Thursday, November 4, 2010

කේෂාන් මොඩම් එකක් අරගෙන

අද කේෂාන්ට හරිම සතුටුයි. ඇත්තටම ඇයි ඒ. අද කේෂාන් 3G Dongle එකක් ගත්ත. මාස කිපයක් අමාරුවෙන් මහපොල එකතුකරල අන්තිමට කොහොම හරි ගත්ත.ගොඩක් ඉස්සර ඉදන් තිබුනු බලාපොරොත්තුවක්. ඒත් ඒක හැමදාම කල් ගියා. අන්තිමට අද ඒක ඉෂ්ඨවුණා.හොයල හොයල ගත්තේ O2 එකක්. හොඳද මන්ද??? හදිස්සියෙ Colombo ගිය නිසා පැන්ඩවත් අල්ලගන්න බැරි වුනා. ( අනේ දැන්නම් කියන්න එපා මේක හොඳ නෑ කියල)

දැන් ඉතින් අර GPRS phone එකට බැන බැන ඉන්න ඔනේ නෑ. ආ තව මගේ රූමගෙන් එක එක කථා අහගන්න ඔනෙත් නෑ. කරන්න දේවල් නම් ගොඩාක් ඹලුවෙ තියනවග බලමුකො කොහොම හරි වෙලාව හදාගෙන ඒව ඔක්කෝම ටික කරනව.
බුදු සරණයි.

11 comments:

  1. ඔන්න ඉතින්...හැමෝම අහගන්න..මේ කොල්ල කියන්නෙ බොරු..මාව අල්ලගන්නෙ මොකොට ද? මේ කොල්ලට ඔය හැමදේම ගැන අපිට වඩා හොදට දැනුම් තෙරුම් තියෙනවා,...ඒකනෙ අපිත් ප්‍රශ්නයක් ආවම අම්ම තාත්ත ගාවට එනව වගේ දුවගෙන එන්නෙ උඹ ලගට..

    මොඩම් එක පට්ට.හුවාවෙ එපා වුන සසිකට රිෆන්ඩ් ලැබුනෙ O2 එකක්.හුවාවෙ එකට වඩා හොඳට සිග්නල් තියේලු.අනික නිස්පාදනයෙ ආරම්භය ඉරු නොබසින අධිරාජ්යෙ නෙ..සමාන්‍යයෙන් එහෙ සුද්දො හදන බඩු හොදයි.සුද්දට කඩෙ යනව නෙවෙ. අත්දැකීමෙන් දන්නව..

    නිකමට මේ ලින්ක් එකත් බලපන්කො http://www.danweem.com/brand-new-o2-zte-mf-100-hsdpa-modem-for-sale-16-8708-43.html

    දැන් හොදයි කම්මැලි කම යන්නත් එක්ක බ්ලොග් ලියපන්..අලුත් අලුත් දෙවල් හොයාගනින්,... එව ඉතින් අනේ අපේ ඔලු ගෙඩි වලට ත් උඹෙ තරං දියුණු නැ කියල අත අරින්නෙ නැතුව කොහොම හරි ඔබන්න බලපං බොහොම පින්...

    මොඩම් එකට චිරාත් කාලයක් උඹව සතුටු කරන්න ශක්තිය ධෛර්ය ලැබෙවා

    ReplyDelete
  2. හැමදාම වගේ ගොඩාක් ස්තූතියි. මම අහන්න හිටියෙ, මොකද මම මොඩම් ගැන ඇත්තටම එච්චර දන්නෙ නෑ. blog 1 ලියන එකනම් අනිව දිගටම කරගෙන යනව. ඒත් මගේ හිතේ තියෙන්නෙ ගොඩක් ඇකඩමික් දේවල් ලියන්න. ඒකට කටිටිය කැමති නැති වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
  3. ඇයි නැත්තෙ..ඕනි තරං ඉන්නවා..දැනුම වෙනුවෙන් වෙහෙසන පිරිසක් ඒක හොයාගෙන යන පිරිසක් ලොකෙ ඉන්නවා.දැනුම විතරක් නෙවෙ බුද්ධියත් තියෙනෙ ඔයාල ඒකට මග පාදන්න ඕනි..

    උදාහරන ඕනි නං කාලිංග ගෙ ශාකුන්තලගෙ ඉන්දරෙ ගෙ අපේ ප්‍රසාන් සර් ගෙ බ්ලොග් බලපන්කො...

    අපිට මේ ලොකෙ ඉන්න හැමොම සතුටු කරන්න අමාරුයි කොල්ලො... ඒත් හොද දෙ හොයාගෙන අවශ්‍යය අය එනවා.අන්තර්ජාලෙ තියෙනෙ හොදේ එකයි..

    උඹ බ්ලොග් එක සින්ඩි වල ලියාපදිංචි කලා නේද?

    ReplyDelete
  4. ඔව් මේ දැන් සින්ඩ් වල ලියාපදිංච් උනා

    ReplyDelete
  5. නියමයි.....
    තවත් O2 සමජිකයෙක් ........
    හොඳමදේ කාටද කියනවනෙ......
    අන්තර්ජන්ජාලයට value add කරන්න ඔය modem එක හේතු වාසනාවේව....

    ReplyDelete
  6. මම නම් අහල නැ හොඳම දේ කොලු තාත්තලට කියල

    ReplyDelete
  7. මොකක්ද ඒ කොලු තාත්තගෙ කතාව???

    ReplyDelete
  8. මගෙ ලගත් තියෙන්නෙ O2 එකක්. ඕක ලිනක්ස් වල වැඩ නෑ. විසදුමක් තියෙය්ද?

    ReplyDelete
  9. -->Chandana Bandara 3G වලින්නම් Connect වෙන්නෙ Ubuntu වලින් පුලුවන්. GPRS නම් මමත් තාම try කරනව. හරිගියේ නෑ. 3G වලින් connect වෙන විදිය ගැන article එකක් අද හවස අනිව දාන්නම්.
    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  10. -->Chandana Bandara

    Check this out -- http://keshandesilva.blogspot.com/2010/11/ubuntu-dongle-connect.html

    ReplyDelete
  11. අහා පරක්කු වෙලා පෝස්ට් එක දැක්කේ.
    මගේ ඩොන්ගලේ මයි නෙව.
    එල එල.
    මගේ ඕකෙම කලු පාට එක.
    හැබැයි ඉති මේඩ් ඉන් චයිනා...
    හිකිස්
    රාළ තාම දුප්පතා නෙ.
    ඒක නිසා චයිනා හොඳා....
    මෙක ගත්තෙත් හෝටලේකට පොඩි වීඩියෝ කෑල්ලක් හදල දීල හම්බ වෙච්ච සල්ලි වලින්.
    හිකිස්.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව