නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Saturday, September 21, 2013
අමුතු එකතුව
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට් එකක් දාන්න හිතුන.
බොහෝ දෙනා පවසන්නෙ ආදරය වේදනාකාරී බවයි. නමුත් සැබැවින්ම එය වේදනාකාරීද. තනිකම, කෙනෙකුගේ වෙන්වීම හෝ ප්‍රතික්ෂේප වීම වඩාත් වේදනාකාරී නොවන්නෙද? බොහෝ විට අප මේ සියල්ල ආදරය සමග පටලවා ගැනීමට උත්සහ කරනු ඇත. නමුත් සැබවින්ම කෙනෙකුගේ සියළුම දුක් මකා දමා නැවතත් ඡීවිතය සතුටෙන් පුරවාලන්නට හැකියාව ඇති මෙලොව පවතින එකම දෙය ආදරයයි. මදක් සිතන්න මෙලොව තුල අපට බිඳක් හෝ රිදවීමට උත්සහ නොකරන එකම දෙය "ආදරයයි" - උපුටා ගැනීමකි.
සිහින සැම විටම abstract වන්නෙහිය. එම සිහින වල implementation බොහෝවිට සිහින දකින්නා නොව වෙනත් පාර්ශවයක් විසින් සිදු කල යුතුය. නමුත් එම පාර්ශවය විසින් සිහිනය implement කිරීම හෝ නොකිරීම ගැන කිසිවෙකුටත් සහතික විය නොහැක. කෙසේ වෙතත් implement නොකල සිහිනයක් තුල ඡීවත් වීමට උත්සහ දැරීම සැබවින්ම සිහිනයකි.
දුම්රියක ඉදිරියට ගමන් කරන අපහට අවට පරිසරයේ පවතින සියළුම දේ අපව පසුකර පිටුපසට ගමන් කරන්නාක් වැනි හැඟීමක් ඇති වන්නෙ සාපේක්ෂ චලිතය නිසා බව මා අසා ඇත්තෙමි. තවද මේ චලිත පැහැදිලි කිරීමට "සමුද්දේශ රාමුව" සංකල්පයද යොදගෙත යුතුයැයි ඇතමුන් පවසනු ඇත. අප අවට පුද්ගලයන්නෙ වෙනස් වීම අපට නිවරදිව ග්‍රහනය නොවන්නෙ අප සියළුදෙනා අප අපට වෙන්වූ සමුද්දේශ රාමු තුල ඡීවත් වන නිසායැයි විටක හැඟේ. අප මොහොතකට ඒ සමුද්දේශ රාමු වලින් පිටතට පැමිණ එකම සමුද්දේශ රාමුවක සිට මේ සියල්ල කල්පනා කර බලන විට සියළුම වෙනස් වීම බොහෝ දුරට තර්කානුකූල බව වැටහෙනු ඇත. එපමණක්ද නොව සියළුම වෙනස් වීම් එකට ගත් කල එයින් නිර්මාණය වන චිත්‍රය සම්පූර්ණ වන්නෙ ඡිග්සෝ ප්‍රහෙළිකාවකට කොටස් එකට සම්බන්ද වන ලෙසිනි.
සරුංගලයක් අහසේ රැඳෙමින් ආඩම්බර වන්නෙ අන් සියළුම දෙනාට වඩා එය ඉහලින් ඇති නිසාම පමණක් නොව, එයට එතරම් උසක් ගමන් කිරීමට උදවු කර පුද්ගලයා තව දුරටත් ඒ සරුංගලය ගැන ආදරයෙන් එය රඳාවා තබා ගන්නා බැවිනි. එහෙත් කිසියම් මොහොතක ඒ පුද්ගලයා සරුංගලයේ නූල අතහැරියහොත් සරුංගලයට දැනෙන වේදනාව ඒ පුද්ගලයාටත් දැනෙනු ඇතැයි සිතිය නොහැක. එවන් මොහොතක සරුංගලය පාවී ඇතට යන්නෙ සුලඟ නිසාම පමණක් නොව, තමන්ට ආඩම්බර වීමට මාවතක් සැකසූ පුද්ගලයාම තමන්ට වේදනාවක් ගෙන දුන් නිසා නැවතත් ඔහුගේ දෑස මානයට පතිත වීමට ඇති අකමැත්ත නිසාද විය හැකිය. පැහැදිලිවම එය සාධාරණීකරනය කර හැකි වන්නෙ සරුංගලය තනිවම ඉහල අහසට ගමන් නොකර බැවිනි.
Sunday, September 1, 2013
ඇහෙන, අහන්න වෙන, අහන සහ හොයාගෙන අහන ගීත
මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන කෙනෙක් නම් නෙමේ. ඒ වුනාට ගීත අහන්න අකමැති කෙනෙකුත් නෙමේ. හිත නිදහස් වෙලාවට වගේම හිතට දුකක් තනි කමක් දැනුනාමත් ගීතයක් දෙකක් අහනව. මුලින්ම කියන්නම්කො මේ දාල තියන මතෘකාව ගැන. මට හිතෙන විදියට තමයි ඔය මම ගීත කොටස් 4කට බෙදුවෙ.
- අපට ඇහෙන ගීත - අපි පාරෙ යනකොට කඩේක එහෙමත් නැත්නම් අලුතෙන් රේඩියෝ එකක් ගෙනාපු ගෙදරක සද්දෙට දාගෙන අහන ගීත තමයි මේ ගොඩට වැටෙන්නෙ. ඒ ගීත අපිට ඇහෙනව. අපි කැමති නම් නැවතිල අහගෙන ඉන්න පුළුවන්. අකමැතිනම් එතනින් ඈතට යන්නත් පුළුවන්.
- අපට අහන්න වෙන ගීත - අපි බස් එකක එහෙමත් නැත්නම් ත්‍රී වීල් එකක යනකොට අහන්න වෙන ගීතත් තියනවනෙ. ඒ ගීත වලට අපි කැමති වුනත් අකමැති වුනත් අපිට අහගෙන ඉන්න වෙනව. ඒක තමයි මේ ගීත වල තියෙන විශේෂත්වය.
- අපි අහන ගීත - ඒ කියන්නෙ අපි ගෙදරට වෙලා ඉන්නකොට රේඩියෝ එකේ... එහෙමත් නැත්නම් ටීවී එකේ යන ගීත. ඒ ගීත අපි අහනව. (කැමති ගීතයක් නම් විතරයි) ඒ වගේම Computer එක දාගෙන කම්මලි කම යන්නත් එකක් අහන ගීත අයිති වෙන්නෙ මේ ගොඩටම තමයි.
- අපි හොයාගෙන අහන ගීත - මෙන්න මේ කොටසට තමයි අපි වැඩියෙන්ම ආදරය කරන ගීත අයිති වෙන්නෙ. කලින් කියපු එක විදියකට හරි කනට වැටුනු ගීතයක්.. සිතට දැනුනු ගීතක් අපි කොහොම හරි ආපහු හොයාගෙන රස විදිනව. මේ කොටසට අයිති වෙන ගීතයක් අපි එක දිගට 10 වතාවක් වුනත් අහනව. (ගිය සතියෙ දවසක කේෂාන් උදේ 9ට විතර අහන්න ගත්ත ගීතක් දවල් කෑමට යනකන් ඇහුව. දැන් ඉතින් ඒ ගීතය මොකක්ද කියලනම් අහන්න එපා...)
ඊලඟ දේ තමයි, අපි හැමෝම ගීත අහනව. ඒව රස විඳිනව. ඒත් ගොඩක් වෙලාවට අපි ඉන්නෙ සතුටෙන්නම් අපි ඒ ගීතය රස විඳිනව. ඒ ගීතයේ සංගීතය විඳිනව. ඒත් අපි ඉන්නෙ දුකෙන් නම් අපි ඒ ගීතයෙ පද වල සැබෑ තේරුම තේරුම් ගන්න උත්සහ කරනව. ඒ වෙලාවට ඒ ගීතයෙ එකම එක පදයක් හරි අපේ ඡීවිතයට ගලපගන්න උත්සහ කරනව. ගොඩක් දුරට ඒ ගලපගන්න දරන උත්සහය සාර්ථක වෙනව. අන්න එහෙම වුනාම අපි ඒ ගීතය තුල ඡීවත් වෙනව. ඒ ගීතයට ආදරය කරනව. ඒ ගීත තුල කියන්නට උත්සහ දරන කථාව තුල අපිටත් පොඩි හරි ඉඩක් තියෙන බව අපිට වැටහෙනව.
(ඒ විදිය ලස්සන ගීත කිහිපයක් ගැන ඉදිරියට ලියන්න තමයි කේෂාන්ගෙ බලාපොරොත්තුව. - ඒ ගීත වල සමහර පද පේලී මම මගේ මූණුපොතේ සඳහන් කරාම මගේ හොඳම යාලුවන්ගෙන් මට මරණීය තර්ඡන ආව ඒව අයින් කරන්න කියල. :D ඒ නිසා මම තීරණය කරා ඒ සඳහා සුදුසුම ස්ථානය මගේ blog එක කියල.)
මේ ඉතින් කේෂාන්ට තේරෙන තරම තමයි. මේක කියවන අයට මීට වඩා වෙනස් අදහස් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ අදහස් පහළින් අකුරු කරන්න ඔබ සැමටම ආරාධනා කරනව.
Tuesday, August 20, 2013
මට සමාවෙන්න....
උදේ ඉදන් මහන්සිවෙලා...
පැය ගානක් කුස්සියට වෙලා...
බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්..
කාලක්වත් කන්නෙ නැතුව..
මේසෙ උඩින් තියල යන්නෙ...
අම්ම උයන බත් රස නැතුව නෙමේ.. මගේ රත්තරන් අම්මෙ..
වෙනද වගේ ලගට වෙලා...
එක එක විකාර කියව කියව...
ඔයාව තරහ ගස්සන මම..
අද ඔයා එක්ක කථා කරන්නෙවත් නැතුව
කාමරේටම වෙලා ඉන්නෙ...
ඔයත් එකක් තරහ වෙලා නෙමේ... මගේ පුංචි නංගියේ...
වෙනද උදේ පාන්දර..
හිනාවෙලා Good Morning කියපු මම...
Chat එකේ විහිළුවක් කරල හිනා වුන මම..
අද උඔල දැක්කාම...
යන්තමට හිනාවෙලා.. බිම බලාගෙන යන්නෙ..
උඔල කාත් එක්කවත් තරහ වෙලා නෙම්.. මගේ යාළුවනේ...
මගේ පුංචි හිතට දරාගන්න බැරිතරම්...
හීන දැකපු වරදට.. බලාපොරොත්තු පොදිබැන්ද වරදට..
අද මම මගේ ඡීවිතය ඇතුලෙම තනිවෙලා..
ඒ බලාපොරොත්තු.. ඒ හීන..
මගේ ඇස්දෙකෙන් කඳුළු වෙලා
ගලාගෙන ගිහින් නැවතුන දවසක..
ඒ පරණ පුරුදු පොඩි පුතා...
ඒ පරණ පුරුදු බන්ටි අයිය..
ඒ පරණ පුරුදු කේෂාන්..
ආපහු ඒවි.....
Saturday, August 17, 2013
ආදරවන්තියකගේ ආදරය
ඇයගේ ආදරය
ආදරයකි.. එයට ආදරය කරන්න
කැපිකිරීමකි.. එයට ගෞරව කරන්න
පරිත්‍යාගයකි... එය රැක ගන්න
සිහිනයකි... එය සැබෑකරන්න
(හොඳම මිතුරියක වෙනුවෙන් සටහන් තබමි.)
Thursday, August 15, 2013
පාරාඡිත ආදරවන්තයෙක්
ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය
නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය
කෙසේ නමුත්
ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි
ඔබම තෝරාගත් ඒ මාර්ගයේ...
ඔබම තෝරාගත් ඔහු සමග..
ඒ සතුටු අවසානය කරා..
ඔබ පියනගන්න..
නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ
ඔබ ආපසු හැරී බැලුවොත්...
ඔබට පෙනේවි ඔබ ගමන ආරම්භ කර තැනටම වී
තවමත් ඔබ දෙස බලා සිටින
පාරාඡිත ආදරවන්තයෙක්..
(ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි.)
Friday, August 9, 2013
ලස්සන පුංචි කුමාරි
එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි දරුවකු විලසින් මා ඇය දෙස බලාගෙන සිටියෙමි. ඇය අසලින්ම සිටියේ ඇයගේ හොඳම මිතුරියකි.
"කොහෙද බං උඔ කටත් ඇරගෙන බලන් ඉන්නෙ.... " මගේ මිතුරෙකුගේ හඬින් මම පියවි සිහියට පැමිණියෙමි.
"නෑ බං.. එහෙම දෙයක් නෑ.. මම මේ නිකන් කල්පනා කර කර හිටියෙ. " මිතුරාගෙන් ගැලවීමට බොරුවක් ගොතා ගැනීමට වෙහෙසුනද, එයට පෙර මගේ දෑස් යොමුවී ඇත්තෙ කුමකටදැයි මිතුරාට අවබෝධ විය.
" අනේ බං නිකන් පච කියන්නෙ නැතුව ඉඳපන්. උඔ බලන් ඉන්නෙ අර ලස්සන කෙල්ල දිහා නේද?? "
" හම්... ඔව් බං.. එයා හරිම ලස්සනයි නේද?"
" සිරාවටම එයා ලස්සනයි බං... හැබැයි එයා එක්ක ඉන්න යාළුව නිසාමද මන්ද එයාගෙ ලස්සන වැඩියෙන් පේන්නෙ.... බලපන්කො කොණ්ඩෙ ලස්සන. "
" හම්... එයාට තියෙන්නෙ ලස්සනම ලස්සන කොණ්ඩයක්... මම ඇත්තටම ඒ කොණ්ඩෙට ගොඩක් ආසයි. "
මටත් නොදැනීම මගේ මුවින් පිටවුනු ඒ වචන නිසා මිතුරා එක් වරම මාදෙසට හැරුනි. ඔහුගේ මුහුනේ තිබුනු සිනහව සතුට නිසා මැවුනක්ද, නැතහොත් හුදු සමච්චලයක් පමණක්දැයි සිතා ගැනීමට මට නොහැකි විය.
"බලන්නකො එයා හිනා වෙනකොට කොච්චර ලස්සනද... එයා හිනා වෙන්නෙ හදවතින්ම. එකයි ඒ හිනාව එච්චරටම ලස්සන."
" හපොයි... හොඳට හිටපු උඔට මේ මොකද වුනේ???"
" කෝ බං එකී හිනා වෙන්නෙ නෑනෙ, එයාගෙ යාළුවනම් හිනා වෙනව වගේ පේනව."
---------------------------------------------------------------------------------
" උඔ අදත් සිහින ලෝකෙ වගේ නේද??"
" නෑ බං... මම මේ නිකමට වගේ බලාගෙන හිටිය... "
" ඔව් ඔව් මට පේනව... උඔ බලාගෙන ඉන්නෙ කියල... හැබැයි වැඩිය ඈතක නෙමේ කියලත් මට පේනව.. "
සැබැවින්ම මම බලා සිටියේ ඇය දෙසය. අදත් ඇය මිතුරිය සමග පෙර දිනයක පරිදිම එකම තැනට වි සිටී. ඒ මිතුරිය ඇයගේ හොඳම යෙහෙළිය වීමටද ඉඩ ඇත.
දින සති මාස ගනන් ගෙවිගොස් මගේ සිත තුල වු ඒ සියුම් බලාපොරොත්තුව ආදරයක් බවට පත්වී ඇත. ඒ ආදරය ඇයට පැවසිය යුතුව ඇත. නමුත් ඇය ඒ ආදරය පිලිනොගත හොත්, එය මා කෙසේ දරා ගන්නද?? නමුත් එය පැවසිය යුතුමය. අවසානයේ මා තීරණයකට පැමිණියෙමි.
---------------------------------------------------------------------------
" අනේ බං අදත් උඔ බලා ගත්ත ගමන්මයි....."
" මම බලන් ඉන්නෙ මගේ ලස්සන පුංචි කුමාරි දිහා බං.... බලපන්කො කොච්චර ලස්සන කොච්චර හුරතල් කෙල්ලෙකද කියල"
" ඉතින් බං බලාගෙන ඉන්නෙ ගිහින් කථාකරපන්කො... එක අතකට කොහොම කථා කරන්නද?? අදත් අර පිස්සු කෙල්ල එයා ලගම ඉන්නවනේ. බය නැතුව ඉඳපන්කො උඔට කථාබහ කරන්න කොහොම හරි විදියක් අපි හදා ගමු."
-------------------------------------------------------------------------------
එම දිනය උදාවන බව මම දැන සිටියෙමි. නමුත් ඒ දිනය මෙතරම් ඉක්මනින් උදාවේයැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.
" මචං මචං අන්න අර පුංචි කුමාරිගෙ යාළුව මේ සතියෙ බඳිනවලු. මටත් එන්න කිවුව. උඔටත් කිවුවද?? "
" හම්... ඔවු බං. මටත් එන්න කිවුව"
" ඉතින් බං මූණ කලු කරන් ඉන්නෙ මොකටද? උඔට පුළුවන්නෙ දවසම අර පුංචි කුමාරිත් එක්ක කථා කර කර ඉන්න.. එයත් අනිවාර්යෙන්ම ඒවිනේ මගුල්ගෙදර.."
" ඔවු අපි කවුරු ගියත් නොගියත් එයාට නම් එන්නම වෙනව. මට ඒක විස්වාසයි."
------------------------------------------------------------------------------
(Blog එකේ විකාර ලිය ලිය හිටිය කේෂාන්ටත් හිතුන පොඩි කථාවක් ලියන්න. කේෂාන් ඡීවිත කාලෙට ලියපු පළවෙනි කථාව. මේක අවසාන කථාව නොවේවි කියල හිතනව. පළමු උත්සහය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. දන්න දන්න අය ඒව ටික ටික කියල දෙනවනම් ගොඩක් වටිනව. හැමෝටම බුදු සරණයි!!)
Tuesday, August 6, 2013
ආදරයද Quantum Physics වැනිය
ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත. ආසන්න වශයෙන් සදාකාලිකය. පැහැදිලි කිරීමට විවිධ අර්ථකථන ඇත. එහෙත් logic වලින්ද ස්වායත්තය. - Charitha Senarathne
1. බාහිරයෙන් පෙනෙන ඇයට නොව ඇය තුල ඡීවත් වන සැබෑ චරිතයට ආදරය කරන්න..2. ඇයත් සමග ඡීවිතය බෙදා ගැනීමට ඔබ සූදානම් පමනක් (එවන් ආදරයක් ආසන්න වශයෙන් නොව පුර්ණ වශයෙන් සදාකාලිකය.) ... ඇයට ඒ බව පවසන්න.
3. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත යන්න කිසිසේත්ම වලංගු නොවන්නෙ, ඇයගේ පිළිතුර මත ඇති වීම හෝ නැති වීම සිදුවිය හැකිය. නමුත් කිසිම විටක ඇයගේ පිළිතුර විචේචනය නොකරනන්. මන්ද ඒ ඇයගේ තීරණයයි.
4. "එහෙත් logic වලින්ද ස්වායත්ත" ,තරමක් දුරට නිවරදි නමුත් සෑම විටම නිවරදි නොවන්නේ වඩාත්ම ගැලපෙන්නෙ කුමන තාර්කික වර්ගයටදැයි හඳුනා ගත නොහැකි නිසාය.
Sunday, July 28, 2013
මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...
ඔබ එය නොදැන සිටි අතීතයේත්
එය දැනගත් වර්තමානයේත්
දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත්
මම ඔබට ආදරය
කළෙමි... කරමි... කරන්නෙමි...
Thursday, July 25, 2013
සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට
ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න.....
දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න..
නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න...
ලස්සනට ඇදුම් ඇදල දෙන්න එකක් පල්ලි යන්න.....
දෙන්නම කැමති Cartoon එකක් එකට ඉදගෙන බලන්න....
දෙන්න එකක් එකතු වෙලා බොරුවට හරි රන්ඩු වෙන්න....
දෙන්න එක්ක එකතු වෙලා කෑම උයන්න ඉගෙන ගන්න....
දෙන්න එකක් අත් දෙක අල්ලගෙන ඇවිදගෙන යන්න....
මගේ සිහින ලෝකය...
සැබෑ ලෝකයට ගෙනෙන්නට දෑරූ උත්සහය..
(සිත තුල ඇදුනු සිහින ලෝකයක් පමණි. කරුණාකර සැබෑ ලෝකය හා සැසදීමට උත්සහ නොකරන්න.)
Monday, July 15, 2013
මම බලා සිටින්නම්...
ඔබ යන්න...
ඔබගේ ආදරය
ඔබගේ සතුට
ඔබගේ ජීවිතය
සොයාගෙන...
මම බලා සිටින්නම්...
මගේ ආදරය
මගේ සතුට
මගේ ජීවිතය
මගෙන් ඈතට ඇදීයන අයුරු...
(නැත ඔබ කෙරේ කිසිම අයුරකින් වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරවී මියදෙන ආදරයක් පමණි)
Tuesday, June 4, 2013
අලුත් මනමාලි හා පරණ දෑවැද්ද - දෙවන කොටස
දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො. එදා මගේ රූමගේ ඕන කමකට ඒක හොයා ගත්තට මේ පාරනම් මටම ඕන වෙලා හොයා ගත්ත දෙයක් ගැන තමයි ලියන්න හදන්නෙ...
කේෂාන් පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි TV Games ගහපු එක. (කේෂාන් විතරක් නෙමේ මේ Blog එක කියවන ගොඩක් අයත් එහෙම තමයි කියල මම දන්නව. ) තලපතා ගැහුව වගේ TV එක ඉස්සරහ බිම පෙරලීගෙන පැය ගනන් TV Games ගහපු හැටි තාමත් මතකයි. සමහර දවස් වල නවත්තන්නෙ අම්ම ඇවිත් TV එක වහල දැම්මාම තමයි.
ලගදි දවසක කේෂාන් උඩ බලාගෙන කල්පනා කරන කර ඉන්නකොට නිකමට වගේ පොඩී ආසාවක් ආව අපහු ඒ Games එකක් දෙකක් සෙල්ලම් කරන්න. Google දෙයියගෙන් පොඩ්ඩක් අහල බැලුව මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් කියල. ඔන්න එතකොට තමයි VirtuaNES කියල දෙයක් ගැන හොයා ගන්න පුළුවන් වුනේ. (කෝ මේකෙ L අකුර කියල මගෙන් නම් අහන්න එපා. මොකද මම ඕක හොයා ගන්න කොටත් L අකුර තිබුනෙ නෑ.)
මොකක්ද මේ VirtuaNES කියන්නෙ.. මෙන්න මෙහෙම තමයි එයාල නම් කියන්නෙ... VirtuaNES is Famicom/NES emulator for Win32 Programmed by Norix. තේරෙන විදියට කියනවනම් මේක NES Files, Windows වල run කරන්න පුළුවන් software එකක්.
NES කියන්නෙ Nintendo Entertainment System කියන එකේ කෙටි යෙදුමක්නෙ. අපි TV එක ලග පැය ගනන් වාඩි වෙලා සෙල්ලන් කරපු Games ගොඩක මුල් අයිති කාරයො එයාල තමයි. අපි හැමෝම දන්න මාරියෝ සහෝදරයොත් මෙයාලගෙම නිර්මාණයක් තමයි.
VirtuaNES හරිම සරල Software එකක්. එක සාමාන්‍ය විදියට run කරල අපිට ඕන කරන NES File එක Open කර ගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ අවුරුදු ගානකට කලින් ගහපු ඒ Games ආපහු දිව හපාගෙන ගහන්න තමයි. (දිව හපාගන්න ඕනෙම නෑ... ඒක Optional)
කේෂාන් පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි TV Games ගහපු එක. (කේෂාන් විතරක් නෙමේ මේ Blog එක කියවන ගොඩක් අයත් එහෙම තමයි කියල මම දන්නව. ) තලපතා ගැහුව වගේ TV එක ඉස්සරහ බිම පෙරලීගෙන පැය ගනන් TV Games ගහපු හැටි තාමත් මතකයි. සමහර දවස් වල නවත්තන්නෙ අම්ම ඇවිත් TV එක වහල දැම්මාම තමයි.
ලගදි දවසක කේෂාන් උඩ බලාගෙන කල්පනා කරන කර ඉන්නකොට නිකමට වගේ පොඩී ආසාවක් ආව අපහු ඒ Games එකක් දෙකක් සෙල්ලම් කරන්න. Google දෙයියගෙන් පොඩ්ඩක් අහල බැලුව මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් කියල. ඔන්න එතකොට තමයි VirtuaNES කියල දෙයක් ගැන හොයා ගන්න පුළුවන් වුනේ. (කෝ මේකෙ L අකුර කියල මගෙන් නම් අහන්න එපා. මොකද මම ඕක හොයා ගන්න කොටත් L අකුර තිබුනෙ නෑ.)
මොකක්ද මේ VirtuaNES කියන්නෙ.. මෙන්න මෙහෙම තමයි එයාල නම් කියන්නෙ... VirtuaNES is Famicom/NES emulator for Win32 Programmed by Norix. තේරෙන විදියට කියනවනම් මේක NES Files, Windows වල run කරන්න පුළුවන් software එකක්.
NES කියන්නෙ Nintendo Entertainment System කියන එකේ කෙටි යෙදුමක්නෙ. අපි TV එක ලග පැය ගනන් වාඩි වෙලා සෙල්ලන් කරපු Games ගොඩක මුල් අයිති කාරයො එයාල තමයි. අපි හැමෝම දන්න මාරියෝ සහෝදරයොත් මෙයාලගෙම නිර්මාණයක් තමයි.
VirtuaNES හරිම සරල Software එකක්. එක සාමාන්‍ය විදියට run කරල අපිට ඕන කරන NES File එක Open කර ගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ අවුරුදු ගානකට කලින් ගහපු ඒ Games ආපහු දිව හපාගෙන ගහන්න තමයි. (දිව හපාගන්න ඕනෙම නෑ... ඒක Optional)
මේ තියෙන්නෙ කේෂාන්ගෙ ආසම TV Game එක VirtuaNES එකේ වැඩ කරන විදිය.
ඔන්න ඉතින් කේෂාන් දිව හපාගෙන Contra ගහනව. ටික වෙලාවකින් කවුදෝ මන්ද හරිම දුකෙන් අඩනව වගේ ඇහුන. බලනකොට Lap එකේ Key Board එක. මේ විදියට Games ගහන්න ගියොත් Contra ඉවර වෙන්න කලින් මගේ Lap එකේ Keyboard එක ඉවර වෙනව කියල මට තේරුනා.. ඒකට විසදුමක් විදියට external key board එකක් හයි කරගෙන ටිකක් වෙලා සෙල්ලන් කරා.ඒත් අර TV එක ලග නිදාගෙන Joystick එකන් Game ගහපු feeling එක එන්නෙ නෑ වගේ දැනුන.
දැන් ඉතින් ඒකට විසදුමක් හොයන්න ඕනෙනෙ.... . මීට අවුරුද්දකට විතර කලින් ebay කඩෙන් ගත්ත Joystick එකකත් හොයා ගෙන ඒක VirtuaNES වලට පූට්ටු කරන්න try එකක් දුන්න. වැඩේ සාර්ථකයි. වීන හදපු Joystick එක VirtuaNES එකක් එල කිරි වගේ වැඩ. දැන් කේෂාන් සතියක විතර ඉදන් කරන්නෙ මේකෙන් Games ගහන එක තමයි.
මෙන්න මේ Interface එක use කරල අපිට ඕන විදියට Joystick එකේ keys map කර ගන්න පුළුවන්.
මේ තියෙනනෙ කේෂාන්ගෙ සිත් ගත් Games දහය (ඒක නිකන් අර TV එකේ යන සින්දු program එකක නමක් වගේ නේද? )
ඇත්තටම කේෂාන්නම් මේ Games වලට තාමත් ආදරෙයි. ඒව සෙල්ලම් කරන්න තාමත් ආසයි. සමහර අය හිනා වෙන්න පුළුවන් හපෝ උඔ ගහන්නෙ ඔය games ද කියල. ඒත්... Call of Duty, Far Cry, Sniper Ghost Warrior වලට වඩා Contra වලට කේෂාන් තාමත් ආසයි. NFS Shift, NASCAR වලට වඩා F1-Race වලට කේෂාන් තාමත් ආසයි.
(කේෂාන් කොච්චර TV Games වලට කැමතිද කියනව නම්... TV Game ගහන්නම කියල Handheld Game Console එකක් ගත්ත. ඒකත් ආවාම එක ගැනත් තව පොස්ට් එකක් දාන්නම්. )
Friday, May 24, 2013
කඳුල ඔබ ...
මාත් එක්ක...
මගේ ලගටම වෙලා...
අවුරුදු ගානක්..
මගේ ඡීවිතය බෙදා ගත්ත...
ඒ කඳුලු....
මටත් නොදැනීම..
මගෙන් ඈතට ගියාම...
මට දැනුනෙ....
මම හරිම වාසනාවන්තයි කියල...
නමුත්...
ඒ කඳුලු මගේ ඡීවිතයේම කොටසක් බව
මට ආපහු දැනෙන්න පටන් ගත්තෙ,
මගේ ඇස් දෙක...
මටත් නොදැනීම...
ආපහු කඳුලෙන් පිරුණාමයි....
Saturday, May 18, 2013
මට මතක නෑ කවුද කිවුවෙ කියල
කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
එකපාරක් කරොත්...
එහෙම කරේ ඌට
පිස්සු නිසා....
හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
දෙපාරක් තුන් පාරක් කරනවනම්....
එහෙම කරන්නෙ
ආදරේ නිසා..
මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල.
Thursday, May 16, 2013
මුහුදේ මාළුවන් බොහෝ ඇත
ඔව්
එය නිවරදිය....
බොහෝ දෙනා පවසන පරිදි.....
මුහුදේ මාළුවන් බොහෝ ඇත.
විවිධ වර්ණයෙන්.....
විවිධ හැඩයෙන්.....
නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද
කෙදිනක හෝ දැනුනාද
ඒ මාළුවා ගැන...
ඔහුට ඇත්තේ එකම එක මුහුදක් පමණක් බව.
ඔහුගේ මුළු ඡීවිතයම...
ඔහුගේ මුළු බලාපොරොත්තුවම...
ඔහුගේ මුළු ලෝකයම...
ඒ එකම එක මුහුද බව.
Sunday, May 12, 2013
හඳ, අපි සහ ආදරය....
පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්...
ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා....
ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා.
ඒ නිසාම තමයි අපි හඳ ඉල්ලල අඩන්න පුරුදු වුනේ.
ඒත් අපි ටික ටික ලොකු වෙනකොට අපිට තේරුනා
හඳ කියන්නෙ අපිට කවදාවත්ම ලබා ගන්න බැරි දෙයක් කියල.
ටිකෙන් ටික හඳ ඉල්ලල අඩන එක අපි අමතක කරල දැම්ම...
ඒ හඳට තිබුනු ආදරේ අඩු වුන නිසා නෙමෙයි...
හඳ අපිට ලබා ගන්න බැරි බව තේරුන නිසා...
ඒත් දැන් ආපහු අපි හඳ දිහා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නව...
කවදාවත් තමන්ට ලැබෙන්නෙ නැති බව දැන දැනත්....
අපි ගොඩක් ආදරෙන් ඒ දිහා බලා ගෙන ඉන්නව....
Tuesday, March 27, 2012
බදුල්ල ඔබට ආයුබෝවන්....
ආපහු කවදාවත්...
උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ
5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ
ගාල්ල බස් එකේ සීට් අල්ල ගන්න පොර කන්න වෙන්නෙත් නෑ
සීට් එකක් තියා ගනින් කියල බබාට අඩන්න ඔනෙත් නෑ....
ගිනි අවුවෙ ලැප් එල්ල ගෙන වැල්ලවායෙ හිටගෙන ඉන්න වෙන්නෙත් නෑ...
මාතර බස් එනකොට දුවල ගිහින් නගින්න වෙන්නෙත් නෑ.....
මාතර ඉදන් Jumbo Peanut එකක් කකා කොළඔ බස් එකේ යන්න වෙන්නෙත් නෑ....
අවුරුදු 4ක් මාත් එකක් දුක සැප බෙදා ගත්ත ....බදුල්ල...
ඔයාට ගොඩක් ස්තූතියි....
අපි හැමදාම ඔයාට බැන්නට...
දැන් තේරෙනව ඔයා අපිත් එකක් කොච්චර බැදිලද කියල..
ගොඩක් ස්තූතියි මට ලභා දුන්නු දේවල් වලට..
ඒත් ආයෙ කවදාවත්ම හිතේ හැටියට ඔයත් එකක් ඉන්න..
හැම පාරක් ගානෙම ඈවිදින්න
3 කනුව 2 කනුව බස්වල එල්ලිල යන්න
වෙන්නෙ නෑ....
මේ ඡීවිත ගමනේ කවදා හෝ අපි නැවත හමුවෙමු...
බදුල්ල ඔබට ආයුබෝවන්....
උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ
5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ
ගාල්ල බස් එකේ සීට් අල්ල ගන්න පොර කන්න වෙන්නෙත් නෑ
සීට් එකක් තියා ගනින් කියල බබාට අඩන්න ඔනෙත් නෑ....
ගිනි අවුවෙ ලැප් එල්ල ගෙන වැල්ලවායෙ හිටගෙන ඉන්න වෙන්නෙත් නෑ...
මාතර බස් එනකොට දුවල ගිහින් නගින්න වෙන්නෙත් නෑ.....
මාතර ඉදන් Jumbo Peanut එකක් කකා කොළඔ බස් එකේ යන්න වෙන්නෙත් නෑ....
අවුරුදු 4ක් මාත් එකක් දුක සැප බෙදා ගත්ත ....බදුල්ල...
ඔයාට ගොඩක් ස්තූතියි....
අපි හැමදාම ඔයාට බැන්නට...
දැන් තේරෙනව ඔයා අපිත් එකක් කොච්චර බැදිලද කියල..
ගොඩක් ස්තූතියි මට ලභා දුන්නු දේවල් වලට..
ඒත් ආයෙ කවදාවත්ම හිතේ හැටියට ඔයත් එකක් ඉන්න..
හැම පාරක් ගානෙම ඈවිදින්න
3 කනුව 2 කනුව බස්වල එල්ලිල යන්න
වෙන්නෙ නෑ....
මේ ඡීවිත ගමනේ කවදා හෝ අපි නැවත හමුවෙමු...
බදුල්ල ඔබට ආයුබෝවන්....
Monday, February 13, 2012
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඈවිත්
පහුගිය දවස් ටිකේම ගෙදර එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්නවට වඩා හිටියෙ බස් වල. බදුල්ල කොලඔ.... කොලඔ රත්මලාන... රත්මලාන අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ දෙමටගොඩ... අම්බලන්ගොඩ කොලඔ බදුල්ල... බදුල්ල මාතර අම්බලන්ගොඩ... අම්බලන්ගොඩ වැල්ලවත්ත.... අම්බලන්ගොඩ මාතර බදුල්ල... සතියක් විතර හැමදාම බස් එකේ.. ඒ ගැන කියන්න තව Blog Post එකක් ලියන්න වෙයි..
ඔන්න ඔහොම බස් වල යනකොට අපිට අහන්න වෙන සින්දු තියනවනෙ (දන්නවනෙ සින්දු වර්ග කරන විදිය.. දන්නෙ නැති අයට ලගදීම Post එකක් දාන්නම්...) අන්න ඒ විදියට අහන්න වුනු සිංදුවක් ටිකක් හිතට දැනුනා. එකම දවසෙත් කීප සැරයක් අහපු නිසා නිකමට වගේ පද ටික හොදින් අහගෙන හිටිය. හරිම අපූරුවට ලියල තියනව (මට දැනෙන විදියට). මම දන්න විදියට මේක කියන්නෙ කවීෂ.
මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඈවිත්
පෙම්බරී මේ අසාපන්, සුන්දරී මේ බලාපන්
හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්න සිතපන් ලදේ..
අපි දුක්වින්ද පෙම් බැන්ද මතකයේ මැදින්
මම උහුලන්නෙ කෙලෙසින්ද නුඔ නැති දුකින්
ඔහු නුඹේ හිමි වුනා දෙන්, මේ භවේ නිම වුනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ...
මුළු සසරේම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න සුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන්, පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වගේ මතු භවයෙදී
මට සැනසෙන්න මගෙ සොදුර හිමිවී යලි
ඒත් මෙකෙ හරියටම තේරුම මට තාම තේරෙන්නෙ නෑ.. මගේ සියල්ල දත් රූම නම් මේ දැන් මම සිංදුව අහනව ඈහිල කිවුව;
හපෝ.. ඕක මැරෙන එකමයි හොද... ගෑනු කීයක් ඉන්නවද?
ඒත් මට හිතෙන විදියට නම් මෙතන කවුරුත් මැරෙන්නෙ නෑ.. ඉන්නෙත් එක කෙල්ලයි.. අනේ මන්ද.... හරියටම තේරුම දන්න කෙනෙක් ඉන්නව නම් Comment එකක් දාන්නකො....
(මට හිතෙන විදියටනම් ආදරේ කරපු කෙල්ලව බදින්න නැත්නම් එයාට ආදරේ කරන්න වෙනත් කෙනෙක් ඈවිත් වගේ)
Sunday, February 5, 2012
නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)
පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ වගේ. එකක් ඉවර වෙනකොට තව අළුත් දෙකක් එනව. ඉතින් මොනව කරන්නද???
පහුගිය දවස් ටිකේ නම් ගොඩක් දේවල් වුනා. පණ වගේ ආදරේ කරන මගේ ලැප් එක වැඩ කරන්නෙ නැති වුනා. ඒක හදාගන්නත් හෙන ගේමක් දුන්න. ඒ වගේම කේෂාන් තමන්ගෙ ඡිවිත කාලෙදී අඩුම කාලයකදි ගමන් කරපු වැඩිම දුරත් ගමන් කරා... (100 200 400 Record එකක් එහෙම නෙමේ හොදේ.....) ඒක ගැනනම් අනිව Blog Post එකක් දාන්න ඔනේ.
විශ්ව විදාලයෙ අවසාන Exam එකත් තව සති දෙකකින් විතර පටන් ගන්නව. එත් කොහොම හරි Blog කීපයක් හරි ලියන්න ඔනෙ.
මම දන්නව වෙනද වගේ මේ Blog එකට Comment දාන එකක් නෑ.. සමහර Blog අවකාෂයෙ යාළුවන්ට දැන් මාව මතකද දන්නෙත් නෑ. හම්... එහෙනම් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!!!
Saturday, November 12, 2011
නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )
[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද මගේ ස්තූතියි.]
"මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන් උපුටා ගන්නා ලදි...
නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )
"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන..."
මේ
උදා වූ හිරුගොත් වංශයේ උපන් තුන් ලොවක් සනහා වදාළ අප මහා ගෞතම මුනිරජුන්
සම්මා සම්බුද්ධත්වයට පත් වී ගෙවී යන 2600 වසරයි.2600 වන ඒ උතුම් වස්සාන සමය
ද නොබෝ දා ගෙවී අවසන් විය.බිනර පුන් පොහෝ දිනයෙන් අවසන් වූ වස් තුන් මස
පුරාවට ලක්වාසී මෙන් ම ලෝවාසී බොදු ජනයා අනේකවිධ පින් සිතුවිලි සිත් සතන්
තුළ ජනිත කරගනිමින් ජීවිත සන්තානය උදෙසා මහානීය වූ පුණ්‍ය ධර්මයන් රාශියක්
රැස් කරගන්නට විය.ලක්දිව පුරා විසිරී පැතිර පවතින්නා වූ වෙහෙර විහාරස්ථාන
ඇසුරු කරගනිමින් පළමු කඨින චීවරය හේවිසි හඬ මධ්‍යයේ, අලි ඇතුන් පිරිවැරූ
මහා පෙරහරින්, සැදැහැතියන්ගේ සාදු හඬ මධ්‍යයේ වැඩමවා තුන් ලොව පුද සත්කාර
ලබන්නට සුදුසු වූවන් අතරින් අග්‍ර වූ තුන් ලොවක් දිනූ ඒ භාග්‍යවතුන් වහන්සේ
උදෙසා ම පූජා කරන්නට විය.
අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් උපදවන
කඨින චීවර පූජාව පිළිබඳ තොරතුරු සඳහන් කළේ ලියන්නට යන ලිපියට නිමිත්තක්
ලෙසයි.වසර 5කට පෙර සිදු වූ සිදුවීමක් නැවත ආවර්ජනය කරන්නට මෙම බිනර පුන්
පොහෝ දිනය උපකාර විය.කඨින චීවර පූජාව සිදුවන සෑම වසරක ම ඔක්තෝම්බර් මාසය
උදාවන විට නිසැකයෙන් ම මා හට එක කරුණක් සිහිපත් වේ.එය සිදු වී වසර කීපයක්
ගත වුවත් අදටත් ඒ සිදුවීම මා මනැසේ සිතුවමක් සේ ඇදී යයි.බොහෝ මිනිසුන්ගේ
ජීවිතවල සිදුවන සිදුවීම් ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත ඉරණම ම වෙනස්
කරන්නට සමත් වේ.මෙහි සටහන් වන්නේ ද එවැනිම තවත් සත්‍ය සිදුවීමකි.මෙහි සටහන්
වූ කථාව අප සැමදෙනාගේ ම ජීවිත යහපත් කරවන්නට ඉමහත් රුකුළක් වනු ඇත.
මෙම
කථාවේ කථානායකයා බදුල්ල ප්‍රදේශයේ බොහෝ දෙනා දන්නා හඳුනන කෙනෙකි.ඔහු
දරුවන්ට කාරුණික පියෙක්, බිරිඳට දයාබර සැමියෙක් වුවා සේ ම ඥාතීන්ට විසල්
නුග රුකක් විය.නමුත් තරුණ වියේ දී ඇසුරු කරන්නට වුණ පාපී මිත්‍රයන් නිසා
ඔහු තදින් ම මත්පැනට ඇබ්බැහි වූවෙකි.දිවියේ මැදි වියේ පසු වුවත් බලවත් ව
බීමට ඇබ්බැහි වූ ඔහුට කොතෙකුත් මත්පැන් බීමේ ආදීනව පැවසුව ද ඉන් මිදීම
අපහසු කරුණකි.
අප සැමදෙන ඔහුට කරුණු කාරණා පවසමින් ආදීනව පසක් කර දෙන්නට උත්සුක වූයේ ඔහු අපගේ ළඟ ම ඥාතියෙක් වූ නිසාවෙනි.
"ඔය
බීම දැන්වත් නවත්තන්න.බීවොතින් යන්න වෙන්නේ අපායේ තමයි.බුදුරජාණන්
වහන්සේත් කියලා තියෙනවනේ.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළොත් නිරයට යන්න වෙනවා
කියලා...."
එවිට ඔහුගේ මුවින් පිටවන්නේ මත්පැනට ඇබ්බැහි වූ බොහෝ අය ලබා දෙන පිළිතුර ම ය.
"ඔය
පොඩ්ඩක් බිව්වා කියලා අපායේ යන්නේ නෑ.බුදුහාමුදුරුවෝ කිව්වේ මද පමණින්
බොන්න කියලා.අප උඹලට කලිනුයි පන්සල් ගියේ.අපත් ඔය ධර්මය දන්නවා.මං බිව්වා
කියලා යුතුකම් පැහැර හරින් නෑනේ.අනික කාටවත් කරදරයක් කරන්නෙත් නෑනෙ."
එසේ කියා නිරයට විහිළු ද කරයි.
"හා...බලා හිටපල්ලකෝ අපි අපායට ගිහින් යමපල්ලොන්ටත් ගහල එන්නේ.අපිට කොහෙත් එකයි."
එවිට
කටපියාන පැත්තකට වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වන්නේ
නැත.භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම පැවසූවේ සත්‍යක් ම ය.මේ ධර්මය සවනතට
ඇසුනේ නැත්නම් මිනිසුන් විනාශ වෙනවා ම යි.
කාලය වේගයෙන් ගෙවී
යන්නට විය.ඒ 2006 වර්ෂය යි.ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වූ ඔහුට එම වසරේ
කඨින පින්කම භාර වුණි.කෙතරම් වැරදි කළත් සසරේ කළ පිනට බෞද්ධ පවුලක උපන්
ඔහුට මේ අවස්ථාව ඔටුනු පැළදුවා හා සමාන විය.දිවා රෑ ඔහුගේ සිතේ රැඳී තිබුනේ
කඨින පින්කම යි.නිතර ම කථාව ද පළමු කඨින චීවරය බුදුරජාණන් වහන්සේ උදෙසා
පූජා කිරීම ගැනයි.කඨින චීවරය හිසේ තියා ගෙන හේවිසි හඬ මධ්‍යයේ මහා පෙරහරින්
පන්සලට යන අන්දමත් එය භාග්‍යවත් අරහත් මුනිඳුන් උදෙසා පූජා කරන අන්දම ඔහුට
මැවී පෙනෙන්නට විය.අගෝස්තු මාසය උදා විය.කඨින පිනකමට තව ඉතිරි ව ඇත්තේ සති
කීපයක් පමණි.
හදිසියේ ම එක් රාත්‍රියක එක් රාත්‍රියක ඔහු
බලවත් ව අසනීප විය.පපුව අල්ලමින් කෙඳිරි ගාන්නට විය.නිවැසියන් ඒ රාත්‍රියේ ම
ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි.වෛද්‍ය වාර්තා ද ඊ. සි. ජි වාර්තා ද
අනුව රෝගය තරමක් බරපතළ බව සොයා ගත්තේය.වෛද්‍ය මතය වූයේ දින කීපයක් රෝහලේ
රැඳී සිටිය යුතු බව ය.තනියට ඔහුගේ සොහොයුරෙකු ද ළඟ නවත්වා අපි නිවසට
ගියෙමු.
රාත්‍රී 2ට පමණ ඔහු හදිසියේ අවදි වූයේ ළඟහුන් තම
සොහොයුරාගේ අත ද අල්ලා ගනිමිනි.ඇඟ සීතල වෙන බව පවසනවාත් සමඟ ම ඇස් උඩ
ගියේය.පපුවෙන් අමුතු ශබ්දයක් ද ආයේ ය.හුස්ම ගැනීම ද නතර විය.මුසල අනතුරක
සේයා දුටු සොයුරා වෛද්‍යවරුන් කැඳවන්නට විය.වෛද්‍යවරුන් විනාඩි 10ක් පමණ
උත්සහ කළ ද ඔහුගෙන් පිළිතුරක් නැත.වෛද්‍යවරුන් උත්සහය අත හැරියේ 'දැන්
වැඩක් නෑ' කියමිනි.ඥාති සොයුරාට දැන් මුළු ලොව ම අමතක ය.තම සොයුරා මිය ගිය
පුවත නිවසට දැන්විය යුතුය.දැන් ඔහු කළයුත්තේ කුමක් ද කියා සිතා ගත නො හැකිව
දෙලොවක් අතර තනි වී ඇත.
ඒත් අසාමාන්‍ය වාසනාවක් රෝගියා
සොයා පැමිණෙමින් තිබුණේ ය.රාත්‍රී සේවයට වාර්ථා කළ නවක වෛද්‍යවරියක්
හදිසියේ ම රෝගියා ළඟට දිව ආවා ය."ඉක්මනට ඔය මනුස්සයා ව අනිත් පැත්ත
පෙරළන්න." හදිසියේ පැමිණි වෛද්‍යවරිය එක්වර ම රෝගියා ව මුනින් අතට පෙරළුවේ
ය.එතෙක් නිසොල්මනේ සිටි රෝගියා එක්වර ම හුස්මක් පිට කරන්නට විය.නැවතත් ඔහුට
වගා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය.දින කීපයක් පියවි සිහියක් නොමැතිව
විටින් විට සිහිමූර්ඡා වෙමින් සිටි ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණේ ය.
නිවසට පැමිණි ඔහු දැන් අත්භූත අමුතු කථාවක් පවසන්නට විය.කාටවත් නො තේරෙන මේ කථාව ඇසීමට මම නො ඉවසිලිමත් වීමි.
අසනීපයේ වේදනාව අමතක කරමින් ඔහු කථාව ඇරඹීය.
"මගේ
ඇඟ එකපාරට ම සීතල වුණා.එතකොට ම හුස්ම ගන්න අමාරු වුණා.එකපාරට ම ඔක්කොම
අඳුරු වුණා.පාවෙලා වගේ අඳුරු තැනකට මාව ඇදිලා ගියා.එක පාරට ම කවුදෝ යක්කු
දෙන්නෙක් වගේ මහා භයානක දෙන්නෙක් ඇවිත මාව අල්ල ගත්තා.ඒ අය ළඟ ආයුධත්
තිබුණා.ඒවා නිතරම වෙනස් වෙනවා.මම කෑ ගහලා දඟලන්න පටන් ගත්තා.එතකොට මගේ අත්
තදින් ගැට ගහලා අඳුරු තැනකට මාව ඇදගෙන ගියා.මම ඒ බැමි ලිහා ගන්න,ලිහා ගන්න ආයෙත් ඒ අය මාව බඳිනවා.ඒ බැඳපු විදියට තාමත් මගේ අත් දෙක රිදෙනවා."
ඔහු තම අත් පෙන්වමින් එසේ පැවසුවේ අප කවුරුත් තැති ගන්වමිනි.
"ඊට
පස්සේ මාව ඇදගෙන එක තැනකට එක්කන් ගියා.මම කොච්චර කෑ ගැහුවත් කාටවත් ඒක
ඇහෙන් නෑ.එතැන තව ගොඩක් අය හිටියා.මම එතැන ඉඳන් හයියෙන් කෑ ගැහුවා.මම
මිනිසුන්ට කරපු උදව් සිහි කර කර කෑ ගැහුවා.ඒත් කවුරුත් ඒවා අහන් නෑ.අන්තිමට
මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.එතකොට දැක්කා ඔටුන්නක් දා ගත්ත මහ ලොකු
කෙනෙක් ව.එයා හරි භයානක පාටයි.එතැන මම වගේ ම අසරණව කෑමොර දෙන ගොඩක් අය
හිටියා."
මේ කියන්නේ අපාය ගැන
විස්තරයක්වත් ද? ඒ ඔටුනු දරන්නේ යම රජුන්වත් ද? මගේ සිත දැන් සූත්‍ර
පිටකයේ, මැදුම් සඟියේ දේවදූත සූත්‍රය වෙත ඇදී යයි.බුදු සමිඳුන්ගේ ගම්භීර
දේශනාවක් වන එහි නිරයේ විස්තර ඇතුළත් වේ.අතිශය භයානක දුකින් පිරුණු නිරයේ
විස්තර උන්වහන්සේ නුවණින් දැක වදාළේ මහා කරුණාවෙන් ම ය.එම උතුම් සූත්‍ර
දේශනාවේ දී නිරි සතා නිරයට ගිය විට යමපල්ලන් යම රජු වෙතට ඔහුව ඇදගෙන යන
බවත් යම රජුන් මුණ ගැසෙන බවත් ඔහුගෙන් ප්‍රශ්න අසන බවත් සඳහන් ය.එසේ නම්
මොහු දැක ඇත්තේ යම රජුන් ද?
මා සිත දැන් කුහුලින් වෙලී යයි.ඔහු නැවතත් කථාව ඇරඹීය.
"ඊට පස්සේ මම හයියෙන් කෑ ගහන්න වුණා.මට යන්න දෙන්න කිව්වා.ඒත කවුරුත් ඒක අහන් නෑ.හැම තැනින් ම එන්නේ විලාප හඬ."
අහෝ!
මිනිස් ලොව සිටිය දී කුසලයේ නො යෙදීමේ විපාක කෙතරම් බියකරු ද? ඒවා විපාක
දෙන විට විඳින්නට වන්නේ තනිව ම ය.එවිට ළඟ සිටි ඥාතීන් යහළුවන් කිසිවෙක්
නැත.දැන් ඔහුට ද එසේ ම ය.උදව්වට කිසිවෙක් නැත.ළඟින් සිටි පාපී මිත්‍රයන් ද
නැත.කුමක් කරන්න ද? දැන් ඔහු පමා වැඩි ය.
ඒත් ඔහුට එකවර ම
යමක් මතක් වූයේ ය.ඒ ඔහු ආසාවෙන් ම සිටි දෙයයි.ඒ ඔහු නිතර නිතර සිහින මැවූ
පන්සලේ කඨින පින්කම යි.ඔහු මහා හයියෙන් හඬනගා කෑ ගැසුවේ ය.
"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන.මට යන්න දීපල්ලා.....මට කඨින පින්කමට යන්න ඕන....."
එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.
"උඹ භය වෙන්න එපා....උඹව යව යි...."
ඔටුනු
පලන් පුද්ගලයා තමන් වගේ ම පැමිණි පිරිසගෙන් යමක් අහනවා දැන් ඔහුට
පෙනෙයි.ක්‍රමයෙන් ඔහුගේ වාරය ද එළඹුණේ ය.ඉදිරියට රැගෙන ගිය ඔහු දැන් ඔටුනු
පලන් පුද්ගලයා ඉදිරිපිට ය.
"මට යන්න දෙන්න.මට කඨින පින්කමට යන්න ඕන.අනේ! මට යන්න දෙන්න...."
ඔටුනු පැලඳූ පුද්ගලයා ඔහු අමතන්න ට විය.
"මම උඹට යන්න දෙනවා.උඹට එන්න තව කල් තියෙනවා.උඹ කඨින පින්කමට පලයන්...."
දැන් නම් මා හට යමක් පැහැදිළි ය.මොහු මේ කියන්නේ ඒකාන්තයෙන් ම නිරයේ විස්තරය යි.ඔටුනු පලන් පුද්ගලයා යම රජු විය යුතු ම ය.
එතැන් පටන් ඔහු ජීවිතයේ දකින අතිශය භයානක ම දසුන දකියි.යමපල්ලන් දැන් ඔහු ඇදගෙන යන්නේ නිරය මැදින් ය.
ඔහුට
දැන් ඉදිරියෙන් පෙනෙන්නේ විසල් පොලිමකි.ගැහැණුන් ද පිරිමින් ද දුකින්
පිරුණු මුහුණින් එහි එහි රැඳී සිටියි.යමපල්ලන් දෙදෙනෙක් ඔවුන් ව කොටස්වලට
වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම
වෙන් කරයි.සොරකම් කළ අය වෙන වෙන ම වෙන් කරයි.වැරදි කාම සේවනය කළ අය වෙන වෙන
ම වෙන් කරයි.බොරු කියූ අය වෙන වෙන ම වෙන් කරයි.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත
කළ අය වෙන වෙන ම වෙන් කරයි.
මනු ලොව මිනිසුන් දුස්සීල වී කරනා හපන්කම් සියල්ල මෙහි සටහන් වන අයුරු ඔහුට දැනෙයි.එහි කිසිවක් සැඟවිය නො හැක.සියල්ල ම එහි සටහන් ය.
එක්
එක් කාණඩයට වෙන් කළ අය වෙන වෙන ම දඬුවම් සඳහා ගෙන යන බව ඔහුට මතක
ය.යමපල්ලන් තවත් ඉදිරියට ඔහු රැගෙන යයි.මහා පුදුමයකි.කුඩා කල ඔහු බණට ඇසූ
විසල් කටු ගස් දැන් ඔහු ඉදිරියේ ය.භයානක කටු ඇති විසල් කටු ඉඹුල් 4ක් හෝ
5ක් එහි තිබුණු බව ඔහුට මතක ය.එතැන ද මහා පෝලිමකි.ඒ පෝලිම තමන් මිනිස් ලොව
සිටිය දී කර ගත්තා වූ අකුසල් කර්ම විඳවන්න ඇති පෝලිමයි.යමපල්ලන්ගේ ඇමතීමෙන්
තමන් කැමති වුණත් අකමැති වුණත් කටු ඉඹුලේ නැගිය යුතු ම ය.
දැන්
මගේ මුළු ඇඟ ම සීතල වී යයි.චිත්‍රපටියක රූප රාමු මෙන් මේ සිදුවීම් එකින්
එක මා මනැසේ ඇඳී යයි.අප සංසාරේ කීවරක් මේ කටු ඉඹුලේ නගින්නට ඇද්ද? අපේ
ළඟින් සිටි අපට කරුණාව දක්වපු අපේ අම්මලා,තාත්තලා ,ඥාතීන් කීදෙනෙක් දැන්
කටු ඉඹුලේ නගිනවා ඇද්ද? අහෝ! මනුලොව සිටිය දී සැප සොයා මිනිසුන් කරනා
වැරදිවල විපාක ඒකාන්තයෙන් ම භයානක ය.
අපේ කථානායකයා දැන් තව
තවත් ඉදිරියට යයි.හැම තැන ම වේළී ඇඹරී ගිය දුකින් පිරුණු මුහුණු ය.නිමක්
නැති විලාප හඬ ඉවසිය නො හැක.තවත් ඉදිරියට ගිය ඔහු තවත් අසාමාන්‍ය දෙයක්
දකියි.
"මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.යනකොට දැක්කා බුබුළු දාන රතු පාට ගඟක් වගේ එකක්.ඒක හරි විසාල යි."
මෙතෙක්
කථාව අසා සිටි මට ද මේ සිදුවීම් පිළිබඳ ව සැකයක් නො තිබුණා නො වෙයි.මා ද
සොයමින් සිටියේ මෙය නිරයේ සිදුවීමක් බවට ප්‍රත්‍යක්ෂ කළ හැකි
සාක්ෂියකි.බුබුළු දාන ගඟක්....එක් වරම මට මතක් වූයේ දේවදූත සූත්‍රයේ සඳහන්
ලෝකුඹු නිරයයි.එහි මෙසේ සඳහන් වේ.
"ඔහු
ව කකුල් උඩ අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම්
වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා.එතන දී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක්
බඳු දේහයක් ඇතුවයි.ඉතින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරි සතා පැහි
පැහී එක වතාවක් උඩට එනවා.ආයෙමත් යටට යනවා...."
එසේ
නම්, දැන් මොහු පවසන්නේ මේ ලෝකුඹු නිරය විය යුතු ය.ජීවත් ව සිටි කල ඔහු
දේවදූත සූත්‍රය කියවා නැති බව ඒකාන්ත ය.බුබුළු දමන නිරයක් ගැන ද ඔහු අසා
නැති බව ඒකාන්ත ය.එසේ නම් දැන් මොහු කියන්නේ තම ඇසින් දැක්කා වූ නිරය ම
යි.බුබුළු දමන ගඟක් ලෙස ලෝකුඹු නිරය දකින ඔහුගේ කථව පිළි නො ගන්නට දැන් මා
හට කිසි අවකාශයක් නැත.
තව තවත් ඉදිරියට යන ඔහුට සැම තැනක ම
පෙනෙන්නේ විරූපී වී ගිය මුහුණු ය.සතර අතින් ඇහෙන්නේ හද කම්පා කරන විලාප
හඬයි.එක් වර ම යමපල්ලන් ඔහු බැඳි වරපට ලිහිල් කළෝ ය.'දැන් උඹ පලයන්....'
කියා ඔහු ව ඉදිරියට තල්ලු කළේ ය.ඔහුට මතක එපමණකි.
දැන් මගේ
ඇඟම සීතල වී ඇත.කිසිදාක නො දැනුනු අපමණ සෙනෙහසක් බුදු සමිඳුන් ගැන ඇති
විය.මීට වසර 2600ට පෙර උන්වහන්සේ පැවසුවේ ඒකාන්තයෙන් ම සත්‍යක් ම
යි.උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරා සම්මා
සම්බුද්ධත්වයට පත් වූයේ ද,අනන්ත අප්‍රමාණ අභියෝග හමුවේ සිරි සඳහම් දෙසා
වදාළේ ද මිනිසුන්ට අත් වන මෙම් දුක්ඛිත ඉරණම නිසා ම ය.
මජ්ඣිම
නිකායේ තුන් වන පොත් වහන්සේට අයත් දේවදූත සූත්‍රය පුරාවට ම ඇත්තේ සම්බුදු
නුවණින් දුටු මෙම භයානක අනතුර ය.මිනිස් ලොව සිටිය දී අප කොතරම් පම්පෝරි
ගැසුව ද,අවසානයේ දී අප සිතින් කයින් වචනයෙන් කළ කී ක්‍රියාවන් වලට විපාක
විඳීමට සිදුවන්නේ අප හට ම ය.නමුත් බොහෝ දෙනා උතුම් බුද්ධ දේශනා පවා නො
පිළිගන්නේ උපතින් ම අන්ධ වූ කෙනෙක් මෙලොව ඉරත් සඳත් ඇති බව නො පිළිගන්නා සේ
ය.හිරු සඳු ලොව නැති බවට විශ්වාස කළ,උපතින් අන්ධයෙකුට ඇස් ලැබුණු විට ඔහු
හිරුත් සඳුත් දකියි.දැන් ඔහුට එය ප්‍රත්‍යක්ෂ අවබෝධයකි.තවත් අන්ධයෙකුට ඔහුව
මුලා කළ නො හැක.
සායනික මරණ ලෙස ලොව හඳුන්වන මෙවැනි
මරණාසන්න අත්දැකීම් වලට ලක් වූ අය බොහෝ ඇත.බොහෝ බටහිර ජාතිකයන් ද මෙවැනි ම
නිරයේ අත්දැකීම් වලට මුහුණ දෙයි.නමුත් අවාසනාවකට නිරයෙන් නිදහස් වන්නට
උපකාර වන ධර්මයක් ඔවුන්ට නැත.ඒ අසරණයන් තව දුරටත් මිත්‍යා දෘෂ්ටියට ම
නැඹුරු වේ.
අප බුදු සමිඳුන් ජීවමානව වැඩ සිටි කාලයේ ද මෙවැනි
ම වූ අසාමාන්‍ය සිදුවීම් සිදු වූ බව විමාන වත්ථු,ප්‍රේත වත්ථු කියවීමෙන්
තහවුරු වේ.එකල ද මිනිසුන් මරණාසන්න මොහොතේ එවැනි අත්දැකීම් වලට මුහුණ දුන්
බව පැහැදිළි ය.වරක් ජේතවනාරාමයේ දී වයසට ගිය මිනිසෙකු අරබයා බුදුන් වහන්සේ
වදාළ ගාථාවකින් ද එය පැහැදිළි වේ.
බුදු සමිඳුන්ට චීවරයක්
පූජා කිරීමේ පින මතක් කර නිරයෙන් ගැලවුණු මගේ ඥාතියා දැන් දැහැමි දිවි
පෙවෙතක් ගත කරන්නෙකු බවට පරිවර්තනය වී සිටියි.උදේ සවස බුද්ධ වන්දනාව ද දැන්
ඔහුගේ දිවියේ ම කොටසකි.පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා දන් පැන් පුදන්න ද
ඔහුට ඇත්තේ බලවත් වුවමනාවකි.කිසිවෙකුටත් සිතා ගැනීමට නො හැකි ලෙසින් ඔහු
වෙනස් වී ඇත.එපමණක් ද නොව ඔහු බොහෝ දෙනෙකුට දහම් මග විවර කිරීමට ද,කුසලයේ
පිහිටවන්නට ද උපකාර කරන්නෙකු වී ඇත.ඔහුගේ අත්දැකීම ඇසූ බොහෝ දෙනාගේ ජීවිත
පුදුමාකාර ලෙස වෙනස් විය.
ඔහුගේ අත්භූත කථාව අවසන ඔහු තවත්
අපූරු යමක් අපට කීවේ ය.මෙම කථාව අසමින් සිටි පිරිසෙන්,එය විශ්වාස නො කළ
පිරිස පවා නිහඬ කළ එම වචන කීපය අප සියල්ලන් ම මොහොතක් නිහඬ කළේ ය.ඔහුගේ එම
වදන් පෙළින් ම මෙම සටහන අවසන් කරමි.
"මට
මතකයි මම එතකොට ඒ විරූපී වෙලා වේදනාවෙන් කෑ ගහන අය අතරේ මගේ යාළුවෝ කිහිප
දෙනෙකුත් හිටියා....ඒ අය දැනට ටික කාලයකට ඉස්සර මැරිච්ච අය.අපි විනෝද වුනා
වගේ ම හැම චණ්ඩි කමක් ම කළේ එකට යි.එයාලා මැරෙන්න කළින් කොච්චර චණ්ඩි
වුණත්,එහේදී බේරාගන්න කවුරුවත් ම නැහැ.දරාගන්න බැරි වේදනාවකින් කෑ මොර දෙනවා.මගේ හිතට ගොඩක් ම අමාරු, මගෙත් එක්ක එකට ම හිටපු එයාලා දුක් විඳිනවා දැක්ක ම යි..."
(උපුටා ගැනීම D.K. Kasun Sameera Dissanayak සහෝදරයාගේ ලිපි එකතුවෙනි... )
Thursday, October 6, 2011
ඔන්න කේෂාන් පොඩි 2D game එකක් හැදුව....
මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download කරගෙනම බලන්නකො. තව ගොඩක් දේවල් Add කරන්න ඔනේ.. ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකො.
මුල්ම නිර්මාණය නිසා ගොඩක් දේවල් අඩුයි. මේකට Sound ටිකක් දාන්නතමයි දැන් හදන්නෙ. ඒ වගේම දිනන්න වෙලාවකුත් දාන්න හිතන් හින්නව. ඒ ටික ඊලග Version එකේදි???
Subscribe to:
Posts (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්‍රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ල...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව . මොකද මේ .... මොකක් හරි අවුලක්ද ? බොහොම අමාරුවෙන් hand signal ද...
-
අළුත් අවුරුද්දෙත් ඔන්න පොඩි දෙයක් ලියන්න හිතුව. අද Networking වලින් ටිකක් ඈත් වෙලා වෙනස් දෙයක් ලියන්න තමයි හිතුවෙ. මම ලියපු Networki...
-
මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව . ඒ නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්න වෙලාවකුත් ...
-
ඔන්න මම අර කිවුව වැඩේ පටන් ගන්න හදන්නෙ. මොකක්ද ඒ වැඩේ. හපොයි ඒ ටිකට මතක නැද්ද???? එහෙනම් මේක බලල ඉන්නකො. අන්න ඒ වැඩේ තමයි පටන් ගන්න හදන්නෙ.....
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
පොඩි විවේකයකින් පස්සෙ ඔන්න තවත් පොඩි පාඩමක්. අදත් subject එකනම් networking තමයි. switch එක ගැන පොඩි විස්තර ටිකක් තමයි කියන්න යන්නෙ. මුලි...
























