Friday, November 26, 2010

Happy Birth Day


තවමත් මතකයි ඒ සොදුරු අතීතය..

සෙල්ලම් කරපු හැටි
රණ්ඩු වුන හැටි..
අම්මගෙන් බැනුම් අහපු හැටි...

මතකද ඉස්සර උපන් දිනේ දවසට
නැන්ද හදල දෙන කේක් එකට
දෙන්න එක්ක එකතු වෙලා වැඩ දානව....
අන්තිමට කේක් එකට වඩා අයිසින්

ඈයි මගේ අතේ එල්ලිලා උපන් දිනය දවසට පන්සල් ගිය හැටි..
ගෙදර ඈවිත් කේක් කපල මට කවපු හැටි..
තවත් එකක් කිය කිය කැමරාව අරන් මගේ පස්සෙන් ආපු හැටි...
අද වගේ මතකයි.

ඒත් අද
පොත් ගොඩයි, වැඩ ගොඩයි, කාලයයි අතරෙ මේ අයිය හිරවෙලා
නෑ ඉ​ඩක් දකින්නටවත් සුදු නංගියගෙ මූණ
උපන් දිනය දවසෙවත්

සමාවෙන්න අයියට........

(ප.ලි. අද කේෂාන්ගෙ සුදු නංගියගෙ උපන් දිනය)

7 comments:

  1. හ‍‍ෆ්ෆේ මරු අයියණ්ඩි.... :h
    ඔන්න මාත් මුළු හදවතින්ම සුභ පතනවා කේෂාන්ගෙ සුදු නංගියට සියළු පැතුම් සාමය සතුට පිරී ඉතිරෙන සුභම සුභ උපන්දිනේකට..... :m :m අයියණ්ඩිගෙන් හරි ඔන්න අපිට කේක් ඕනි... :t : t :m :m

    මේ හැබෑටම ඔය කේෂාන්ගෙ සුදු නංගියගෙ වසය කීයක් විතර වෙනවද? :r
    නෑ නෑ මනුස්සකමට ඇහුවේ.... :k :p :o

    ReplyDelete
  2. @෴ හසියා ෴
    කේක් මටවත් නෑනෙ. හම්බ උනාම දෙන්නම්කො. ඒකටත් ඉතින් ගෙදර යනකන් ඉන්න වෙනවනෙ. අඩුම තරමෙ තව මාසයක්වත් මෙතන හිරවෙලා ඉන්න වෙයි වගේ.

    ස්තූතියි සුභ පැතුමට, මම නංගිට කියන්නම්.

    ReplyDelete
  3. කේශාන් ගෙ නංගිට සුභම සුභ උපන් දිනයක් වේවා.:m..අයිය වගේ හොඳට ඉගෙන ජීවිතේ සාර්ථක කරගෙන රටට සමාජයට වැඩ දායී සාරවත් ජීවිතයක් ඔයාට හිමි වෙන්න කියල පැන්ඩ අයිය හදවතින්ම සුභ පතනව..

    ළගදිම එන්න ඔනි ඔයාවයි ඔයාගෙ ලොකු අයියයි දැක බලා ගෙන යන්න..

    අපේ ගෙදරත් එක කෙල්ලයි කොල්ලො දෙන්නයි..හැබැයි කෙල්ල තමයි අක්ක.අපි මල්ලිල..

    ReplyDelete
  4. ඔය හසිය ඉන්නව නේද ඕකට උපන්දිනයක් කිව්වොත් එක තරං ආතල් එකක් නැ...බ්ලොග් පොස්ට් වැඩි හරියක්ම ලියල තියෙන්නෙ හසී පවුලෙ උපන්දින ගැන (එහෙම ම නැ ඉතින් පොඩ්ඩක් වැඩි කරල කියන්න ඕනි නේ කියන කොට..)...උඹ දන්නව නේද මචං හසිය කෙක් දෙන විදිහ ...හරි ලේසියි..දාපන් පොටො එකක් මූණු පොතේ හරි බ්ලොග් එකෙම හරි යටින් දාපන් කේක් හිමි නම් ලැයිස්තුව..සිම්පල්...

    අනේ මන්ද හසිය තරහ වෙයි ද කියල..මොනා වුනත් හොද බොක්කක් තියෙන කොල්ල...

    ReplyDelete
  5. නංගිට සුභම සුභ උපන් දිනයක් වේවා..! :m

    ReplyDelete
  6. නංගියට සුභම සුභ උපන් දිනයක්........ සියළුම පැතුම් බලාපොරොත්තු සඵල වේවා...!!!! :m :m


    @ පැන්ඩා අයියා
    කතාව නම් සහතික ඇත්ත. හැබැයි ලාබදායි වැඩේ......
    අතින් පයින් යන එකක්යැ..... ගූගල් දෙයියගෙන් ලින්ක් එකක් ඉල්ල ගන්න විතරනේ තියෙන්නේ........

    ReplyDelete
  7. මම නංගියට කියන්නම් හැමෝටම ස්තූතියි.
    @panda
    පැන්ඩ ඉතින් හැමදාව කියනව විතරයි. කෝ තාම ආවෙ නෑනෙ?? අපිත් බලං ඉන්නෙ එනකන් නෙ. මේ ලගදිත් නිකන් එන්න වගේ ඈවිත් බෑ කිවුවනෙ....
    @හසී
    ස්තූතියි හසී පවුලටම
    @හා පැටික්කි
    මම නංගියට කියන්නම්කො කථා කරන හා පැටියෙකුත් ඔයාට සුභ පැතුව කියල.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව