පුලුවන්.දැනුම බෙදාගන්නවට බොහොම පින්...

    ReplyDelete
  6. hadissiyata sinhala akuuru tikak ekathu karaganna bari una nisai me widihata enlish akuru tikak gatagahanna une. aththatama KESHAN BUDUWEWA kiyala thamai mata hada pathulenma kiyanna thiyenne. mokada assignment, quiz, mid passe duwana, yaluwek kiyala ekek adunanne nathi, manussakama wikunala A+ saha 1st class ganna balagena inna minissu athare oya aththatama bodhisathwayek. kawadawath kenek prashnayak ahuwama ba kiyanne nathuwa uththara dena, apita kuppi dala apiwa goda ganna pinama athi oyata hoda sarthaka anagathayak labamnna. aththatama oyata godak pin... oya wage yaluwo hamadam alabenna kiyala man prarthana karanawa.... budu saranai.

    ReplyDelete
  7. --> තාරා
    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.
    ඈත්තටම ගොඩක් සතුටුයි මගේ blog එක මගේ යාලුවො ගොඩ දෙනෙක් කියවනව කියල දැක්කාම. ඉස්සරහටත් හොද ලිපි ටිකක් දාන්න බලාපොරොත්තු වෙනව. මගේ යාලුවො ටික හැමදාව මාත් එක්ක ඉන්නව කියල මම දන්නවනේ.
    මගේ බලාපොරොත්තුව මම දන්න දේවල් අනිත් අයත් එක්ක ඉක්මනින්ම හා කාර්යක්ෂවම බෙදා ගන්න විදියට මේක දියුනු කරන එකයි. ඔයාල හැමෝම මට උදව් කරනව කියල මම දන්නව. ස්තූතියි.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව