Friday, January 14, 2011

ඔන්න ආපහු ඇවිත්.....



ඔන්න ආපහු ඇවිත්..
මොකක්ද? සීත කාලෙද?
නෑ නෑ මේ නිවාඩු කාලෙනෙ...
ඉතින් කොච්චර හොදද...

ඒත් මේ නිවාඩුව වෙනස්..
මේකට කියන්නෙ Study Leave කියලනෙ
නිවාඩු වුනත් ඒකෙත් Study තමයි..

ඉස්සර ඉස්කොලෙ යනකොට නම්..
නිවාඩුව එනකන් බලාගෙන හිටිය
ඒත් ඒ පාඩම් කරන්න නෙමේනෙ
සෙල්ලම් කරන්න.. ඒත් දැන්..

ඒ දවස්වල පාඩම් කරනකොට වුනත්
තාමත් මතකයි හිටිය අය අ​ද වගේ

ඒත් අද තියෙන්නෙ මොනවද...
Harvardගෙ ................. Architecture එක
Ron Rivestගෙ ................................. MD5
Rijndaelගෙ ........................................ AES
Diffie Hellmanගෙ .. Key Agreement එක
Philip R.Zimmermanගෙ ................. PGP
Cohen Sutherlandගෙ ........ Line Clipping

ඇයි තවත් අය ඉන්නවනෙ
ගොඩක්ම ජනප්‍රිය .. Three Idiots
Revest - Shamir - Adelmen
දන්න විදියට කියනවනම් RSA

ඇත්තමයි....
මේ අයට වඩා....
අපිත් එක්ක A/L කරපු..
නිව්ටන්ල... ඩෝල්ටන්ල
කොච්චර හොදද...
කොච්චර සරලද????

7 comments:

  1. ඉංගිරීසියෙන් ලියූ ටික ඇර අනික්වා තේරුනි.....

    ඇත්තටම ඔය මොක්කුද??????

    හොඳට පාඩම් කරන්නකෝ එහෙනම් අයියලා.....

    ජය...!!!!!

    ReplyDelete
  2. මටත් ඔය "අද " තියන එව්ව ඇර අනිත් ටිකනම් තේරුනා.නිවාඩු කාලෙ networking ගැන මොනා හරි ලියමුද යාළුවා.

    ReplyDelete
  3. මට නම් පට්ටම කම්මැලි..කමෙන්ට් එකක් දාන්නත් මහා කම්මැලි අනේ...මේ හිතලේ..හොඳ වෙලාවට ගෙදර ආවෙ..බදුල්ලෙ එහෙම හිටිය නම් අර හිම කුමාරිගෙ මාලිගාවට රින්ගපු කොල්ලට වුන වැඩෙ වෙනව..
    දැන් අහන්න එපා ඒ මොක්කද් ද කියල මොකො එහෙම දෙයක් වුනාද කියල මම දන්නෙ නැ හරියටම..:p

    ReplyDelete
  4. apoi thama mewa gana hitannawat bari unane. ikamanatama padam karanna patan gnna one eth kawadatada????????? tawa kal tiyenawane?

    ReplyDelete
  5. Ammo tawa kochara innawada keshan
    David A. Patterson 's----------Computer Organization & Design
    W3C 's---------------------Web designing
    B__waj___h(fill in the blanks) 's----------------AI & OS
    and More---------

    ReplyDelete
  6. මම ආර්ට් කරපු එකෙක්නේ ඒකයි මට ඉංගිරීසියෙන් තියන එවුවා වැඩිය මීටර් උනේ නැත්තේ . කෝ බොල නෙට්වර්කිං පාඩම .?

    ජය වේවා !!

    ReplyDelete
  7. @හා පැටික්කි (MS)
    ඉංගිරීසියෙන් ලියපුව අපිටත් තේරෙන්නෙ නෑ. ඒත් මොනව කරන්නද??? අපිට වද දෙන්න ඉපදුනු අය තමයි ඒ ඉන්නෙ. නෑ නෑ තරහක් නෑ එයාල එක්ක ඒත් දුකට කිවුවෙ.

    @dinesh
    අපිටත් තේරෙන්නෙ නෑ අයියෙ. නිවාඩුවක් ලැබෙන එකක් නෑ. exam ඉවර වුන ගමන්ම ඒලග semester එක පටන් ගනීවි. කොහොම හරි ලියන්නම්කො.

    @පැන්da
    මට හිතන්නෙ ඔය හීතලට පැන්ඩගෙ මොකක් හරි අවුලක් වෙලා වගේ. නැත්තන් මේ හිම කුමාරියො ගැන කියවයිද???

    @Jeewa
    මම ලියපුව ගැන අපි දන්නෙ නැති වුනාට ඒ අය දන්නවනෙ බං. ඒත් ඔය උඔ කියපු සමහර ඒව ගැන උගන්නන අය දන්නෙත් නෑ නෙ. හික්ස්....

    @හිස් අහස
    දැන්නම් හිතෙනව Art කරල පාඩුවෙ හිටියනම් කියල.. සියළු Science කාරයෝ නැසෙන සුලුයිලුනෙ... නිවාඩුවක් හම්බ වුනු ගමන්ම ආපහු Networking ලියනව...

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව